(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
රාජගිරිය ප්‍රදේශයේ පිහිටි නිවසක ගෘහ සේවයේ නිරතව සිටි කාන්තාවක එම නිවසෙහි දේපොළ සොරා ගත් බව කියන පැමිණිල්ලකට අනුව ප්‍රශ්න කිරීම සඳහා වැලිකඩ පොලිස්ට රැගෙන ආ අවස්ථාවේ හදිසියේ රෝගාතුර වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ බදුල්ල ප්‍රදේශයේ පදිංච ආර්.සෙල්වරාසා කුමාරි 45 නමැති තැනැත්තියකි.
මෙම කාන්තාව සේවය කළ නිවසේ අයිතිකාරිය කළ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගෙන ඇත.
එම පැමිණිල්ල මත සේවිකාව පොලිසියට කැඳවා ගෙන එනු ලැබූ අවස්ථාවේ හුස්ම ගැනීමට අපහසු බව කීම නිසා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම ගෘහ සේවිකාව මියගිය බව පොලිසිය කීය.
පොලිසිය මෙම මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ ඉන්න කොට මැරිච්ච එක්කෙනාගේ මරණේ ගැන පොලිසියමද පරීක්ෂණ කරන්නේ?
වතු වල සේවය කල බොහොමයක් පිරිස් දැන් දැන් එම කටයුතු අතහැර කොළඹ හා නගරයේ විවිධ රැකියා සදහා යනවා එහෙම ගියාම ඔවුන් ගැන විශ්වාසය නිසා හොරකම් කරන්නත් යොමුවෙලා ඉන්නවා කොහොම වුනත් නිදහස ලැබෙන අවස්ථාවේ බුරුමය කලේ තොපේ සේවකයිනුත් අරගෙන පලයල්ලා කියලා වුනත් ලංකාවෙ මිනිස්සු එතකොට වතුවල වැඩ කරන්නෙ කවුද කියලා නවතා ගත්තා එනිසා ඉදිරියේ වතුවල වැඩ කරන්න කෙනෙක් නැතුව යාවි ඒවා කරන්න නවතා ගත්තු මිනිස්සු රටේ පාලනය කරාවිද සැකයි
ඇත්තම කතා කරමු.. පොලිසියට ගේන්න ඇත්තෙම මරන්න වෙන්න ඇති. අපි නොදන්න පොලීසිය.