ගිරිබාව නිරාවිය සෝලෙ වැව මාර්ගයේ තාර ගැළවී දැඩි ලෙස අබලන් වී ඇතැයි කියමින් අද අලුයම පහේ සිට කොට දමා පාර හරස් කළ ගැමියෝ මහා සංඝරත්නය පෙරටු කරගෙන උද්ඝෝෂණයක් කළහ.
ඒ නිසා ගල්ගමුව දක්වා බස් ගමනාගමනය ද අවහිර විය.
මේ අතර මාතලේ කලුදෑවල සිට පාරාවත්ත පාර පිළිසකර කර දෙන බවට දුන් පොරොන්දුව මෙතෙක් ඉටු කර නැතැයි කියමින් කලුදෑවල භාවනා මධ්‍යස්ථානාධිපති බඹරකිරිඇල්ලේ සුමනරතන හිමි ඇතුළු ගම්වාසීහු කලුදෑවල පාළම අසළ උද්ඝෝෂණයක් පැවැත්වූහ.
(ගිරිබාව විරෝධය - ඡායාරූප සංජීව රත්නායක)
(මාතලේ කලුදෑවල උද්ඝෝෂණය - ඡායාරූප මහේෂ් කීර්තිරත්න)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කොච්චර හොදද මිනිස්සු මේ විදියට පාරට බැහැලා පාර හදා ගන්න උත්සහ කරන එක?මතක තියාගන්න ඊලග චන්දේ අත ළඟ ඊට ඉස්සෙල්ලා පාර හදා ගන්න බලන්න(දිල්)
ඡන්දෙ ලං වුනොත් විතරයි දේශපාලඥයින්ට පාරවල් මතක්වෙන්නේ.(නදී)
ගොඩක් තුති, මේ පෙදෙස අයිති ආසනයත් මන්ත්‍රීවරයගේ නමත් දානවා නම් දැනගන්න පුලුවන් කව්ද මේ වැඩ නොකරන මන්ත්‍රී කියා.(නදී)
හම්බන්තොටට හැර දිවයිනේ අනෙකුත් සෑම ප්‍රදේශයකම පාරවල් සාදා ගැනීමට දැන් ජනතාවට පාරට බැස අනිවාර්යයෙන්ම උද්‍ඝෝෂණය කලයුතු තත්වයක් උදාවෙලා. ඉතාමත් කනගාටුදායක තත්වයක් මේක.(නදී)