සහනාධාර පොහොර වෙනුවට ලබන වසරේ සිට එම මුදල ගොවියාට ලබාදිමට රජය එකඟතාව පළ කර ඇතැයි පිවිතුරු හෙටක් ජාතික සභාවේ කැඳවුම්කරු, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසුහ.
පසට එක්වන විෂ රසායනික ප්‍රමාණය අවම කරගැනිමේ අරමුණින් රජයෙන් කළ ඉල්ලිමක් අනුව ජනාධිපති, අගමැති හා කෘෂිකර්ම ඇමැති මීට එකඟතාව පළ කර ඇතැයි කී අතුරලියේ රත්න හිමියෝ වස විසෙන් තොර පාරම්පරික ගොවිතැනට යළි මුලපිරිම සඳහා මෙම වැඩපිළිවෙළ හේතු වනු ඇතැයි ද කියා සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලෝචිත අදහසක් (නි)
අවුල් ජාලයකට මග පැදීමක්. (ස)
සල්ලි අතට දුන්නත් එ්කෙන් කරන්නෙත් පොහොර ගන්න එකමනේ අපේ හාමුදුරුවනේ...(බ)
මේ කියන ලෙසම කෙරෙනවා නම් ඉතාම හොඳයි (නි)
මෙසේ කිරීමෙන් පමණක් අරමුණු සඵලවේද? (නි)
පන්සලට ගිහින් බණක් භාවනාවක් කලානම් නේද හොද? කරන්න බැරි දේවල් නොකියා......... (ම)
ලංකාවට ප්‍රමිතියට අනුකූල පොහොර ගෙන එන්න. ඒ වගේම ගොම, එළු පොහොර වැනි දෑ භාවිතය වැඩි කරන්න. (නි)
ලෝකයේ ගොවිතැන දියුණු රටවල් කරන ලෙස කළයුත්තේ ප්‍රමිතියෙන් යුතු පොහොර ගොවීන් හට බෙදාදීමයි. මුදල් බෙදාදීමෙන් දුන් මුදල අවසන් වනතුරු ගොවියන් විවිධ කටයුතු වල යෙදේවි (නි)
එතකොට පුළුවන්නේ ඇමරිකන් කොම්පැනි වලට එයාලගේ පොහොර විකුණගන්න ලේසියෙන්ම! මොකද වෙළදපොළේ තියන ඒවානේ ගොවියට ගන්න වෙන්නේ! (ම)
යහපාලනේ කියන්නේ අවුලක් විතරයි නේද. කවුද දන්නෙ නෑ මේ තීරණ ගන්නේ. හැමදාම කරන්නේ පය බරවායට පිටිකර බෙහෙත් බඳින එක. (ම)
ලංකාවේ ගොවියාට සහ ගොවිතැනට අතීතයේ වුණ දෙය නැවතත් සිදුනොවේවා කියා පතනවා (නි)
මේ ක්‍රමය සාර්ථක වෙයි කියලා විශ්වාසද? (නි)
පොහොර ටිකත් නැතුව, සල්ලිත් නැතිවෙලා, ගොවි ගෙදරටත් හෙණහුරා වදියිද දන්නේ නැහැ (නි)
අතීසාරයට අමුඩ ගහලා හරියන්නේ නැහැ. ගුණාත්මක පොහොර ලබාදෙන්න. නැත්නම් නොදී ඉන්න. බඩගින්නේ ඉන්න මිනිහාට බිලී පිත්තක් මිස මාලුවෙක් දීමෙන් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ (නි)
අපි ඒකත් කරලා බලමු එහෙනම් (නි)
ඊ.පී.එෆ් එක කලින් දුන්නා වගේ වැඩක්.(රේ)
සුමිත්ගේ අදහසට මම එකඟයි (නි)
ඉතාම හොඳ වැඩක්. හැබැයි දැන් පොහොර කොහොම වෙතත් සල්ලි ටිකත් නැතිවෙයිද දන්නෙ නැහැ, බීමට වියදම් කරලා. (නි)
ගොවියාට මුදල් දී වස විස අඩුකරන්න තැත්කිරීම හිසේ අමාරුවට කොට්ටය මාරුකිරීමක් වගේ වැඩක්. ඔය මුදල් වලින් ගොවියා දැන් පරිසර හිතකාමී පොහොරම මිලදීගනීද? (නි)
මේක කරන්න පුළුවන් යෝජනාවක් ද කියල ඉස්සරවෙලා කල්පනා කරල බැළුවොත් තමා හොඳ, ඵලදායිත්වය හා ප්‍රායෝගිත්වය පිළිබඳව නම් ගැටළු එමටයි. අන්තිමේදී පාසැල් සිසුන්ට නොමිලේ පෙළ පොත් ලබාදීම වෙනුවට ඊට සරිලන මුදලක් ලබා දීමටත් යෝජනා වේවි, යහපාලනය පරිස්සමින් පරිහරණය කිරීම ගුණදායකයි.(රේ)
පොහොර ගැන විතරද කතා කරන්නේ? වෙනත් වියදම් ගැනත් කතා කරන්නකෝ. අනික දැන් බලන්න කොච්චර කුඹුරු ගොඩකරනවද කියලා. අනිත් අතට ජනගහණය වැඩිවෙනවා. අනාගතයේදී ආහාර ගැටළුවක් අනිවාර්යයෙන්ම එනවා (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
මොනවා කළත් කමක් නැහැ, ගොවිතැන මේ රටින් තුරන් කරන්න නම් එපා. මොකෝ පැට්‍රල් මිල අඩුකළා කියලා, ත්‍රීරෝද වල ගාස්තු අඩුකළාද ? (නි)
ගොවියන්ට සල්ලි දීලාවත්, උපදෙස් දීලාවත් වැඩක් නැහැ. උදව් කරන්නයි, අඩු වියදමෙන් වගාකරන හැටි කියාදෙන්නයි ඕනෑ. (නි)
මෙහෙම විකල්ප කරන්න පුලුවන්ද සල්ලි දුන්නට ගොවියන්ගේ ගොවිතැන් පොහොර නැතිව කරන්න බැහෙැ. ඒකට ක්‍රමයක් හදන්න බැරුව නිකම් බොරු කියන්න (බ)
ඔය සුරංගනා කතා වලින් අපිට වැඩක් නැහැ. ඔබතුමා වැඩක් කරලා ඉවර වෙලා ඒක ගැන කතා කරන්න. (ස)
මම නම් හිතන්නේ සල්ලි අතට දෙන එක සුදුසු නැහැ (නි)
හොඳ තීරණයක් (නි)
ප්‍රශ්න වලින් මඟහැර යාම සුදුසු නොවේ (නි)