මුන්නේෂ්වරම් ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිලේ වාර්ෂික මහා සත්ත්ව බිලිපූජාව මෙම වසරේදී ද නොපැවැත්වෙන බව ප්‍රධාන පූජක සිවපාක්‍ය සුන්දරම් පවසයි.
හලාවත ප්‍රාදේශීය සභාව මෙම බිලිපූජාව පැවැත්වීම සඳහා අවසරය ලබාදී නොතිබීම මීට හේතුවයි.
පෙර අවස්ථාවලදී කිසිදු බාධාවකින් තොරව සතුන් බිලිදීම සිදුවූවත් විවිධ සංවිධාන මැදිහත්ව සතුන් බිලිදීමට එරෙහිව අධිකරණයේ නඩු පැවරීම ඒ සම්බන්ධයෙන් මහජන මතයක් ඇතිකිරීමටද හේතුවිය.තීන්දුව ලබාදුන් හලාවත දිසා අධිකරණය නියෝග කළේ පළාත් පාලන ආයතනයේ අවසරය ඇතිව මෙම බිලිපූජා පවත්වන ලෙසය.
හලාවත ප්‍රාදේශීය සභාවෙන් මේ පිළිඹද විමසූ විට එහි බලධරයින් ප්‍රකාශ කළේ මෙම අවසරය ලබාදිය යුතු හලාවත ප්‍රාදේශීය සෞඛ්‍යය වෛද්‍ය අධිකාරීවරිය එම අවසරය ලබාදී නොමැති බැවින් සතුන් බිලිදීමට අවසර ලබානොදුන් බවය.
‘‘සතුන් ඝාතනය කරන්න අවසර ලබාදෙන්න නම් කොන්දේසි 6 ක් පිළිපැදිය යුතු බව අපි දේවාලයේ පූජකයින්ට දැනුම්දීලයි තිබෙන්නේ.නමුත් ඒ සම්බන්ධයෙන් ඔවුන් නිසි ප්‍රතිචාරයක් දක්වා නැහැ.ඒ නිසා බිලිපූජාවට අවසර ලබාදීම අපහසුයි.‘‘ හලාවත ප්‍රාදේශීය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂකවරිය වන සන්ධ්‍යා හේරත් මහත්මිය පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුන් ඝාතනය තුලින් ලැබෙන්නේ මොකක්ද ? එතුලින් නැවත මිනිසත් බව ලැබීම නැතිවී අපා ගතවනවා ලොකු පිනක් කරලා තියෙන්නේ නීතය තුලින් නේපාලයේ මේ දේම කරලා පසුවදා භූමිකම්පා ඇති වුණා මතකනේ (අ)
හින්දු ආගමට අනුව බිලිපූජාව අනිවාර්ය වුණත් මිට්‍ය විශ්වාසයක් මත සත්ව ජීවිත නැති කිරීම හද කම්පා කරනවා .සතුන් නොමරා ඔය පුජාව කළහැකි විකල්පයක් නැත්ද .(අ)
අහන්නට ලැබුණු වටිනාම ලිපිය. නිලධරිනියට තුතී. සතුන්ට අපිට වගේම නිදහසේ ඉන්න ඉඩදෙන්න.සතෙකු බිලි දී කිසිම සැපයක් නොලෙබේ. නේපාලය සිහියට ගන්න. (අ)
බිලී පුජා ලංකාවෙන් තහනම් කරන්න ව්‍යවස්ථාවට ඇතුලත් කළ යුතුයි . (හේ)
හැමදාම අවුරුද්දෙම ඔය පුජාව නතර වෙනවා නම් හොදයි.(හේ)
මා පුද්ගලිකව මෙම දේවාලයට ගොඩ වදින්නේ නැහැ. කාලී යක්ෂණිය අදහන නිසා සහ මේ දියුණු ලෝකේ පිටු දැකිය යුතු මිලේච්ඡ බිලි පූජා සිදුකරන නිසා. බොදුණුවන් ද මෙහි පුදපූජා හා ප්‍රාණයට අන් අසරණ සතෙකුගේ (තමන්ගේ ප්‍රාණය නොවේ) පණ ඔවුන්ගේ මිත්‍යා විශ්වාසයනට කැප කරනවා. බොදුනුවනි මෙම මුන්නේස්වරම් දේවාලයට යාමෙන් වලකින්න. බුද්ධ දේශනාව ප්‍රාණ ඝාතනය හා මිත්‍යා විශ්වාස අනුමත නොකරන බව ඔබ දන්නවානේ. අර ඉරිදාට තියෙන එක්තරා පුවත්පතක මිත්‍යා වපුරන අදහස් පිළිගන්න එපා. ඔවුන් පුවත් පත විකුණා ගන්න ඕනෙම පහත් දේවල් කරන උදවිය. (නදී)
කාලෙකින් අහන්න ලැබුනු සතුටුදායක ලිපියක්. මැදිහත් උන සියළු නිලධාරීන්ට ප්‍රණාමය (නදී)
සන්ද්‍යා හේරත් ඔබට අපේ ආචාරය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය දුන් ආදර්ශය දැන් රට පුරාම ක්‍රියාත්මක වන බව පෙනේ (නදී)
දිනකට සතුන් දහස් ගණනක් බිලිදෙන සත්ව ගොවිපලවල් ලංකාවේ කොපමණ තියෙනවද ? සැම නගරයකම කුකුලන් මරණ කඩ තියෙනවා නේද? (නදී)
දිසා අධිකරණය ඇඟ බේරාගෙන ඇති අතර සෞක්‍ය වෛද්‍ය අධිකාරී වරිය කෙලින් රාජකාරිය කර ඇති බව මේ ලිපියෙන් පෙනෙනවා (නදී)
සෞඛ්‍ය වෛද්‍ය නිලදාරී තුමියනි උපරිම කොන්දේසි පනවන්න (නදී)
මහත්පල, මහත් ආනිසංස ලැබෙන කුසලයක්. (නදී)
මෙය මිනිස්කම සහ තිරිසන්කම් අතර වෙනස පෙන්නන දේවල්. "සමහරක්ට" තාම තිරිසම් ගතිය අත අරින්න අමාරුයි (අ)
මේකේ ගරු නම යන්න ඕනේ මර්වින් සිල්වාට .(අ)
බිලිපුජා පවත්වන්න පුළුවන් රටකට දේවාලය අරන්යන්නයි තියෙන්නේ.අපේ අය කොච්චරවත් පිටරට යනවද දෙවාලවල් වන්දනා කරන්න. (අ)
කාලෙකින් අහන්න ලැබුණ සතුටුදායක පුවතක්, (අ)
අනේ ඉතාමත්ම හොඳ වැඩක්. අහිංසක සතුන්ට තව කාලයක් ජීවත් වීමට් ඉඩ ලබාදුන්නාට පළාත් සභාවේ සියලු දෙනාට පින්. (අ)
කොන්දේසි මතවත් සතුන් මරන්න අවසරය දෙන්න එපා. (අ)
මෙහි ප්‍රණාමය මර්වින් සිල්වා මහතාටත් ලැබිය යුතයි.(නදී)
එහෙනම් මස් මාලු බිත්තර කන්න එපා. එතනත් ජීවිතයක් නැති වෙනවා (නදී)
ඔව් අනේ මේ මොන නීති දාලාවත් ඔය කාලකන්නි වැඩේ කරන්න එපා. පේනවනේ නේපාලය විදපු දුක. අද ඒක නිසා එයාලගේ ජනාධිපති මැදිහත් වෙලා ඒක නවත්වලා. (නදී)
ඒක ඉතාම උතුම් පින්කමක්. කාන්තාවක් වෙලා ඇය ගත් කොන්ද පණ ඇති තීන්දුව අනිත් අයත් ගන්නවා නම් තවත් ගොඩක් ප්‍රාණගාත නවත්තන්න පුලුවන්. ජයනාත් කිව්ව වගේ එක්තරා පුවත්පතක ඕවා රස කරල ලිපි ගණනාවක් පල වුනා. ඒ වගේ මිනිස්සුන්ව මුලා කරනවට හෙන ගහන්න ඕනේ. (නදී)
මේ රටේ හරක් මරණ එකත් තහනම් වේවා (නදී)
නව්ෆල් ....කොහොමටත් ...එකෙන් මිදෙන්න කැමති නෑ නේද ?....(අ)
නිලධාරීතුමට බොහොම පිං (අ)
සමන්ති ඔබේ කතාවත් ඇත්ත.මේ මස් පිණිස කරන සත්ව ඝාතන 80% පමණ නවත්වන්නට පුළුවන් බෞද්ධ අපටමයි. ජෛන ආගම හා බුද්ධ දර්ශනයෙන් පමණයි ප්‍රාණ ඝාතනය පිටු දැකල හා වලකින්න අවවාද කරලා තිබෙන්නේ. මන්ද බොදු දර්ශනය මිනිස් බුද්ධියට ආමන්ත්‍රණය කරනවා. බෞද්ධ දර්ශනය හරිම උතුම්. පළමුවෙන්ම කියලා තියෙන්නේ පර පන නැසීමෙන් වලකින්න කියලයි. අපි හරියට පිළිපදින්නේ නැහැ මේ උතුම් දර්ශනය, ඉතාම සීමිත පිරිසක් හැර වනවාසී භික්ෂුන් හා සමහර භික්ෂුන් ගිහියන් වැනි. මන්ද මේ තරඟකාරී ආර්ථික හා සංකීර්ණ ජීවන රටාවන්ට හුරු වන්න සිදුවී ඇති නිසා. අනිකුත් ආගම්වලට මේ ක්‍රියාව ප්‍රායෝගික නැහැ. බොදුනුවන් එක මාසයක් කිසිම මාංශ පරිභෝජනයක් අත්හැරියොත්...? මෙය විවාදාත්මක කතිකාවතක් තවමත්...!(නදී)