ජනාධිපතිවරණය සමයේ පොදු අපේක්ෂක වේදිකාවක් සකසමින් සිටි එජාප ආධාරකරුවකු වන ශාන්ත දොඩම්ගොඩ වෙඩි තබා මරා දැමීයැයි කියන සිද්ධියේ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්කි විභාගය අතරතුර රිමාන්ඩ් බාරයේ සිටින කහවත්ත ප්‍රාදේශීය සභාපති වජිර දර්ශන ක්ලාන්ත වීම නිසා විත්තිකුඩුවේ පුටුවක වාඩි කරනු ලැබීය.
පැල්මඩුල්ල මහේස්ත්‍රාත් දිනේශ් ලක්මාල් ද සිල්වා මහතා ඉදිරියේ පැවැති සාක්කි විභාගයේ දී දෙදෙනෙක් සාක්කි දුන්හ.
හිටපු නියෝජ්‍ය ඇමැති (සන්ධාන) ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලි) ද මෙහි සැකකරුවෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලය හැමදාම නෑ.ඒක දැනගෙන වැඩ කරනව නම් කාගෙ කාගෙත් ඇඟට හොදයි. කූඩුවෙදි මෙහෙම බය වෙනව නම් අර මැරිච්ච මනුස්සයට ඒ වෙලාවෙ මොනවා හිතෙන්න ඇද්ද ?(දිල්)
වැඩේ දෙනකොට නම් පොල්ලෙන් හරි කැත්තෙන් හරි ගේම දිනන්න නේද හිටියේ? මොනවා කරන්නද? ඉදිරියට ලැබෙන පංගුව ගැන දැන් මතක්වෙනකොට ඉබේටම ක්ලාන්තය හැදෙනවා (නි)
උපරිම දඬුවම් දෙන්න (නි)
හොඳ හොඳ නැටුම් එළිවෙන ජාමෙට මල්ලි. දැන් ඉතින් වමාරපන් කාපු සාටක පරිප්පු. හොඳ වැඩේ කුලියට කහින්න යනවට. දැන් ඉතින් කුඩුවේ කුරු ගනින්න බලාගෙනඉන්න. (අ)
මේවගේ දේවල් නම් හොද පාඩම් (දිල්)
මේ අය කරපු ඒවාට අපිටයි කලන්තේ හැදෙන්න ඕන. (හේ)
අනේ පවු මෙයාට වෙච්ච දෙයක්.(හේ)
කරන කලට පවු මීරිය මී සේ - විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ (නි)
එහෙමත් වෙනවද? අනේ පව් එයා දේශපාලන විද්‍යාව හදාර හදාර ඉන්න කෙනෙක් වෙන්න ඇති. ප්‍රායෝගික පරීක්ෂණ වෙන්න ඇති. පව් සමත් කරල දෙන්න. ඊට පස්සේ වීරයා වගේ අත් දෙකේ මාංචු දාගෙන හිරේට ගියාම ඇමති කමකට සුදුසු කමක් වෙනවානේ. ඊට පස්සෙ තව දූෂණ කිහිපයක් හරි කලාම තව තව අමාත්‍යාංශ කිහිපයක ඇමති. කෙනෙකුගේ ගමනට අකුල් හෙලන්න අපා අධමයිනි. සුභ පතපල්ලා ඊර්ෂ්‍යාව අතහැරලා. (නදී)
දැන් කට්ටිය එයි බේරාගන්න. බලාගෙන ඉන්න (නි)
චොකා මල්ලි කියන්නේ කලවානෙත් මිනී මැරුමකට සම්බන්ධ කෙනෙක් නේද? (නදී)
ජබර කලන්තේ හැදෙන්න ඇති. (නදී)
අනේ! මෙයාටත් මතක නැතිවෙයි වගේ (නි)
මල්ලි ........කට්ටිය එකතුවෙලා වැඩේ දුන්නට දැන් තනි තනියම තමා කන්න වෙලා තියෙන්න. (අ)