ලග්ගල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගේ පුතා පාසල් සිසුවකුට වෙඩි තැබු බව කියන පතුරොම් තුවක්කුව අද උදෑසන ඔහුගේ නිවසේ තිබී සොයා ගත් බව ලග්ගල පොලීසිය කියයි.
මේ සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් ප්‍රාදේශිය සභා සභාපතිවරයාගේ පුතා වන ලෙස්ලි කන්නගර (41) හා ඔහුගේ මිතුරා නාවුල මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතය.
තුවාල ලැබු පාසල් සිසුවා මේ වන විට මාතලේ මුලීක රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන් එලවපු වාහනය ත්‍රි විල් එකක හැප්පුනට වෙඩි තියන්න මෙයා මොන තරම් පාතලයෙක්ද. හොද වෙලාවට ත්‍රි විල් රියදුරාට වදින්නේ නැතුව ලග තිබුන විදුලි කණුවක වැදිලා පොඩි එකාට තුවාල වෙලා තියෙන්නේ. මෙයා ජනාධිපතිටත් වැඩියේ ලොකු කෙනෙක් වගේ ඉන්න හදන්නේ.(නදී)
බන්දුල පඩි තුමා, මට නම් ඉන්නේ කෙල්ලෝම දෙන්නෙක්. කොහොමත් අර ටුවර් එක නම් යවනවාමයි. ඔබතුමාගේ වගේ කොල්ලගෙත් මොලේ පැදෙන්න. (නි)
මෙයාව අපි යොවුන් පාර්ලිමේන්තුවට පත් කරමු.(නදී)
දවස ගානේ ප්‍රාදේශීය සභා ගැන විශේෂාංග පුවත් යනවා වගේ. අනේ හරි හොඳයි. (ස)
අනවසර ගිනි අවි භාවිතය බරපතල වරදක්.ඒකට මෙයාට දඩුවම් ලැබෙයි.හැබැයි මෙහෙම දෙයක් කියන්න තියෙනවා.ඔය පතුරු ඇරලා අදහස් දාන කෙනෙක් පොඩ්ඩක් වාහනයක් තියේ නම් මෝටර් සය්කලේ වුනත් කමක් නැහැ.ඔය ත්‍රීවිල් එකක පොඩ්ඩක් ගාවල බලන්නකෝ තුවක්කුවක් හොයාගෙන ඇවිල්ලා හරි වෙඩි තියන්න හිතෙන්නේ නැද්ද කියලා.මම කියන්නේ අත්දැකීමෙන්.. (නි)
අවුරුදු 41ක පුතා අවුරුදු 7ක පාසැල් සිසුවාට වෙඩි තිබ්බේ මොකටද? ප්‍රවෘත්තිය පැහැදිලි මදි වගේ නේද? දන්න කෙනෙක්වත් පොඩ්ඩක් පැහැදිලි කරනවාද?(නදී)
පාර්ලිමේන්තුවේ, පළාත් සභාවේ, ප්‍රාදේශීය සභාවේ ඉන්නේ මේ වගේ අයද ? (නදී)
අනේ මන්දා, ධර්මසෙන පඩිතුමා මොනවා කියනවද කියලා.කෙල්ලෝ දෙන්නෙක්ලු ඉන්නේ.කොල්ලෙක් ගැනත් කියනවා. කොහොම වුනත් අර බස් එකේ නම් නග්ගන්න එපා.කෙල්ලෝ දෙන්නගේ කෑලි හොයන්නවත් බැරී වෙයි. කොල්ලටත් බේරෙන්නනම් බැරි වෙයි. ඒ තරමට වසලයෝ වගේම වසවර්තියෝ ටිකක් ඒ බස් එකේ යන්නේ. බලන්නකෝ දාන අදහස් දිහා. ආණ්ඩුව පෙරලගන්න බැරුව ආවේගෙන් ඉන්නේ.. ඒවා බල බලා කොල්ලෝ හරි කෙල්ලෝ හරි බස් එකට නග්ගනවද ..? (නි)
ඉතාමත් හොඳ ප්‍රවනතාවක්. වර්ෂ 2020 විතර වනවිට දැනට පවතින යහ පාලනයට සාපේක්ෂව අපේ මේ ලක් බිමත් තවත් ඉතාලියක් ඔස්ට්‍රේලියාවක් වගේ වෙලා පිට රැටියන් මෙහි රැකියා සොයමින් බෝට්ටුවලින් එන්න පටන් ගනීවී. 2020 පමණ වන විට අපේ පාර්ලිමේන්තුවේ තත්වයත් දැන්ම තියා උපකල්පනය කරගන්න පුළුවන්. ඉදිරියටම යමු. එදිරිවාදීන් මරා තුවාල කර අතුදහන් කරමින් ප්‍රාදේශීය සභාවලින් පටන් ගත්තු එක දිගටම කරගෙන යමු. අහෝ ආශ්චර්යක මහත.(නදී)
දැන් ටික ටික අශ්චර්යට ලගාවෙමින් පවතී (අ)
ඒ පුතාත් අර පුතාට වුනා වගේ නින්දෙන් සිසුවට වෙඩි තියන්න ඇති.... පව් හොද පොඩි එකා... (නි)
තමන්ගේ තාත්තලා නම්බුකාර හොරුනම් නම්බුකාර වංචාකාරයෝ නම් , වැදගත් විදිහට අල්ලස් ගන්නවානම්, ලෝකේ තියෙන හොදම මත්පැන් වර්ග පානය කරනවානම්, චණ්ඩින්ට හිරිහැර කරන අහිංසකයන්ට දඩුවම් දෙනවා නම්, දරුවොත් නිකන් ඉදිවීද.(නදී)
වැරදි කරන අයට රාජ්‍ය ආරක්ෂාව. ඉතින් බයවෙන්නේ මොකටද ?(නදී)
හොයාගත්තේ පතොරම් තුවක්කුවක්, නමුත් සිද්ධිය වෙලා තියෙන්නේ රිවෝල්වර් උණ්ඩයකින්?? අහෝ! ආශ්චර්යක තරම (නි)
ඒ ළමය පහුවෙලා එයාටම වෙඩි තියා ගත්තා කියයිද දන්නේ නැහැ. එහෙම නැත්නම් නින්දෙන් ඇවිදින ගමන් කොකා ගස්සන්න ඇති. එයට දැන් සේරම අමතකද දන්නේත් නැහැ. 2020 ආශ්චර්යයට යන එක දැන් ෂුවර්. (නි)
අවුරුදු 7 ළමයෙකුට වෙඩි තියන්න මෙයාට පිස්සුද? (නි)
හත් ඉලව්වේ! මේ ප්‍රවෘත්තිය කලින් දැක්ක වෙලේ මං හිතුවේ පොඩි ළමයෙක් සෙල්ලමට වෙඩිතියලා කියලනේ. බැලුවාම ආයුද පෙන්නන්න එක්ක යන්න පුළුවන් සයිස් එකේ කෙනෙක්නෙ. (නි)
මෙම සභා සියල්ල අවලංගු කර විශේෂ කොමසාරිස් පාලනයක් ඇති කරමු (නි)
බන්දුල පඬිතුමා,මගෙත් කොලු ගැටයෙක් ඉන්නවා කරදඬු උස් මහත් වුන. ඒකාටත් දේශපාලන උණ හැදිලා. නමුත් ඔබතුමා වගේ නෙමේ යන්නේ වැරදි පාරේ. ඔබ ගිය පාසලේ නම දැනගත්තා නම් කොල්ලව ඒකටවත් යවන්න තිබුනා. කොලුවා නිතරම හිතන්නේ පත්තරේට අදහස් දාලා ආණ්ඩු පෙරලන්න. තව කියනවා යුද්ධෙ ඉවර වුන ගමන්ම යහ පාලනෙත් ඉවර වුනාලු. පොඩි පුතෙක් අතින් වැරදිලා වෙඩිල්ලක් පත්තු වුනාම කෑ ගහන්නේ හරියට මීට කලින් වෙඩි සද්දේ ඇහිලා නෑ වාගෙලු.මටත් හිතුනා ඔබතුමා කියලා තිබුනා වගේ කොල්ලව, අර අදහස් දක්වන අයගේ බස් එකේ නග්ගලා, කුරුල්ලෝ බලන්නත් එක්ක මත්තල පැත්තේ රවුමක් යවලා, හාබර් එකට පැනලා දිය බුං පාරකුත් ගහලා එන්න සවාරියක් යවන්න. එතකොටවත් ඔය මොලේ අමාරුව හොඳ වෙයිද කියලා බලන්න. (නි)
ධර්මසේන පඩිතුමෝ,හොදටම විශ්වාසද කොල්ල ඔයාගෙම කියලා.මොකද කොල්ලා දෙපැත්තට කෑ ගහන්නේ.කොහොම වුනත් කොල්ලට ආදරේ නම් හොද වෙදෙකුට පෙන්නන්න. සවාරි ඇරියට ඔය ලෙඩ හොද වෙන්නේ නැහැ. ඒ වගේම ආරෙට එනවා නම් ඉතින් බෑඩ් ලක්..පොඩ්ඩක් කොන්ට්‍රෝල් කරගන්න විතරයි පුළුවන් වෙන්නේ. ඔබතුමාට ඔබතුමා ගැන ෂුවර් නේද..? (නි)
හදපු එවුන්ටම පාරාවළල්ලක් වෙලා තියෙන මේ සමානුපාත චන්ද ක්‍රමේ වෙනස් වෙනකම් දේසපාලනයත් එක්ක මැර බලය සංයෝජනය වෙන එක නවත්වන්න බැහැ.කොහොම උනත් ආණ්ඩුව පතුරු ගහන්න බලන් ඉන්න එවුන්ට හොද අවස්ථා ටිකක් පහල දේසපාලනේ දිනපතා හදල දෙනවා..මෙතන සිදුවීම දෙසපාලකයෙක් නෙමෙයි පුතෙක් පුද්ගලික ආරවුලකදී තියපු වෙඩි පාරක් ලයිට් කණුවක වැදිලා ලිස්සල ගිහින් අහල ගෙදරක හිටපු ළමයෙකුට වැදිලා.ගිනි අවිය අනවසරනම් වරදේ ප්‍රමාණය අනුව මෙයට දඩුවම් ලැබෙයි.සබාපති කෙනෙකුට ඊයේ පෙරේද මරණ දඩුවමත් හිමි උනා මතකයි.ගොඩක් අය කොමෙන්ට්ස් වලින් ආණ්ඩු පෙරලන්න හදනවා. අන්තර් ජාලේ බාවිතා කරන ප්‍රතිසතයත් එකෙන් චන්දෙ දෙන්න සුදුසුකම් සපුරපු කට්ටියත් එකෙනුත් පත්තර බලන කට්ටියත් baluwama එකෙනුත් ඔය කොඅමෙන්ට්ස් බලන දාන කට්ටිය බස් එකකට දන්නා පුළුවන් ඇති මම හිතන්නේ..(අ)