
(ජේ.ඒ.එල් ජයසිංහ)
ස්වභාවික විපත්වලට පත්ව අසරණ වූ ජනතාවට විවිධ පරිත්‍යාගශීලීන් දුන් පානීය ජල බෝතල් තොගයක් මහනුවර ගඟවට කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සතු කැබ් රියකින් රැගෙන ගොස් අම්පිටිය හන්දියේ රතු බෝක්කුය අසල ආපන ශාලාවකට විකුණූ බව කියන එම ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ රියදුරකු අසල තරුණ පිරිසක් අල්ලා මහනුවර පොලීසියට බාර දුන්හ.
මෙම වතුර බෝතල් පැහැරගෙන ගොස් මුදලට කඩවලට විකුණූ රියදුරාගේ වැඩ තහනම්කි රීමට පියවර ගන්නා බව මේ පිළිබඳව විමසීමේදී ගඟවට කෝරළේ ප්‍රාදේශීය ලේකම් අමිල නවරත්න මහතා පැවැසීය. එම රියදුරා සේවයට බැඳී සති කීපයක් වන බවද ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය.
ආපදාවන් වලින් විපතට පත් ජනතාවට නොමිළේ බෙදා දීමට පරිත්‍යාගශීලීන් ලබාදුන් මෙම වතුර බෝතල් හොර පාරෙන් මිළදී ගත් හෝටල් හිමියාට ද එරෙහිව නීතීමය පියවර ගත යුතු බව එම සොරකම අල්ලා දුන් මහජනතාව පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජන්මයට වඩා පුරුද්ද ලොකුයි නේ
අනිවාර්යෙන් පසුගිය ආපදා වලින් ගසා කාපු පුරුද්ද,
අපේ පක්ෂෙ සාමාජිකත්වයත් තහනම් කරන්න වෙනවා දැන්. අපරාදේ.
රැකියාවට ඇවිල්ලා සති දෙකයි.. එහෙනම් හිතා ගන්න ඇහැකි මොන පැත්තේ එකෙක්ද කියලා. බලාල්ලා තරුවකුත් කැබ් එකේ ගහලාද කියලා...
තිඹිරිගස්කටුවේ ආප්ප කඩේ.... නෑයින්ට බෙදුවා.
තරුණ පිරිසට අපගේ උත්තමාචාරය... හෝටල් කරුට දෙන දඩුවමක් හැටියට හෝටලයෙන් ආහාර ගැනීම මාසයකට වර්ජනය කරන්නට ජනතාව පොළඹවන්න. එමගින් ඔහුව යහමගට ගතහැකි වෙයි.