අනුරාධපුර දිසා අධිකරණයේ නියෝගයක් මත ගලෙන්බිඳුණුවැව ප‍්‍රාදේශීය සභාවේ සියලූ දේපොළ මුද්‍රා තැබූ පිස්කල් නිලධරයෝ එම භාණ්ඩ අනුරාධපුරයට අද (29) රැගෙන ආහ. පොකුණු 12ක් ඉදිකිරීම සඳහා 1999 - 2000 වර්ෂවල කුලියට ගත් යන්ත්‍රෝපකරණ වෙනුවෙන් රුපියල් තිස්හතර ලක්ෂයකට අධික මුදලක් නොගෙවීම නිසා පොලිය ද සමග රුපියල් කෝටියක් අය කැර ගැනීමට අනුරාධපුරයේ ව්‍යාපාරික චාල්ස් අනුරුද්ධ විජේසිංහ මහතා විසින් පැවැරුණු නඩුවේ තීන්දුවක් අනුව මේ පියවර ගෙන ඇත්තේ අතිරේක දිසා විනිසුරු ලක්මාලී හේවාවසම් මහත්මියගේ නියෝගයක් අනුවය. දෙසතියකින් මුදල් නොගෙවුවොත් එම භාණ්ඩ වෙන්දේසියේ විකුණා පෙත්සම්කරුට මුදල් ගෙවීමට නියමිතය. සභාපති නාමල් විජේවර්ධන මහතා පැවැසුයේ නඩු තීන්දුවට අවනත වූ බවයි. මහජන සේවා පවත්වාගෙන යන බව ද ඔහු කීවේය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ප‍්‍රා'සභා දේපොළ තහනම් කරයි