අනුරාධපුර දිසා අධිකරණයේ නියෝගයක් මත ගලෙන්බිඳුණුවැව ප‍්‍රාදේශීය සභාවේ සියලූ දේපොළ මුද්‍රා තැබූ පිස්කල් නිලධරයෝ එම භාණ්ඩ අනුරාධපුරයට අද (29) රැගෙන ආහ. පොකුණු 12ක් ඉදිකිරීම සඳහා 1999 - 2000 වර්ෂවල කුලියට ගත් යන්ත්‍රෝපකරණ වෙනුවෙන් රුපියල් තිස්හතර ලක්ෂයකට අධික මුදලක් නොගෙවීම නිසා පොලිය ද සමග රුපියල් කෝටියක් අය කැර ගැනීමට අනුරාධපුරයේ ව්‍යාපාරික චාල්ස් අනුරුද්ධ විජේසිංහ මහතා විසින් පැවැරුණු නඩුවේ තීන්දුවක් අනුව මේ පියවර ගෙන ඇත්තේ අතිරේක දිසා විනිසුරු ලක්මාලී හේවාවසම් මහත්මියගේ නියෝගයක් අනුවය. දෙසතියකින් මුදල් නොගෙවුවොත් එම භාණ්ඩ වෙන්දේසියේ විකුණා පෙත්සම්කරුට මුදල් ගෙවීමට නියමිතය. සභාපති නාමල් විජේවර්ධන මහතා පැවැසුයේ නඩු තීන්දුවට අවනත වූ බවයි. මහජන සේවා පවත්වාගෙන යන බව ද ඔහු කීවේය.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd