IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ප්‍රා සභා කුණු ගොඩට මළවුන්ගේ විරෝධයක් නැතත්...

සියඹලාණ්ඩුව ප්‍රාදේශීය සභාවේ සියඹලාණ්ඩුව සුසාන භූමියේ කොටසක කුණු බැහැර කිරීමට එරෙහිව ගැමියෝ උද්ඝෝෂණයක් කළහ.

මළවුන්ට ද නිගා දෙන අයුරින් ප්‍රාදේශීය සභාව කුණු දමන බවත්, ගමේ පවුල් 600ක් පමණ ඉමහත් පීඩාවට පත්ව සිටින බවත් කියන ගැමියෝ පාරද හරස් කර උද්ඝෝෂණයක් කළහ.

සියඹලාණ්ඩුව පොලිසිය පැමිණ ප්‍රාදේශීය සභාපති සමග සාකච්ඡා කර ගැමියන්ගේ උද්ඝෝෂණය නතර කිරීමට පියවර ගත්තේය.

කුණු ප්‍රශ්නය සම්බන්ධයෙන් අද තීරණයක් ගැනීමට ද නියමිතය.

 



අදහස් (0)

ප්‍රා සභා කුණු ගොඩට මළවුන්ගේ විරෝධයක් නැතත්...

ගාමිණී-සිරි Wednesday, 17 July 2013 08:53 PM

දිනපතා ගෙදරක අපද්‍රව්‍ය පිට කරන්නේ සුළු ප්‍රමාණයකි.මේවා පොලිතින් බෑගයක දමා එල්ලා තිබ්බොත් කපුටන් විසුරුවයි.බිම තිබ්බොත් බල්ලන් අදියි.දිරන දේවල් ගෙවත්තේ වලක් කපා එකතු කලානම් කාබනික පොහොර.පොලිතීන්, ප්ලාස්ටික් ,කඩදාසි වත්තේ ඉඩ ඇති තැනක දිනපතා ගිනිතැබීමෙන් ඉන්න මදුරුවෝ හරි ඉගිලී යයි. සුළු ප්‍රති කර්ම ගැන ජනතාවද ටිකක් සිතිය යුතුයි. (අ)

:       0       0

විජේරත්න Wednesday, 17 July 2013 11:29 AM

ආණ්ඩුවේ හිස් ඉඩම් ඕනෑතරම් තියෙද්දී මොනවද මේ කරන විකාර දේවල්? (නි)

:       0       0

නුවන් Thursday, 18 July 2013 09:43 AM

මාලක, ඔබ හරි (නි)

:       0       0

මාලක Wednesday, 17 July 2013 11:35 AM

ලෝකේ කසල ප්‍රතිචක්‍රීකරණේ කරනවා කියලා ක්‍රමයක් තියනවා අහලම නැද්ද දන්නේ නැහැ මේවයේ ඉන්න නිලදාරීන්. ලංකාවේ තරුණයෙක් කැනඩාවේ ගිහින් කෝටිපතියෙක් වෙලා කියලා මේ පත්තරේම තියනවා.ඒ තරුණයා ඒක මෙහාට හදුන්වාදෙන්න හදද්දී මොකද වුණේ?අන්න එහෙමයි ලංකාව. (නි)

:       0       0

දුමින්ද Wednesday, 17 July 2013 11:46 AM

.අනවශ්‍ය වියවුල් හදන නිලධාරීන්ගෙන් ඇති වැඩේ මොකක්ද? මෙයාලගෙ විශ්‍රාම වැටුප අවලංගු කර රැකියාවෙනුත් එලවා දැමිය යුතුයි (අ)

:       0       0

නිමල් Wednesday, 17 July 2013 11:48 AM

දැන් ඉන්න දේශපාලකයෝ වැඩිම දෙනෙකුත් ඒගොල්ලන්ට කත් ඇදලා නිලය ඉහල දාගන්න හදන නිසා මේ රට දවසින් දවස විනාශයට යනවා. රටේ මහා ජනතාවට හැම බරක්ම පැටවිලා (නි)

:       0       0

අචිනි Wednesday, 17 July 2013 03:53 PM

විජේරත්න, එම ඉඩම් අරගොල්ලන්ට උවමනා බව දන්නේ නැද්ද ?(නදී)

:       0       0

සමනළ Wednesday, 17 July 2013 12:09 PM

රටෙම් කුණු ප්‍රස්නට විසදුමක් දෙන්න. හැම පවුලකටම කුණු බද්දක් ගසා, ඒ මගින් එකතුවන මුදලින් කුණු ප්‍රතිචක්‍රීකරණය කිරීමට අවශ්‍ය තාක්ෂණය සහ ක්‍රියාවලිය ඉක්මන් කරන්න. හැමතැනම කුණු දාන්න එපා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 343 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site