සියඹලාණ්ඩුව ප්‍රාදේශීය සභාවේ සියඹලාණ්ඩුව සුසාන භූමියේ කොටසක කුණු බැහැර කිරීමට එරෙහිව ගැමියෝ උද්ඝෝෂණයක් කළහ.
මළවුන්ට ද නිගා දෙන අයුරින් ප්‍රාදේශීය සභාව කුණු දමන බවත්, ගමේ පවුල් 600ක් පමණ ඉමහත් පීඩාවට පත්ව සිටින බවත් කියන ගැමියෝ පාරද හරස් කර උද්ඝෝෂණයක් කළහ.
සියඹලාණ්ඩුව පොලිසිය පැමිණ ප්‍රාදේශීය සභාපති සමග සාකච්ඡා කර ගැමියන්ගේ උද්ඝෝෂණය නතර කිරීමට පියවර ගත්තේය.
කුණු ප්‍රශ්නය සම්බන්ධයෙන් අද තීරණයක් ගැනීමට ද නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනපතා ගෙදරක අපද්‍රව්‍ය පිට කරන්නේ සුළු ප්‍රමාණයකි.මේවා පොලිතින් බෑගයක දමා එල්ලා තිබ්බොත් කපුටන් විසුරුවයි.බිම තිබ්බොත් බල්ලන් අදියි.දිරන දේවල් ගෙවත්තේ වලක් කපා එකතු කලානම් කාබනික පොහොර.පොලිතීන්, ප්ලාස්ටික් ,කඩදාසි වත්තේ ඉඩ ඇති තැනක දිනපතා ගිනිතැබීමෙන් ඉන්න මදුරුවෝ හරි ඉගිලී යයි. සුළු ප්‍රති කර්ම ගැන ජනතාවද ටිකක් සිතිය යුතුයි. (අ)
ආණ්ඩුවේ හිස් ඉඩම් ඕනෑතරම් තියෙද්දී මොනවද මේ කරන විකාර දේවල්? (නි)
මාලක, ඔබ හරි (නි)
ලෝකේ කසල ප්‍රතිචක්‍රීකරණේ කරනවා කියලා ක්‍රමයක් තියනවා අහලම නැද්ද දන්නේ නැහැ මේවයේ ඉන්න නිලදාරීන්. ලංකාවේ තරුණයෙක් කැනඩාවේ ගිහින් කෝටිපතියෙක් වෙලා කියලා මේ පත්තරේම තියනවා.ඒ තරුණයා ඒක මෙහාට හදුන්වාදෙන්න හදද්දී මොකද වුණේ?අන්න එහෙමයි ලංකාව. (නි)
.අනවශ්‍ය වියවුල් හදන නිලධාරීන්ගෙන් ඇති වැඩේ මොකක්ද? මෙයාලගෙ විශ්‍රාම වැටුප අවලංගු කර රැකියාවෙනුත් එලවා දැමිය යුතුයි (අ)
දැන් ඉන්න දේශපාලකයෝ වැඩිම දෙනෙකුත් ඒගොල්ලන්ට කත් ඇදලා නිලය ඉහල දාගන්න හදන නිසා මේ රට දවසින් දවස විනාශයට යනවා. රටේ මහා ජනතාවට හැම බරක්ම පැටවිලා (නි)
විජේරත්න, එම ඉඩම් අරගොල්ලන්ට උවමනා බව දන්නේ නැද්ද ?(නදී)
රටෙම් කුණු ප්‍රස්නට විසදුමක් දෙන්න. හැම පවුලකටම කුණු බද්දක් ගසා, ඒ මගින් එකතුවන මුදලින් කුණු ප්‍රතිචක්‍රීකරණය කිරීමට අවශ්‍ය තාක්ෂණය සහ ක්‍රියාවලිය ඉක්මන් කරන්න. හැමතැනම කුණු දාන්න එපා. (නි)