ඩෙංගු උවදුර මර්ධනය කිරීමේ අරමුණින් කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව රාජ්‍ය ආයතන පරීක්ෂා කිරීමේ හදිසි මෙහෙයුමක් අද (10) උදෑසන ඇරැඹිය.
ඒ අනුව පිටකොටුව ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප්‍රධාන බස් නැවතුම් පොළත් ,මරදාන දුම්රිය බඩු ගබඩා අංගනයත් සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් විය.
දුම්රිය ගබඩා අංගනයේ වැහි වතුර රැදී තිබු ස්ථානයක මදුරු කීටයන් සිට සොයා ගත් අතර පිටකොටුව ලංගම බස් නැවතුම් පොළෙහිද ජලය රැදී වසා දමා තිබු කඩ කාමර කිහිපයක්ම තිබී සොයා ගැනිණි.
දුම්රිය දෙපාර්තමේන්තුවටත් ලංගම ආයතනයටත් ලිඛිතව දැනුම් දී වහාම එම ස්ථාන සුද්ධ පවිත්‍ර කරන ලෙසද නියෝග නිකුත් කළේය.
කොළඹ මහ නගර සභාවේ දිසා අංක 02 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජී.ඩී කේ ලක් ප්‍රිය මහතා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක ලාල් කුමාර මහතා ඇතුළු කණ්ඩායමක් මෙම සෝදිසි මෙහෙයුමට සහභාගී වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළොඹ වැඩිම ඩෙංගු තියෙන්නේ දෙහිවල ගල්කිස්සේ. අනේ තවමත් නගර සභාව මර නින්දේ. දෙහිවල ආසනයට මෙලතියන් ටිකක් ගහන්නවත් නගර සභාව තවම ආවේ නැහැ. අහිංසක මිනිසුන්ට නෙවේ මේ වගේ නගර සභාවලටත් ඒවායේ බලධාරීන්ටත් ලොකු දඩයක් පනවන්න ඕනේ. ජන හඬ හඳුනන කොළොඹ නගර සභාවට අපේ ප්‍රණාමය. (නදී)
ඩෙංගු ආවහම තමයි අපේ බහුතරයකට ඩෙංගු මතක් වෙන්නේ,වාහන හැප්පුනහම තමයි අනාරක්ෂිත ගේට්ටු මතක් වෙන්නේ. එහෙත් එහෙත් මෙතෙක් කළ දේ මොනවාද? (නි)
ඩෙංගු ආවමයි ඩෙංගු මතක් වෙන්නේ, වාහන හැප්පුනහමයි අනාරක්ෂිත ගේට්ටු මතක් වෙන්නේ, එහෙත් මෙතෙක් කල වැඩක් තියෙයිද ? (ස)
මගේ අම්මෝ මේ වගේ තව කොච්චර ඇද්ද? (ස)
ගෙනාපු බී.ටි.අයි. කෝ? දැන් අතිසාරේට අමුඩ ගහලා වැඩක් නැහැ නේද? (නි)
මේ ප්‍රශ්නය ඉවර වෙන්නේ ඩෙංගු වලින් අපි ඔක්කොම මැරිලා ඉවර වුන දවසටද? (නි)
පිටකොටුව බස් නැවතුම ඔතනින් අයින් කර කැලණිය පැත්තට ගෙනියන්ඩ. මිනිසුන්ට නොනවත්වා දුවන බස් යොදන්න.(නදී)
අපේ රටේ රාජ්‍ය ආයතන බොහොමයක් හදනවා මිසක් හරියට නඩත්තු කරන්නේ නැහැ. ඒවායේ වැසිකිලි අමු අපායවල්. ආපන ශාලා අසල ඉඳුල්, රොඩු කුණු පිරිලා. වත්ත පිටිය මුළුමනින්ම නොසලකා හැරලා තියෙන්නේ. ඩෙංගු චක්‍රලේඛ එනකොට මොනවා හරි කළත් සතියෙන් සියල්ල පෙර පැවැති තත්වයට එනවා. හැම දෙපාර්තමේන්තුවකම වෙනම "ඩෙංගු පාලන නිලධාරියෙක්" සිටිය යුතුයි. (නි)
මේ ප්‍රශ්නෙට ස්ථිර පිලියමක් නැද්ද ? (නි)
මේ මහත්වරුන්ට යන්න තහනම් ස්ථාන අපේ පැත්තෙ නම් ඕනෑ තරම් තියෙනවා. ඒවායේ ඕනෑ තරම් මදුරු කීටයොත් ඉන්නවා. වටේ ඉන්න අසරන මිනිස්සු තමා ඒ කරදරෙනුත් පීඩා විදින්නෙ (නි)
උපාලි , ඔයාගේ වගේ මොලේ තියෙන තව අය අපේ ආණ්ඩුවේ ඉන්නවා. එකනේ ඔයාගේ ක්‍රමයට සීනි ඇමති කෙනෙක් පත් කලේ.(නදී)
මදුරු කීටයන් බෝවෙන ස්ථාන අතර කැලි කසල ගොඩ ගසන ස්ථානත් ප්‍රධාන තැනක් ගන්නවා.බොහෝ නගර සභාවලට අයත් ප්‍රදේශ වලට කසල රැගෙන යාමට බොහෝ තැන්වල අවදානයට ලක් කරලා නැහැ.කසල රැගෙනයන ට්‍රැක්ටර් රියැදුරන් සහ සේවකයන් ඔවුන් හිතු හිතු දිනවලට සහ වෙලාවල් වලටයි වැඩ කරන්නේ. ඔවුන්සමග කතා කිරීම පවා සමහර ප්‍රදේශවල බයානක වී ඇත. පාරවල් දෙපැත්තේ කාණුවල කුණු පිරිලා, ඒවා සුද්ද කරන්නේ නැහැ. එසේ කරත් ඒ කුණු හා පස් පාරට දමා යනවා. කාණු වල දුර්ගන්දය අසල ජනතාවට විශාල ප්‍රශ්නයක්! ඩෙංගු ව්‍යාප්තියට සම්පුර්ණයෙන් වගකීම නගර සබාවට තමයි බාරදිය යුත්තේ. දැන් දඩ ගහන මුදල් වලින්වත් මේ ක්‍රමය වෙනස් වී කාර්යක්ෂම නිලදාරීන් යොදා මේ උවදුර මැඩලීමට වහ පියවර ගත යුතුයි (නි)