(යොහාන් භාසුර)
වැසි සහිත කාලගුණය පිළිබඳව අවදානය යොමු කර දිස්ත්‍රික්ක 7 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 29 කට නායයෑමේ අනතුරු ඇඟවීම් අද (28) නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ, කොලොන්න, අයගම, පැල්මඩුල්ල, කුරුවිට, කළවාන, ඇහැලියගොඩ, කිරිඇල්ල, රත්නපුර, ඇළපාත සහ නිවිතිගල, මාතර දිස්ත්‍රික්කයේ මුලටියන, අතුරලිය, කොටපොළ සහ පිටබැද්දර, කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, දෙහිඕවිට, කෑගල්ල, දැරණියගල සහ යටියන්තොට, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කොරළය, කළුතර දිස්ත්‍රික්කයේ වළල්ලාවිට, මතුගම, බුලත්සිංහල අගලවත්ත, බුගත්සිංහ සහ ඉංගිරිය, හම්බන්තොට දිස්ත්‍රිකක්යේ වළස්මුල්ල සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය සහ නෙළුව වන යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට මෙසේ නායයෑමේ අවදානම් නිවේදනය නිකුත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd