මාර්ග සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ඉංජිනේරු නිහාල් සූරියාරච්චි මහතා අද පෙරවරුවේ මහාමාර්ග අමාත්‍යාංශයේ දී වැඩ භාර ගත්තේය.
දශක දෙකකට වැඩි කාලයක් රාජ්‍ය සහ ආයතන පරිපාලන අංශයේ අත්දැකීම් ඇති ඒ මහතා රාජ්‍ය සීනි සංස්ථාවේ හිටපු සභාපතිවරයා ද වේ. ඉදිරියේ දී මහජන සුභසාධනය වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව වැඩ භාර ගැනීමේ අවස්ථාවේ දී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේය.
කොළඹ සහ ප්‍රධාන නගර ආශ්‍රිතව දක්නට ඇති මාර්ග තදබදයට විසඳුමක් ලබාදීමට පියවර ගන්නා බව ද ඒ මහතා සඳහන් කළේය. එසේම, නව ව්‍යාපෘති පවත්වාගෙන යාමේ දී ගුණාත්මකභාවය ඉහළ නැංවීම හා ඒ එක එකක් වෙනුවෙන් වෙන් කරනු ලබන වියදම් කළමණාකරණය කිරීමට පියවර ගත යුතු බව ද නිහාල් සූරියාරච්චි මහතා කියා සිටියේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඔබතුමාට සුබ පතනවා! (නි)
මේක තමයි සිංගප්පුරුව දියුණුවීමේ රහස. රත්නපුර - කොළඹ පරණ පාර වගේ අනෙක් පාරවල් තව අඩි 4 ක් බැගින් පළල් කරන්න. වෙනම තීරුවක් හදන්න. වියදමත් අඩුයි. ත්‍රීරෝද හා පාපැදි ඒවායේ දාවනය කරන්න නීති ගෙනෙන්න. තදබදයත් අඩුවෙලා වාහන වේගයත් වැඩිවේවි. (නි)
මග නැගුම යටතේ බස් රථ දෙකක් පහසුවෙන් ගමන් කල හැකි ව තිබු මාර්ග කර්පට් කිරීමේදී පාරේ පළල අඩු කිරීම නිසා දැන් බස් රථ එකකටවත් ගමන් කල හැකි තත්වයක් නොමැත .තවද ඒ පාරවල් ද වසර දෙකක් වැනි සුළු කාලයක් තුල ගිලා බැස හෝ සෝදා ගෙන ගොස් ඇත . අපට කල හැක්කේ ,මෙවන් මහජන මුදල් විනාශයන් කල මහාමාර්ග ලොක්කන්ගේ මතු ආත්ම වලට පින් දීම ම පමනකි. උදා : මහනුවර 621 මාර්ගය. (ස)
කාපට් කල පාරවල් ඕන ඕන විදිහට කඩන්න ඉඩ දෙන්න එපා. අදත් මම දැක්ක කාපට් පාර හිල් කරනවා කොඩි වගයක් දමන්න. ඇතුල් කෝට්ටේදී මේවා ජාතික අපරාධ. (ස)
වේදිකාවල කියපු බොරු වලට 621 මාර්ගය පමණක් නොව රටම ගිලී ඇත. (ස)
සරත්, උපාලි, රුවන් මතුන්ගේ අදහස්වලට පිං. (ර)
ඇයි 621 මාර්ගය විතරක්......කෙන්ගල්ල - මල්පාන 10කනුව මාර්ගය(කි.මී 2.3) ඇස්තමේන්තුව රුපියල් ලක්ෂ 593 මේ මුදල් කොහාටද ගියේ?(ම)
පාරවල් ඔක්කොම ජරා වෙලා. පදිකවේදිකාවේ කුණු එකේ හලලා යනවා. තනකොල වැවිල. මේවා හරියට නඩත්තු කරන්න. ඒවගේම පාරවල් ජරා කරන යට නීති ක්‍රියාත්මක කරන්න. (අ)
පාරවල් දෙපැත්තේ තියෙන කානුත් හරියට සුද්ද කරන්න.මදුරුවෝ පිරිලා. (අ)