මඟ දෙපස ලස්සන කිරීම සඳහා කොල්ලූපිටිය මහ පාර අයිනේ කොළඹ නගර සභාවෙන් වගා කැරුණු බතල වගාව සොරකම් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් දෙමටගොඩ ජේ. ආරියරත්න නමැත්තෙක් කොළඹ කොටුව වැඩබලන මහේස්ත‍්‍රාත් විසින් ලබන හයවැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය. එම වගාව රැුක බලාගත් හමුදා සැරයන්වරයකුගේ පැමිණිල්ලක් අනුව පොලිසිය ඔහු මනෝ වෛද්‍යවරයකුට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
691
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පාරෙ බතල ගලවා රිමාන්ඞ්
අයියා. Tuesday, 26 June 2012 05:47 PM
අපොයි අපේ රටේ නීතිඥවරැන් මොකටද මන්ද?
සුභාශිනී Tuesday, 26 June 2012 06:32 PM
අනේ මිනිසුනේ.. මිනිහෙක් කන්න තියෙනවානම් මේ වගේ වැඩ කරයිද? දැන් ඉතිං දෙයි හොද තීන්දුවක්..
ඇටකිච්චා Thursday, 28 June 2012 12:46 PM
පාරෙ මැණික් ඉල්ලම ලොරි ගණන් අරන් ගිය අය නිදැල්ලෙ..
මාතර මල්ලි Tuesday, 26 June 2012 06:52 PM
වරදක් නම් පේන්න නැහැ.. මේකද නීතිය..
සමන් Wednesday, 27 June 2012 09:02 AM
දැන් තියෙන්නේ නියඟලා අල කන්න...
ඇටකිච්චා Thursday, 28 June 2012 06:26 PM
අපේ රටේ සමහර පාරවල් නම් බතල වගාවට තමයි හොද...
අජිත් Tuesday, 26 June 2012 06:54 PM
හෙවත් මනුතාපය කතාව පටන් ගත්තෙත් ඔහොමනෙ. අනේ පව්.
අමිල කටුනායක Tuesday, 26 June 2012 06:17 PM
අසිරිමත් ශ්‍රී ලංකාවෙ ආශ්චර්යය..
පොතේගුරා Tuesday, 26 June 2012 06:33 PM
මිනිස්සුන්ට බඩගිනි වෙන්නෙ ඇයි කියල මනෝ වෛද්‍යවරයා සොයා බලාවි....!
බතලයා Wednesday, 27 June 2012 09:25 AM
අනේ මගේ ළමයි ටික බඩගින්නේ.ඉක්මනට ඇප දීලා එළියට දාන්නකෝ
තුෂාර Wednesday, 27 June 2012 10:16 AM
මෙහෙවු රටේ....
අමිල කටුනායක Tuesday, 26 June 2012 07:11 PM
රොලෙක්ස් ඔරලෝසුව(ලක්ෂ4) හොරකම් කරපු කෙනත් එළියෙ නේ...
බන්දු Tuesday, 26 June 2012 07:51 PM
නීතිය කාටත් පොදුයි.. බතල ගලවපු කෙනාටත් නිතිය නීතිය මිනී මරනවටත් නීතිය නීතිය විය යුතුයි. ඒගොල්ලො නිදැල්ලෙ ඉන්නයි මේගොල්ලන්ට දඩුවමයි මොකටද? අපි අප ගැන දුක්වෙමු..
අමිල Tuesday, 26 June 2012 07:52 PM
පාර ලස්සන කරන්න නම් මල් නෙ හිටවන්නෙ.. බතල හිටවන්න තැනක් ඇත්තටම නැද්ද?
පාලිත හේමචන්ද්‍ර Wednesday, 27 June 2012 09:53 AM
කටින් බතල හිටවන්නෙ නැතුව ඉන්න ළමයිනේ
සජීව පී Tuesday, 26 June 2012 07:25 PM
ලස්සනට බතල හිටවන ලෝකෙ එකම රට...
ධනුෂ්ක Wednesday, 27 June 2012 10:43 AM
කන්න නෙමෙයිද බතල හිටවලා තියෙන්නේ
කරනේරිස් ගොයියා Thursday, 28 June 2012 09:52 PM
මානව හිමිකම් කෝ? බතල අලයක් ගලවන්නත් බෑ හිරේ දානවා.
හොට් ටොප් Tuesday, 26 June 2012 08:38 PM
දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනි...
අමරා අයිරංගනී Tuesday, 26 June 2012 09:18 PM
දඩුවම් දෙන්න කලින් හොයල බැලුවනම් අනේ පව් දරැවො බඩගින්නෙද කොහෙද??
අමිල Tuesday, 26 June 2012 09:30 PM
දැන් පොලිසියේ හමුදාවේ රාජකාරිය වන්නේ බතල බැලීමයි
කින් බෙනට් Tuesday, 26 June 2012 09:48 PM
මේ මනුස්සයාගේ ජිවන මට්ටම , පවුල් පසුබිම , සහ ජිවන රටාව සොයා බලා, අහිංසකයෙක් දරුවන්ට කන්න දෙන්න හෝ පවුල ජිවත් කරවීමට සිතා කියක් හෝ හොයාගැනීමේ අරමුණෙන් නගර සබාව විසින් හුදෙක් නගරය ලස්සන කිරීමේ අරමුණෙන් පමණක් හිටවපු බතල ටිකක් හාරගත්තනම් සානුකම්පිතව හිතා බලා වහාම නිදහස් කරන්න කියල ඉල්ලා සිටිමි .නැතුව කුඩ්ඩෙක් හෝ කලින් හොඳට හොරකම් කර සමාජයට හිසරදයක් වී ඇති හොරෙක් නම් හොඳ දඬුවමක් නියම කරන්නයි ද ඉල්ලා සිටිමි .....කෙසේ වෙතත් බතල යනු නගර ලස්සන කිරීමේ අරමුණින් සිටවිය යුතු ගසක් නොවේ .මේ මනුස්සයා අහිංසකයෙක් වී දැඩි දඬුවමකට මුණ දීමට සිදුවුවහොත් එම දඬුවම දුන් පුද්ගලයාද වහාම මානසික වෛද්‍ය වරයෙක් හමුවිය යුතුයැයි නිර්දේශ කරමි .
පියන්ත Tuesday, 26 June 2012 11:05 PM
සුබ අනාගතයක්
චූටි බබා Tuesday, 26 June 2012 10:26 PM
මිනී මරණ අය නිදැල්ලේ ....අල ගලවන අය කූඩුවේ......කවුද මේවට වගකියන්නේ.....
මධූ Wednesday, 27 June 2012 01:02 PM
ඌරෙක් හෑරුවනම් මොකද කරන්නේ ?
වික්ටර් Tuesday, 26 June 2012 10:58 PM
මනුතාපයේ පාන් ගෙඩිය හොරා ගත්ත වගේනේද?? බඩගින්නේ කෑ ගගහා අඩන දරුවන්ට දෙන්නද දන්නෑ, අනේ පවු !!
ලක්විදු Wednesday, 27 June 2012 01:10 PM
එතකොට කටු ගෙයි හොරකම් කර හොරා.....????
සමන් Wednesday, 27 June 2012 01:59 PM
ඔන්න ඕකට තමයි නන්දා මාලිනී කිව්වේ "අපිටත් රජෙක් හිටියානම් කියලා"
බංගිලියා Tuesday, 26 June 2012 04:22 PM
නිදන් හාරන උන් නිදැල්ලෙ.. බඩගින්නට බතලයක් හාරපු කෙනා අත්අඩංගුවෙ...
ජයරත්න Tuesday, 26 June 2012 11:11 PM
කණගාටුදායක සිද්ධියක්...
අසංක Tuesday, 26 June 2012 05:20 PM
සමහරවිට මේ මනුස්සයා බඩගින්නට ළමයන්ට කන්න දෙන්න ගැලවවුද දන්නේ නැහැ, දැන් රටේ තියන තත්වයත් එක්ක !. අනිත් එක අල ගලවලා දරු පවුලකට කන්න දුන්නනම් මොකද. ඕනිම මිනිහෙකුට ආත්ම ගරුත්වයක් තියනවා.
ගාල්ලෙ කොල්ලා. Tuesday, 26 June 2012 05:30 PM
බඩගින්නට බතල අලයක් හාරපු එක හිරේ යන්න තරම් වරදක්ද? දුප්පතාට තමයි නීතිය.. මිනී මරණ අය තවම එලියෙ.. බතල අලේට හිරේ.. මනුතාපය වගේ තමයි....
කලු අය්ය - ඩුබායි Tuesday, 26 June 2012 04:56 PM
මාරම නීති තමයි තින්නෙ.. බතල නෙවෙයි හෙට අනිද්ද පරෙ තීන වෑටවලුත් කපන් ගිහිල්ල විකුනන්න වේයි මේ වෑඩිවෙන බඩු වෑඩිවිල්ලට..... අනික් එක අපේ ඉන්න අයියලන්ටත් ඔය වගෙ අහින්සක හොරු තම්යි අල්ලන්න පුලුවන්.
කෙවින් Tuesday, 26 June 2012 05:40 PM
පව් කන්න නැති මිනිහෙක් වෙන්න ඇති. අර ඇමතිතුමා කිව්ව 2500 මදි වෙලා වගේ.
තිලක් Wednesday, 27 June 2012 12:43 AM
බතල මල් පැල ටිකක් ඉල්ලගන්න යන්න කියල කොළඔ නගර සභාව පැත්තෙ
සමන් Thursday, 28 June 2012 12:06 PM
බුදු පිළිම, රන්කඩුවගේ හොරකම්වලට ඉඩ.. එදා බත්වේල කන්න නැතිව ඉන්න එක්කෙනා ගලවපු බතල ගෙඩියට හිරේ දාලා..
ශිරෝම් Wednesday, 27 June 2012 12:19 AM
අයියෝ....අයියෝ....
ගිනි කසයා Tuesday, 26 June 2012 05:53 PM
මග දෙපස ලස්සන කරන්න බතල ඇරෙන්න වෙන මොකුත්ම තිබුනෙ නැතිද ඇත්තටම??
අජිත් පෙරේරා france Tuesday, 26 June 2012 05:22 PM
ඔන්න ලංකාවේ නීතිය කුඩු කාරයන්ට මිනිමරුවන්ට සමාව අහිංසක දුප්පත් මනුස්සයෙක් බඞවියතරැක ගන්න පුන්චි සොරකමක් කෙරුවොත් රිමාන්ඩ් කරනව මේ අවනඩු කිසිම කෙනෙකුට පේන්නෙ නැහැ කතා කරන්නෙවත් නැහැ අර මනුස්සයට දෙවියන්ගෙම පිහිටයි
අභිලාශිනී Tuesday, 26 June 2012 06:01 PM
අනේ පව් අහිංසකයෙක් වෙන්න ඇති.. පව් නිදහස් කලානම් හොදයි නේද??
අලි ජෙමා Tuesday, 26 June 2012 05:28 PM
බඩගිනි උනාට ආණ්ඩුවෙ දේවල් ගන්න එපා.. තමන්ගෙ මහන්සියෙන් හදා ගන්න පුළුවංනෙ... අත වෙහෙසා කට සොලවන්න..
අලි ජෙමා Tuesday, 26 June 2012 05:32 PM
කවුද මේ අල ගලවන්න ආවේ
එස්.එල්.ටී.තේ2004 Tuesday, 26 June 2012 05:38 PM
කවුද ලස්සනට බතල වවන අදහස දුන්නේ? බතල තියෙන්නේ බඩගිනි වෙලාවට තම්බල කන්න. අනේ පව්. අපිට මතක් වෙන්න මනුතාපයේ බඩගින්නෙන් ඉන්න නංගිට කන්න පාන් ගෙඩියක් හොරකම්කලාට වසර පහකුත්, හිරෙන් පනින්න ගියාට වසර දහහතරකුත් දුක්වින්ද 'ජන වර්ජන' ව
සුනිල් Wednesday, 27 June 2012 03:44 AM
ලංකාවේ දැන් අහන්න ලැබෙන්නේ අපූරු නඩු තමයි....අහෝ ආශ්චර්‍ය...........
උන්ගි Wednesday, 27 June 2012 03:49 AM
දුප්පතෙක් විය යුතුමයි. ගලවා ගන්න ඇත්තේ එක්කෝ කෑමට හෝ විකිණීමට. බතල අල කිහිපයකින් කීයක් උපයා ගත හැකිද?
නයන බණ්ඩාර Thursday, 28 June 2012 06:17 PM
තව ඉස්සරාහට බතල ගහත් හරි