මතුගම යටදොළ කෘෂි පර්යේෂණ නිලධාරිනියට පහර දුන්නැයි සැකපිට මතුගම ගුරුදොළ ග්‍රාම නිලධාරී සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හළ බව මතුගම පොලිසිය කියයි.
පොහොර මිලට ගැනීමට ගිය අවස්ථාවේ ඇතිවූ ප්‍රශ්නයක් මේ සිද්ධියට හේතු විය.
කෘෂි පර්යේෂණ නිලධාරිනී අෂිකා රංජනී මහත්මිය යතුගම වෑත්තෑව රෝහලේ ප්‍රතිකාර ලබන්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"දවල් මඩට රෑ පැදුරට...ඔහේ පලයන් පොහොර ගොඩට කියලා.." ගිරහම සේකර මහත්තයත් පොහොර ගොඩටම ගෝ.. (නි)
ඕනෑම ගැටලුවක් ගුටි බැට හෝ මරණයකින් විසදන එක නෙමේ හපන්කම සාකච්චාවෙන් නීතියෙන් විසදා ගන්ඩයි හැකි තාක් මිනිසුන්ව පුරුදු පුහුණු කල යුත්තේ. ඒ සදහා පාසල් වලට කල හැකි මෙහෙය අති විශාලයි. එවැනි දේ අද සිදු නොවීම ගැන කනගාටුයි.(නදී)
ග්‍රාම සේවකලත් දැන් පලා බබාලට දෙවැනි නැහැ. පොඩ්ඩක් ඇති පහර දෙන එකයි කරන්නේ. ගැහැණු පිරිමි බේදයක් සලකන්නේ නැතිව. ඇප නෙමෙයි දෙන්න තිබුනේ.(නදී)
රජිත්, ඔබ කියන දේ 100%ක් හරි. අද ලංකාවේ හුඟක් වැදගත් තනතුරු දරන්නේ වැදගත් පුද්ගලයින් නෙවි. ඒ හුඟක් අයට හික්මීමක් විනයක් නැහැ ඒ නිසා තමයි වැදගත් තනතුරු දරන අයගේ මදාවි ක්‍රියා කලාපයන් නිතරම අහන්න දකින්න ලැබෙන්නේ.(නදී)
පොදුවේ අපේ නීතිය බිඳ වැටීමත් රාජ්‍ය සේවයේ විනය පිරිහීමත් සංකේතවත් කරන එක සිද්ධියක් මේක. පෙරේරා කියනවා වගේ, ලොකු තනතුරු නෙමෙයි පොඩි තනතුරු දරන බොහොමයක් නිලධාරීන්වත් තමන්ගේ රාජකාරිය දැනගෙන නෙමෙයි කරන්නේ. කරන්න වාලේ කරනවා. ග්‍රාම නිලධාරීන්ට 'සාම නිලධාරී' බලතල පවා තියෙනවා. ඒකේ තේරුමවත් දන්නවද මන්දා මේ ගොල්ලෝ. (නි)