කහවත්ත ඇන්දනා මාර්ගයේ අබලන් කිලෝමීටර දහය පිළිසකර නොකළැයි ගැමියෝ පාර අහුරා අද උද්ඝෝෂණයක් පැවැත්වීය.
පාරේ වළවල්වල කෙසෙල්ගස් ද සිටවූහ.
ලක්ෂයක් පමණ මෙම පාර පාවිච්චි කරන බවත්, බස් 20ක් 30ක් ද, තේ දළු ප්‍රවාහන ලොරි 100ක් පමණ ද මේ පාර භාවිත කරතියි ගැමියෝ කියති.
පාර හැදීමට ප්‍රදේශයේ මැති ඇමැතිවරුන් හා පළාත් සභාව ඉදිරිපත් නොවීමට විරෝධය පළ කරමින් දේශපාලනඥයන් වෙනුවෙන් පෙරේත තටුද පාරේ තබා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්ද ගුණ්ඩු ගිලල තට්ටු වුනාම පෙරේත තටු තිබ්බම හරියනවද?(අ)
ඒ ගොල්ලන්ට ඔය තටු හරියන්නේ නෑ පුතා . ඕක හදන්න පටන් ගන්න කොටම එයාලගේ තටුව වෙන් කරලා පටන් ගනීවි! (අ)
මෙන්න හොද අවස්ථාවක්, ඔය හැදී හූනියම් ගැන පත්තර පලවෙන අයට පොඩි චැලේන්ජ් එකටත් එක්ක කියන්න හරියටම මේකට පෙරේත තටුවක් හරි හුනියමක් හරි කරලා මාසයකින් පර හදල දුන්න කෙනාට පත්තරය මගින්ම ලොකු ප්‍රචාරයක් දෙනවා කියල.එතකොට බලාගන්න පුළුවන් ඔය දවසෙන් දෙකෙන් සේරම කරනවා කියන මංතරවල රඟ! (අ)
ඔය පාර භාගයක්ම කාපට් කරලා තියෙන්නේ. ඉතිරියට මුදල් වෙන්කරලා මේක ගමේ දේශපාලකයෝ ලකුණුදාගන්ඩ කරපු මාධ්‍ය රඟපෑමක් පළාත් සභාවෙන් සල්ලි දීල තියෙන්නේ මමත් ඉන්නේ ඔය පාරේ (අ)
නිශාන්ත බොරු කියන්න එපා ඔය පාරේ යන්න පුළුවන් ද, පිකටින් කළේ දේශපාලකයෝ නොවේ ගම්වැසියෝ ඔය නිශාන්ත කියන්නේ මන්ත්‍රි නේද (අ)
පෙරේත තටුවෙන් වත් වැඩේ හරි යයිද? (දී)
පාරවල් නඩත්තුව සඳහා වසරක් පාසා විශාල මුදලක් වෙන්කරනවා. මේ පාරට වෙන්කළ මුදලට මොනවා හරි වෙන්න ඇති.(නදී)
ලැබෙන ප්‍රතිපාදන ගසාකන දේසපාලුවෝ නියම ලෙස කිසිම ක්‍රියාවක් සාර්ථක ලෙස අවසන් කරන්නේ නැහැ. බලෙන් හෝ කරව ගත්තොතින් මැරුණට පසු එතනින් එළවාගන්න නම් අනිවාරනයෙන්ම මළ පෙරේත තට්ටු නම් තියන්න වෙනවමයි. (නදී)
මළ ප්‍රේතයන්ව රකින්න ඕන තරම් ප්‍රේතයෝ රට පුරා ම ඉන්නවා. ප්‍රතිපාදන වෙන් කළා කියන්නේ ඒකයි. (නදී)
ආණ්ඩුවෙන් අදි වේගී මාර්ග හදලා දෙනවා මදිද?
පාරවල් හදන එක තමයි දේශපාලකයින්ගේ හා ඇතැම් නිලධාරින්ගේ ප්‍රධානම ආදායම් මාර්ග වෙලා තියෙන්නේ. බොහෝ පාරවල්වල කිසිම ප්‍රමිතියක් නෑ. වියදම් කළ මුදල බැලුවම කෝටි ගණනක්. ප්‍රාදේශීය සභා කරන්නේ අමුම අමු බොරුවක්. කුඩා පාරවල් නඩත්තු කිරීමට කියා බොරුවට උඩින් තාර ටිකක් උණුකරලා දාලා චිප්ස් ටිකක් දාලා යනවා. කාණුවක් හදන්නේ නෑ. වැස්සක් වැස්සොත් ඔක්කොම හෝදගෙන යනවා. මේ අය මේ නාස්ති කරන්නේ මේ රටේ අහිංසක මිනිසුන්ගේ සල්ලි කියලා තේරෙන්නේ නෑ වගේ හැසිරෙන්නේ.(නදී)
මේ පාරට වෙන් කරපු මුදල් බහිරවය කාලා.(නදී)
කොමිස් ගන්න අය බය කරන්න මේ ක්‍රමය සාර්ථක වෙයි (අ)