ගෑස් සිලින්ඩර මග දිගට වැටෙන සේ කන්ටේනරයක් පැදවූ රියදුරකුට එරෙහිව නඩු පවරන බව කහවත්ත පොලීසිය කියයි.කොළඹ සිට ඇඹිලිපිටිය දක්වා ගෑස් රැගෙන ගිය මෙම කන්ටේනරයේ ගෑස් සිලින්ඩර කහවත්ත පනාවැන්නේදී පාරට වැටී ඇතැයි ද කෙටේතැන්නට යන විට සිලින්ඩර 50ත් පමණ වැටි ත්රිරෝද රියකට හා මාළු වෙළෙන්දෙකුගේ යතුරු පැදියකට ද හානි වී ඇතැයි ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ රියදුරාගේ ගෑස් (බ)
ගෑස් සිලින්ඩර් ගෙනයන වාහන රියදුරන් බොහෝවිට ඉතා නොසැලකිලිමත් ලෙස අධික වේගයෙන් ධාවනය කරනවා. මීට මාස 2-3 කට පෙරත් මෙම මාර්ගයේම ගොඩකවෙල (බලවින්න) දී ගෑස් සිලින්ඩර් කිහිපයක් පාරට වැටි, කාන්තාවකගේ පාදයේ කොටසක් කැඩිලා වෙන්වී ගියා. මෙවෙනි අනතුරු සහිත වාහන වලට (ඉන්දන/ගෑස්/.. ) උපරිම වේග සීමාවක් දැමීමට බලධාරීන් ගේ අවධානය යොමු වීමට කාලයි මේ (බ)
පොලිසියට නොපෙනෙන ලොරි, බස්, ත්රීවීල් අපිට පෙනේ, වෙනරටවල ලොකු කන්ටේනර් වගේ ලොකු වාහන, ගස් ප්රවාහන වාහන ධාවනය කරන්නේ රාත්රී කාලයටයි, හේතුව, ආරක්ෂාව, මාර්ග තදබදය නිසා, ලොකු වාහනයේ ආරක්ෂාව එයින් වැසි ගෙන දෙනවා, ටයර් රත්වීම අඩුවීම, ඉන්දන පිරිවැස්ම, ඉක්මනින් යාම , රියදුට නිදහස තෙහෙට්ටුව අඩුවීම, දවල් කාලයට ඔව්න් හොදින් නිදා ගැනීම, (බ)