
(අංජුල මහික වීරරත්න)
දෛනිකව සිදුවන රිය අනතුරු වලක්වා ගනිමින් මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් පුරවැසියන්ගේ දැනුම හා ආකල්ප සංවර්ධනය කිරීමේ වැඩසටහනක් “ක්ලීන් ශ්‍රී ලංකා” යටතේ ක්‍රියාවට නංවා තිබේ.
ඒ අනුව “Clean Steps – Safety Roads – Be united for road safety” මාර්ග ආරක්ෂාව හා රක්ෂණය පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් දෙකක් රුහුණු විශ්වවිද්‍යාලයේ රබින්ද්‍රනාත් තාගෝර් ශාලාවේ හා මාතර වෙරළ උද්‍යානය අසලදී අද පැවැත්විණි.
ශ්‍රී ලංකා පොලීසියේ දායකත්වයෙන් මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් වන මාර්ග ආරක්ෂක සංදර්ශනය මාතර වෙරළ උද්‍යානය අසලදී අද පෙරවරු 8.00 සිට පැවැත්වුණු අතර, මාතර අධ්‍යාපන කලාපයේ පාසල් සිසු සිසුවියෝ 1300ක් පමණ ඊට සහභාගී වූහ.
අනාගතයේදී ආචාරධාර්මික පුරවැසියන් ලෙස මාර්ග නීති අනුගමනය කෙරෙහි පාසල් දරුවන් වර්තමානයේ සිටම හුරු කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.
එසේම මාර්ග නීති පිළිබඳ දැනුවත් කිරීම, අනතුරු වළක්වා ගැනීම සහ ඒ සඳහා වගකීම් සහිතව ක්‍රියා කිරීම පිළිබඳ පාසල් මාර්ග ආරක්ෂණ කව බල ගැන්වීමද මෙමගින් අපේක්ෂා කෙරෙන බව ජනාධිපති කාර්යාලය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් වටිනා දෙයක්, රට පුරා මෙවැනි දැනුවත් කිරීම් කරන්න පොලිසියට අපේ උපහාරය.
මේ වැඩ සටහන මම ඉස්කෝලේ යනකාලේ හොඳටම තිබුණා. ඒක නතරවුණේ ඇයිද දන්නේ නෑ. දැන් නැවත ආරම්භ වීම හොඳයි
පොලිසියේ ට්‍රැෆික් ඇම්බැට්ට රැලත් ඔය පංතියටම කැඳෙව්වා නම් තමා වටින්නේ... නීතිය කාටත් පොදුයි කියනවානේ...
ඉතා වටිනා මෙම වැඩසටහන දිගු කලකට පසු නැවත ඉදිරිපත් කිරීම ගැන සතුටු සිතින් ස්තුතිවන්ත වෙමි. එදා අප කුඩා දරුවන් අවධියේ ඉතාමත් ආසාවෙන් සම්බන්ධව වූ වැඩසටහනකි. අදද අප විනීතව මහමඟ පයින් හෝ වාහන පදවමින් ගමන් කරන්නේ මේ ආභාෂයෙනි. විකට නාට්‍යානුසාරයෙන් හා රථ වාහන යොදාගෙන නිරූපණය කරන ත්‍රාසජනක ක්‍රියා දාම වලින් යුත් මෙම අධඅධ්‍යාපන වැඩසටහන දිගටම පවත්වාගෙන යාම අගනේමය .