
(බී.ජී. චතුරංග)
අනුරාධපුර ආයුර්වේද රෝහල ඉදිරිපිටදී අද (23) උදෑසන මාර්ගයේ ගමන් කරමින් තීබූ යතුරු පැදියක් හදිසියේම ගිනි ගැනීමෙන් යතුරු පැදිය සම්පූර්ණයෙන්ම විනාශයට පත් ව ඇතැයි පොලිසිය කියයි.
අනුරාධපුර නගරයේ සිට ගුවන්තොටුපළ දෙසට තරුණයකු පදවමින් තිබූ මෙම 'විදුලි ආරෝපණ යතුරු පැදිය' එක්වරම ගිනි ගැනීමත් සමග තරුණයා යතුරු පැදියෙන් බිමට බැස ගොස් දිවි බේරා ගෙන ඇති බව පොලිසිය සඳහන් කළෙය.
එම අවස්ථාවේදී මාර්ගයේ ගමන් කල පෞද්ගලික ගිනි නිවීමේ මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යන පුද්ගලයෙකු, ප්‍රථමයෙන් ගින්න නිවා දැමීමට කටයුතු කල අතර පසුව අනුරාධපුර ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් පැමිණ එම ගින්න අවට ප්‍රදේශයට ව්‍යාප්තවීමට මත්තෙන් නිවා දැමූ අතර එම අවස්ථාව වන විටත් ගිනි ගැනීමට ලක්වූ යතුරු පැදිය සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශයට පත්ව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd