අතිරේක බෝග සඳහා පෝර ලබාදෙන්නැයි ඉල්ලමින් වලව කලාපයේ ගොවි සංවිධාන දොළහක නියෝජිතයෝ පන්සියයකට අධික පිරිසක් ඇඹිලිපිටිය රත්නපුර ප‍්‍රධාන පාර තිඹොල්කැටිය ගොවිජන සේවා කාර්යාලය ඉදිරිපිටින් හරස් කිරිම නිසා අද (15) පෙරවරුවේ පැය ගණනාවක් එම මාර්ගයේ වාහන ගමනාගමනය ඇණහිට තිබිණි.
ඇඹිලිපිටිය සහ උඩවලව පොලිසිවල නිලධාරීන් මාර්ගයේ වාහන ගමනාගමනයට ඉඩ ලබාදීමට උත්සාහ ගත්ත ද විරෝධතාවේ නියුතු ගොවීහු පොලිසියේ ඉල්ලීමට කන් නොදී දිගින් දිගටම විරෝධතාවේ නිරත වූහ.
එම ස්ථානය හරහා ගිලන් රථ දෙකකට සහ බන්‍ධනාගාර රථයකට පමණක් ගමන් කිරිමට විරෝධතාකරුවෝ ඉඩ දුන්හ.
වලව ගොවි අයිතින් සුරැකීමේ සංවිධානය මෙම විරෝධතාව සංවිධානය කර තිබුනි.
ගොවිජන සේවා ප‍්‍රාදේශීය නිලධාරිනියගේ කාර්යාලයට විරෝධතාකරුවන් ඇතුළුවීමට ගත් උත්සාහය පොලිසිය මැදිහත්ව වැළැක්වූ අතර ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පිහිටි ගොවිජන බැංකුව ඉබියතුරු දමා වසා දැමිණි.
පසුව ගොවි නියෝජත පිරිසක් තිඹොල්කැටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ප‍්‍රාදේශීය ගොවිජන සේවා නිලධාරින් සමග සාකච්ඡාවක් පැවැත්වුවද ගොවීන්ගේ ඉල්ලීමට විසදුමක් නොලැබිණි. එහිදී උණුසුම් අදහස් හුවමාරුවක් ද ඇතිවිය.
2025 දෙසැම්බර් මස 18
609
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
295
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෝර ඉල්ලා ගොවීහු ඇඹිලිපිටි - රත්නපුර පාර වසති
බණ්ඩාර Monday, 15 February 2016 08:59 AM
ඇඹිලිපිටිය පොලිසියට කථා කරන්න (බ)
සේනක Monday, 15 February 2016 09:24 AM
රොහාන් ප්‍රායෝගික වෙන්න උත්සාහ කරන්න.. ඕක කියන්න ඕනි ජන්මයක් ජාතියක් නැති පාරිභෝගිකයා ගසා කන තොග වෙළෙන්දාට. මේ අහිංසක මිනිස්සු දුක්ව්දල මහන්සි වෙලා නිෂ්පාදනය කළාට අතට හම්බ වෙන්නේ සොච්චම් මුදලක්. ඕකනේ තිත්ත ඇත්ත. (ර)
අනුරාධ Monday, 15 February 2016 09:36 AM
"එම ස්ථානය හරහා ගිලන් රථ දෙකකට සහ බන්‍ධනාගාර රථයකට පමණක් ගමන් කිරිමට විරෝධතාකරුවෝ ඉඩ දුන්හ." බලන්න මේ මිනිස්සු කොච්චර සංවේදී ද කියල. ඇත්තෙන්ම දුකක් දැනෙනවා. (ර)
හිමාල් Monday, 15 February 2016 09:52 AM
ලංකාවේ පොහොර සහනාධාරයෙන් ගොඩ ගියේ පෝර ගෙන්වන සමාගම්. ඒවයේ රසායනික පෝර වලට අඛණ්ඩ ඉල්ලුමක් ඇතිවුනා. ගොවියා කාබනික පෝර භාවිතයෙන් ඈත් වුනා. (ර)
රොහාන් Monday, 15 February 2016 08:23 AM
අපිට කියන්න තියෙන්නේ සහන මිලට බෝග විකුණන්න කියල (ම)