අතිරේක බෝග සඳහා පෝර ලබාදෙන්නැයි ඉල්ලමින් වලව කලාපයේ ගොවි සංවිධාන දොළහක නියෝජිතයෝ පන්සියයකට අධික පිරිසක් ඇඹිලිපිටිය රත්නපුර ප‍්‍රධාන පාර තිඹොල්කැටිය ගොවිජන සේවා කාර්යාලය ඉදිරිපිටින් හරස් කිරිම නිසා අද (15) පෙරවරුවේ පැය ගණනාවක් එම මාර්ගයේ වාහන ගමනාගමනය ඇණහිට තිබිණි.
ඇඹිලිපිටිය සහ උඩවලව පොලිසිවල නිලධාරීන් මාර්ගයේ වාහන ගමනාගමනයට ඉඩ ලබාදීමට උත්සාහ ගත්ත ද විරෝධතාවේ නියුතු ගොවීහු පොලිසියේ ඉල්ලීමට කන් නොදී දිගින් දිගටම විරෝධතාවේ නිරත වූහ.
එම ස්ථානය හරහා ගිලන් රථ දෙකකට සහ බන්‍ධනාගාර රථයකට පමණක් ගමන් කිරිමට විරෝධතාකරුවෝ ඉඩ දුන්හ.
වලව ගොවි අයිතින් සුරැකීමේ සංවිධානය මෙම විරෝධතාව සංවිධානය කර තිබුනි.
ගොවිජන සේවා ප‍්‍රාදේශීය නිලධාරිනියගේ කාර්යාලයට විරෝධතාකරුවන් ඇතුළුවීමට ගත් උත්සාහය පොලිසිය මැදිහත්ව වැළැක්වූ අතර ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පිහිටි ගොවිජන බැංකුව ඉබියතුරු දමා වසා දැමිණි.
පසුව ගොවි නියෝජත පිරිසක් තිඹොල්කැටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ප‍්‍රාදේශීය ගොවිජන සේවා නිලධාරින් සමග සාකච්ඡාවක් පැවැත්වුවද ගොවීන්ගේ ඉල්ලීමට විසදුමක් නොලැබිණි. එහිදී උණුසුම් අදහස් හුවමාරුවක් ද ඇතිවිය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇඹිලිපිටිය පොලිසියට කථා කරන්න (බ)
රොහාන් ප්‍රායෝගික වෙන්න උත්සාහ කරන්න.. ඕක කියන්න ඕනි ජන්මයක් ජාතියක් නැති පාරිභෝගිකයා ගසා කන තොග වෙළෙන්දාට. මේ අහිංසක මිනිස්සු දුක්ව්දල මහන්සි වෙලා නිෂ්පාදනය කළාට අතට හම්බ වෙන්නේ සොච්චම් මුදලක්. ඕකනේ තිත්ත ඇත්ත. (ර)
"එම ස්ථානය හරහා ගිලන් රථ දෙකකට සහ බන්‍ධනාගාර රථයකට පමණක් ගමන් කිරිමට විරෝධතාකරුවෝ ඉඩ දුන්හ." බලන්න මේ මිනිස්සු කොච්චර සංවේදී ද කියල. ඇත්තෙන්ම දුකක් දැනෙනවා. (ර)
ලංකාවේ පොහොර සහනාධාරයෙන් ගොඩ ගියේ පෝර ගෙන්වන සමාගම්. ඒවයේ රසායනික පෝර වලට අඛණ්ඩ ඉල්ලුමක් ඇතිවුනා. ගොවියා කාබනික පෝර භාවිතයෙන් ඈත් වුනා. (ර)
අපිට කියන්න තියෙන්නේ සහන මිලට බෝග විකුණන්න කියල (ම)