ඇමරිකා එක්සත් ජනපදයේ පෝර්ට්ලන්ඩ් හිදී පසුගියදා මාර්ගයේ අවහිරතා ඇති කළැයි ගසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබිණි.
නමුත් ඇත්තටම ගසක් ලෙස සැරසුණු මිනිසකු එහි සිටි බව සීඑන්එන් පුවත් සේවය කියයි.
නගරයේ දකුණු දෙස අන්තර් හුවමාරුවේ මැද තමා කලා කටයුත්තක් වෙනුවෙන් රංගනයක යෙදීම සඳහා සිටි බවත් අත්අඩංගුවට පත්වූ ඈෂර් වුඩ්වර්ත් පවසයි.
තමාට වුවමනා වූයේ මිනිසුන් ස්වභාවික නර්තන රචනා කෙරෙහි කෙතරම් උනන්දුවක් දක්වනවාද යන්න බැලීම බව ඔහු කියයි. බොහෝ දෙනෙක් ඔහු සමග ඡායාරූප හා වීඩියෝ ලබාගැනීම හේතුවෙන් ඔහුගේ අවශ්‍යතාවය ඉටු වූ බව කියති.
නමුත් පොලිසියට එය වැදගත් නොවූ අතර මාර්ගය අවහිර කිරීම හේතුවෙන් ඔහුට දඩ නියම කැරිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ලංකාවේ වුණා නම්, දෙනාටම හතර හැඳි කැඩිලා , බන්ධනාගාර රෝහලේ , දින නියමයක් නැතිව රිමාන්ඩ් බාරයේ , වෙනස එ පමණය (ම)
ලංකාවේ නම් කිසි කතාවක් නැහැ, ගහ දුවන්න හැදුවා කියල වෙඩි තියනවාමයි. (නි)
පුදුමයක් නැහැ. මෙයාගේ නමත් ගහනේ (වුඩ්)