ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෙඩෙට් නිළධාරීන් 83 දෙනකු පියාසර නිළධාරීන් ලෙස අධිකාරිධූරයට පත්ව විසිරැ යෑමේ උත්සවය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ දී අද පැවැත්විණි. එම පිරිස අතර හිටපු ගුවන් හමුදාපති හැරි ගැණතිලක මහතාගේ මුණුපුරු රෙහාන් ගුණතිලක ද සිටි. ඔහු වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රොෂාන් ගුණතිලක මහතාගේ පුතාය. පියාසර නිළධාරීන් මෙතරම් පිරිසක් එකවර විසිරැ ගිය ප්‍රථම අවස්ථාව මෙයයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න කොයිතරම් ආඩම්බරයක්ද? අපේ රට බේරුව විරුවනි.. ඉදිරියටත් අපි ඔබ සමගයි..!!(නු)
රට දැය රුකුමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා..!!!(නු)
සුභ අනාගතයක් ඔබට සැමට.. රටට අවංකව සේවය කරන්න.. (නු)
සුභ පැතුම්...!!(නු)
මමත් පොඩිකාලෙ ගොඩක් බලාපොරොත්තු තිබුණ මේකට යන්න.. ඔබට ජය..!!(නු)
මෙයාලගෙ මුහුණුවල පොඩ්ඩක්වත් හිනා පාටක් පේන්න නැහැනේ.... ඒ මොකද?(නු)
ඔබ සැමට තෙරුවන් සරණයි...!!(නු)
අනේ, හිනා වෙවී පුළුවන්න යුද්ධෙකට යන්න ෆිරෝ? (නි)
05 August 2012 සමන් රොහාන් රණසිංහ, අපේ අම්මයි තාත්තයි කලේ, පිට වැරදි හදන්න කලින් අපේ ගෙදර වැරදි හැදුවා. ඒ අපේ අම්මයි තාත්තයි අපට දුන්න ආදර්ශය අනුව හිමින් හිමින් අපේ වරදි හදා ගනිමු. අපිට හදිසියට කොරහෙත් අත දාගන්න බැරි බව හොදින් මතක තබා ගන්න. ශ්‍රී ලංකාවේ වන අපේ රටේ සිංහල ජාතියතමයි, දැනට මේ ලෝකයේම ඉහලින්ම සිටින බුද්ධිමත් ජාතිය, අපේ සිංහල ජාතියට කරන්නට බොහෝ වැඩකොටසක් තියනවා, මේ ලෝකයේ දැනට වසන අනික් විවිධ ජාතීන් වෙනුවෙන්. මනුෂ්ශයෝ වන අපි තව කෙනෙකුට වරද පෙන්වලා දෙන්න ඕනේ, වැරදි නොකරන කෙනෙකුට නොවේ. එහෙනම් මනුෂ්ශයෝ වන අපි වැරද පෙන්වලා දෙන්න ඕනේ, වැරැදි කරන කෙනාටයි. පිටරට දියුණුයි කිව්වට, පිටරට දියුණුව තියෙන්නේ හෞතික වස්තු නිර්මානයේ, ඒහෙත් ශ්‍රී ලංකාදීපය දියුණු, මනුෂ්ෂත්වය අතින්. මනුෂයෝ මේ ලෝක පටලවගෙන. මේ ලෝකයේ ලෝක තුනක් තියනවා. දිවය ලෝක, මනුෂ්ශ ලෝක සහ තිරිසන් ලෝක. මේ ලෝක වලින් අපි ඉන්නේ මනුෂ්කම අතින් දියුණුම ලෝකය වන දිව්‍ය ලෝකයේ, නැතුව අපි නොදියුණු තුන්වන ලෝකය නොවේ. සිංහල බෞද්ධ අපේ සංඝයා වහන්සේලා පිටරට ධර්මක් ප්‍රචාරයට පිටරට වැඩිය විට පිටරට ඒ ජාතීන් ඒ ඒ රටවල හාෂාවෙන් බුද්ධදර්මය කියලා දෙන්න සංඝයා වහන්සේලාට ඉඩහරින්න. අපේ සිංහල ජාතියට අපේ රටේ ඕන තරම් බුද්ධදර්මය ඉගෙනගැනීමට ඉඩ ප්‍රස්ථාව තියනවනේ. අපි හිමින් හිමින් ලෝකය යමක් කියලා දෙමු උදව්කරමු. මේ කරන පුණයක්ක්‍රියාවට ඔබ සියලුදෙනාටම ස්තුතියි. ශ්‍රී ලංකාවේ වන අපේ රටේ සිංහල ජාතියට ලෝකයේ විවිධ ජාතීන් වෙනුවෙන් කරන්නට වැඩ ගොඩක් ඇත.
ඉන්දියාවත් එක්ක යුද්ධයකටවත් යනවද මන්දා. (නි)
වැඩකාරයින් සැමගේ වැඩකාරයෙක්. (ත)
හෙළවිරුවනි, ජය වේවා! (නි)
හිතවත් ෆීරෝ... මෙම තරුණ පිරිස් සිනාවිය යුතු සහ නොයුතු ස්ථාන ගැන හොඳ අවබෝධයක් ඇති නිර්භීත පිරිසක්....කරුණාකර මෙවැනි මෝඩ අදහස් පල කිරීමේන් වලකින්න. (ත)
පරපුරක අභිමානය, අනාගත ගුවන් හමුදාපති. (ත)
අපේ ගුවන් හමුදාව ගොඩක් නවීකරණය වෙන්න ඕනෑ. දුපතක් වෙච්ච අපිට ලොකුම ශක්තිය ප්‍රභල නාවික හා ගුවන් ශක්තියයි. අනාගතයේ ලංකාව ආර්ථික වශයෙන් ආසියාවේ කේන්ද්‍රස්ථානයක් වෙනවා නම්, මේ රටේ වටිනාකම ඉහළ යනවා, එතකොට ඒ සමගින් රටේ ආරක්ෂාව ගැනත් ගොඩක් හිතන්න වෙනවා. ප්‍රභල හමුදා ශක්තියක් ඕනේ ඉදිරියට , එතකොට කාටවත් ඕනෑ විදිහට නටන්න ඕනෑ නැහැ. හොදම උදාහරණය පුංචි සිංගප්පූරුව. ලංකාවෙන් 1/5 ක් වත් නැති මේ රට ආර්ථික මරමස්ථානයක්. වටේම ඇත්තේ අභියෝග එල්ල කරන විශාල රටවල්. නමුත් සිංගප්පූරුවට අත තබන්න කවුරුවත් හිතන්නේවත් නැහැ. මොකද අග්නිදිග ආසියාවේ ප්‍රභලම ගුවන් හා නාවික බලය හිමි වෙන්නේ මේ පුංචි රටටයි. ඊශ්‍රායලයත් එහෙමයි, ලංකාවෙන් 3/4 ක් විතර ඇති , වටේම ඇත්තේ දැවැන්ත මුස්ලිම් රටවල්, නමුත් සයදින යුද්ධයේදී, සිරියා, ඊජිප්තු, ජෝර්දාන හමුදා එකවිට තුන් පැත්තකින් එල්ල කල ආක්‍රමණයේදී, දින 6 ක් තුළ රටවල් තුනටම දුවන්න ගහන්න ඊශ්‍රායෙල් ගුවන් හමුදාවට හැකි වුණා. ඇමෙරිකාවට ගුවන් හමුදා යානා 18000 ක ශක්තියක් තිබෙනවා, චීනය 5850, රුසියාව 3350, ඉන්දියාව 3300, පකිස්ථානය 2400, එංගලන්තය 2300, සිංගපූරුව 520, නමුත් අපට ඇත්තේ 200 ක් විතරයි, අඩුම ගන්නේ මේක 1000ක් වත් කරගන්න ඕනෑ, දැන් ත්‍රස්තවාදී යුද්ධයක් නැති නිසා , වැදගත් ගුවන් සටන් සදහා අවශ්‍ය ගුවන් යානායි. මිග් 29, 35 වගේ ඒවා 500ක් වත් ඕනේ දකුණු ආසියාව සමග කරට කර ඉන්න. අපි දැන් නැව් හදන නිසා, හොද නාවික යාත්‍රා අත්හද බලන්න ඕනෑ. ඉලක්කයක් ඇතිව ගොඩනගන්න ඕනෑ. (නි)