IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පියාසර නිළධරයෝ විසිරැ යති

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෙඩෙට් නිළධාරීන් 83 දෙනකු පියාසර නිළධාරීන් ලෙස අධිකාරිධූරයට පත්ව විසිරැ යෑමේ උත්සවය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ දී අද පැවැත්විණි. එම පිරිස අතර හිටපු ගුවන් හමුදාපති හැරි ගැණතිලක මහතාගේ මුණුපුරු රෙහාන් ගුණතිලක ද සිටි. ඔහු වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රොෂාන් ගුණතිලක මහතාගේ පුතාය. පියාසර නිළධාරීන් මෙතරම් පිරිසක් එකවර විසිරැ ගිය ප්‍රථම අවස්ථාව මෙයයි.



අදහස් (0)

පියාසර නිළධරයෝ විසිරැ යති

අනුර Saturday, 04 August 2012 09:13 PM

බලන්න කොයිතරම් ආඩම්බරයක්ද? අපේ රට බේරුව විරුවනි.. ඉදිරියටත් අපි ඔබ සමගයි..!!(නු)

:       0       0

අනුරාධ Saturday, 04 August 2012 10:01 PM

රට දැය රුකුමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා..!!!(නු)

:       0       0

කුරේ නාවලගේ ජූඩ් යොහාන් Saturday, 04 August 2012 10:23 PM

සුභ අනාගතයක් ඔබට සැමට.. රටට අවංකව සේවය කරන්න.. (නු)

:       0       0

දමිත Saturday, 04 August 2012 10:24 PM

සුභ පැතුම්...!!(නු)

:       0       0

කෙවින් Saturday, 04 August 2012 10:33 PM

මමත් පොඩිකාලෙ ගොඩක් බලාපොරොත්තු තිබුණ මේකට යන්න.. ඔබට ජය..!!(නු)

:       0       0

ෆිරෝ Saturday, 04 August 2012 10:55 PM

මෙයාලගෙ මුහුණුවල පොඩ්ඩක්වත් හිනා පාටක් පේන්න නැහැනේ.... ඒ මොකද?(නු)

:       0       0

නිමල් Saturday, 04 August 2012 11:31 PM

ඔබ සැමට තෙරුවන් සරණයි...!!(නු)

:       0       0

හෙට්ටිආරච්චි Sunday, 05 August 2012 04:10 AM

අනේ, හිනා වෙවී පුළුවන්න යුද්ධෙකට යන්න ෆිරෝ? (නි)

:       0       0

Saman Rohan Ranasinghe Sunday, 05 August 2012 04:27 AM

05 August 2012 සමන් රොහාන් රණසිංහ, අපේ අම්මයි තාත්තයි කලේ, පිට වැරදි හදන්න කලින් අපේ ගෙදර වැරදි හැදුවා. ඒ අපේ අම්මයි තාත්තයි අපට දුන්න ආදර්ශය අනුව හිමින් හිමින් අපේ වරදි හදා ගනිමු. අපිට හදිසියට කොරහෙත් අත දාගන්න බැරි බව හොදින් මතක තබා ගන්න. ශ්‍රී ලංකාවේ වන අපේ රටේ සිංහල ජාතියතමයි, දැනට මේ ලෝකයේම ඉහලින්ම සිටින බුද්ධිමත් ජාතිය, අපේ සිංහල ජාතියට කරන්නට බොහෝ වැඩකොටසක් තියනවා, මේ ලෝකයේ දැනට වසන අනික් විවිධ ජාතීන් වෙනුවෙන්. මනුෂ්ශයෝ වන අපි තව කෙනෙකුට වරද පෙන්වලා දෙන්න ඕනේ, වැරදි නොකරන කෙනෙකුට නොවේ. එහෙනම් මනුෂ්ශයෝ වන අපි වැරද පෙන්වලා දෙන්න ඕනේ, වැරැදි කරන ‍කෙනාටයි. පිටරට දියුණුයි කිව්වට, පිටරට දියුණුව තියෙන්නේ හෞතික වස්තු නිර්මානයේ, ඒහෙත් ශ්‍රී ලංකාදීපය දියුණු, මනුෂ්ෂත්වය අතින්. මනුෂයෝ මේ ලෝක පටලවගෙන. මේ ලෝකයේ ලෝක තුනක් තියනවා. දිවය ලෝක, මනුෂ්ශ ලෝක සහ තිරිසන් ලෝක. මේ ලෝක වලින් අපි ඉන්නේ මනුෂ්කම අතින් දියුණුම ලෝකය වන දිව්‍ය ලෝකයේ, නැතුව අපි නොදියුණු තුන්වන ලෝකය නොවේ. සිංහල බෞද්ධ අපේ සංඝයා වහන්සේලා පිටරට ධර්මක් ප්‍රචාරයට පිටරට වැඩිය විට පිටරට ඒ ජාතීන් ඒ ඒ රටවල හාෂාවෙන් බුද්ධදර්මය කියලා දෙන්න සංඝයා වහන්සේලාට ඉඩහරින්න. අ‍පේ සිංහල ජාතියට අපේ රටේ ඕන තරම් බුද්ධදර්මය ඉගෙනගැනීමට ඉඩ ප්‍රස්ථාව තියනවනේ. අපි හිමින් හිමින් ලෝකය යමක් කියලා දෙමු උදව්කරමු. මේ කරන පුණයක්ක්‍රියාවට ඔබ සියලුදෙනාටම ස්තුතියි. ශ්‍රී ලංකාවේ වන අපේ රටේ සිංහල ජාතියට ලෝකයේ විවිධ ජාතීන් වෙනුවෙන් කරන්නට වැඩ ගොඩක් ඇත.

:       0       0

මතුගම Sunday, 05 August 2012 05:57 AM

ඉන්දියාවත් එක්ක යුද්ධයකටවත් යනවද මන්දා. (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 05 August 2012 07:34 AM

වැඩකාරයින් සැමගේ වැඩකාරයෙක්. (ත)

:       0       0

සුනිල් Sunday, 05 August 2012 08:53 AM

හෙළවිරුවනි, ජය වේවා! (නි)

:       0       0

සම්පත් Sunday, 05 August 2012 10:02 AM

හිතවත් ෆීරෝ... මෙම තරුණ පිරිස් සිනාවිය යුතු සහ නොයුතු ස්ථාන ගැන හොඳ අවබෝධයක් ඇති නිර්භීත පිරිසක්....කරුණාකර මෙවැනි මෝඩ අදහස් පල කිරීමේන් වලකින්න. (ත)

:       0       0

චාතුර්ය - කටුනායක Sunday, 05 August 2012 12:00 PM

පරපුරක අභිමානය, අනාගත ගුවන් හමුදාපති. (ත)

:       0       0

කෙනත් Wednesday, 15 August 2012 09:31 PM

අපේ ගුවන් හමුදාව ගොඩක් නවීකරණය වෙන්න ඕනෑ. දුපතක් වෙච්ච අපිට ලොකුම ශක්තිය ප්‍රභල නාවික හා ගුවන් ශක්තියයි. අනාගතයේ ලංකාව ආර්ථික වශයෙන් ආසියාවේ කේන්ද්‍රස්ථානයක් වෙනවා නම්, මේ රටේ වටිනාකම ඉහළ යනවා, එතකොට ඒ සමගින් රටේ ආරක්ෂාව ගැනත් ගොඩක් හිතන්න වෙනවා. ප්‍රභල හමුදා ශක්තියක් ඕනේ ඉදිරියට , එතකොට කාටවත් ඕනෑ විදිහට නටන්න ඕනෑ නැහැ. හොදම උදාහරණය පුංචි සිංගප්පූරුව. ලංකාවෙන් 1/5 ක් වත් නැති මේ රට ආර්ථික මරමස්ථානයක්. වටේම ඇත්තේ අභියෝග එල්ල කරන විශාල රටවල්. නමුත් සිංගප්පූරුවට අත තබන්න කවුරුවත් හිතන්නේවත් නැහැ. මොකද අග්නිදිග ආසියාවේ ප්‍රභලම ගුවන් හා නාවික බලය හිමි වෙන්නේ මේ පුංචි රටටයි. ඊශ්‍රායලයත් එහෙමයි, ලංකාවෙන් 3/4 ක් විතර ඇති , වටේම ඇත්තේ දැවැන්ත මුස්ලිම් රටවල්, නමුත් සයදින යුද්ධයේදී, සිරියා, ඊජිප්තු, ජෝර්දාන හමුදා එකවිට තුන් පැත්තකින් එල්ල කල ආක්‍රමණයේදී, දින 6 ක් තුළ රටවල් තුනටම දුවන්න ගහන්න ඊශ්‍රායෙල් ගුවන් හමුදාවට හැකි වුණා. ඇමෙරිකාවට ගුවන් හමුදා යානා 18000 ක ශක්තියක් තිබෙනවා, චීනය 5850, රුසියාව 3350, ඉන්දියාව 3300, පකිස්ථානය 2400, එංගලන්තය 2300, සිංගපූරුව 520, නමුත් අපට ඇත්තේ 200 ක් විතරයි, අඩුම ගන්නේ මේක 1000ක් වත් කරගන්න ඕනෑ, දැන් ත්‍රස්තවාදී යුද්ධයක් නැති නිසා , වැදගත් ගුවන් සටන් සදහා අවශ්‍ය ගුවන් යානායි. මිග් 29, 35 වගේ ඒවා 500ක් වත් ඕනේ දකුණු ආසියාව සමග කරට කර ඉන්න. අපි දැන් නැව් හදන නිසා, හොද නාවික යාත්‍රා අත්හද බලන්න ඕනෑ. ඉලක්කයක් ඇතිව ගොඩනගන්න ඕනෑ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 25 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 119 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site