සංජීව පුෂ්පකුමාර විසින් නිර්මාණය කැරුණු පියාඹන මාළුවෝ චිත්‍රපටය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ චිත්‍රපට උළෙකදී ප්‍රදර්ශනය කිරීමට විරෝධය පළ කරමින් කොළඹ නගර ශාලාව අසල සිට බාන්ස් පෙදෙසේ ප්‍රංශ තානාපති කාර්යාලය දක්වා උද්ඝෝෂණයක් ඇරැඹූහ.
මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය අවසර දී තිබිණි.
යුද හමුදාවට අවමන් කැරෙන දර්ශන එහි ඇතැයි ද නිෂ්පාදකට එරෙහිව නඩු පවරන්නේයැයි ද ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා පවසයි.
මේ උද්ඝෝෂණයට ජාතික ධජය අතින් ගත් ආබාධිත රණවිරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබටම තේරුම් ගන්න ලින්ක් එක බලන්න http://www.filmkrant.nl/world_wide_angle/6524 video trail : http://www.youtube.com/watch?v=aezTkcrNqzQ (අ)
මේක බලලම ප්‍රතිචාර දාන්නා. මේකේ තියෙන්නේ අපේ හමුදාවට ගරහන දර්ශන සහිත පසුබිම් කතාවක්. හමුදා ජීවිත දහස් ගනනක් පුජා කරලා රැක ගත්තා රට. මෙයාලාට මේවා හදන්න පුළුවන් මේ නිදහස තියන නිසා. සම්මානයක් දෙනවා කිව්වොත් වැදු අම්මවත් විකුණයි මේ වගේ මිනිස්සු.(නදී)
අරක්කු බාගේටයි බත් පැකට් එකටයි ලංකාවේ මිනිස්සු මේ තරම් කෑදර අයි කියලා මට කවදාවත් තෙරුම් ගන්න බැරි ප්‍රස්නයක්. මන් එහෙම කිවේ දේශපාලක මැර පුත්‍රයන්ගෙන් ගුටිකාලා පැමිණිල්ල ඉල්ලා අස් කරගනිද්දී, දේශපාලුවන්ගෙන් පොලිසිය ගුටි කද්දී නෑසුනා නොදැනුනා වගේ සිටිද්දී කෝ මේ උද්ගෝෂණ.(නදී)
දේශපාලක රිලා පුතාලගෙන් ගුටිකන හමුදාවත් බත් පැකට් එකටයි අරක්කු බාගේටයි යට උනා එහෙනම්.(නදී)
චිත්‍ර පටියේ නමින්ම පේනවා ප්‍රෝඩාවක් කියලා . පියාඹන මාළුවෝ ..!!! පියාඹන පරවියෝ කියලාවත් දැම්මනම් මොකක්හරි තේරුමක් තියෙනවා. (ස)
මේ කොයි යන්නේ--කලාව.දේශපාලනය.ආරක්ශාව මේවා හැම දෙයක්ම අපේ රටේ හොදටම පටලවාගෙන. (ස)
'ද ෆ්ලැටූන්' චිත්‍රපටිය බලපු කෙනෙක් මේවට විරුද්ධ වන්නේ නැහැ. ඔය පෙළපාලියේ යන අය අරගෙන යන පින්තුර දැක්කම හිතාගන්න පුළුවන් කාගේ වුවමනාවට යන පෙළපාලියක්ද කියලා. (නි)
මෙම සිනමා පටය තුල අපේ හමුදාවට කිසියම් අපහාසයක් සිදුවී තිබුනා නම්, ඒ ගැන අදාල බලධාරීන් මිට කලින් ක්‍රියාත්මක විය යුතුව තිබනා නේද? මේ සිනමා පටය ජාත්‍යන්තරය නියෝජනය කර සම්මානත් ලබා තිබියදී, පිට රටවලත් ප්‍රදර්ශනය කර ඇති පසුබිමක අමුතුවෙන් වෙන්න තරම් අපහාසයක් තියනවද? මෙම සිනමා පටය ලංකාවේ ප්‍රදර්ශනය කිරීමට ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයෙන් අවසර ලබා දී තිබෙන තත්වයක් මත , මෙය නරඹා වත් නැති පිරිසක් උද්ගෝෂණ, විචාර හා විවේචන කරන්නේ කෙලෙසද? යන්න මා හට ඇති ප්‍රශ්නයයි. (ස)
ඇයි රජයක් වශයෙන් මෙයට අවසර දුන්නේ ? ඒ මදිවට ජනාදිපති තුමාගේ ෆොටෝ ත් විරෝදතාවේ අරන් එනවා ,(නදී)
ප්‍රන්ශයේ පෙන්නවාටත් විරුද්ධ වෙනවද? (නි)
ඔතන හිටිය එක්කෙනෙක්වත් ඒ ෆිල්ම් එක බලලවත් තියනවද? (නි)
හමුදාව අමාරුවෙන් ගත්ත ජයග්‍රහණය මෙහෙම හෝදලා දානවා නම් මොවුන්ට ඔහොම තමා කරන්න ඕනෑ.චිත්‍රපටය තහනම් කරන්නම තමා ඕනෑ. (නි)
මේ විරෝදය සංවිදානය කලේ කව්ද? සිනමාපටයක් පෙන්නන්න නිදහසක් නැද්ද? ආණ්ඩුවට කඩේ යන නිර්මාවකරුවන්ට විතරද නිදහස.(නදී)
මේ සියලු දෙනාගේම ජාත්‍යාලය හමුදාවට අපහාස කලාටද? මේක චිත්‍රපටයක්. වාර්තාවක් නොවෙයි. 1988-89 කාලේ සිද්ධි අලලා හමුදා කතාවක් හැදුවොත් කොහොමද? මේක බැලුව කියල යුද්ධය දිනීමේ ගෞරවය හමුදාවට නැති වෙන්නේ නැහැ. නමුත් මේක තහනම් කිරීමෙන් රටේම හොඳ නම නැති වෙනවා. (දී)
සෑම්, මම මේ චිත්‍රපටය ප්‍රංශයේදී බැලුවා. මේකේ තියෙන්නේ හමුදාවට ගරහන දර්ශන සහ පසුබිම් කතාවක්. මේකට සම්මාන හම්බ උනෙත් ඒ නිසා. යථාර්තයට සම්මාන දෙනවා නම් අර එල් ටී ටී ළමා සොල්දාදුවන් ගැන හදපු චිට්‍රපටියටත් සම්මාන දෙන්න ඕනේ. අපේ තානාපතිලා මෙහෙ ඉන්නවට වැඩිය හොදයි හරක් පට්ටියක් බලා ගන්න දැම්මා නම්.(නදී)
දිවි පුදමින් රට රැකගත් රණ විරුවන්ට අවමානයක් කර ඇත්නම් දේශපාලනයකින් තොරව ඔවුන්ට විරෝධය දැක්විය යුතුය දැන් සම්මාන සදහා රට විකුණා හෝ චිත්‍රපටි සැදීම රැල්ලක් වී ඇත (අ)
රණවිරුවන්ට ආදරය කරන ලාංකිකයින් මෙය ප්‍රදර්ශනයට විරුද්ධව නැගී සිටින්න (නි)
ප්‍රංශයත් විරුද්ධව යයිද? (නි)
මේ වගේ වැඩවලට විරුද්දව නැගී සිටිය යුත්තේ අපේ හමුදාවේ ලොකු ලොක්කන්. (නි)
සම්මානයක් ගන්න ඕනේ නම් රට විකුණලා හරි ෆිල්ම් එකක් හදයි (නි)
අපේ රටට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවක් මොකටද?අපේ රටට රැගුම් පාලක මණ්ඩලයක් මොකටද? (නි)
ඕනෑම දෙයක පෙනෙන පැත්තක් හා නොපෙනෙන පැත්තක් ඇත. (නි)
හමුදාව අමාරුවෙන් ගත්ත ජයග්‍රහණය සම්මාන සදහා අවමාන කරන මොවුන්ට දෙන්න ඕනෑ හොද දඩුවමක් (නි)
ලංකාවේ දේශපාලකයන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙනුයි මෙවැනි විරෝධතා සංවිධානය කරන්නේ. ඒ ඔවුන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා මිස වෙනත් කිසිවක් නිසා නොවේ.ගෝත්‍රික මානසිකත්වයෙන් හැමදේම අවලෝකනය කරන නිසා ඔවුන්ට මෙ වැනි සිනමා නිර්මාණයන්ද පෙනෙන්නේ තහනම් උත්තේජන ලෙසය. 17 සියවසේ සිදුවුණ ප්‍රංස විප්ලවය අපේ රටේ සිදුවෙලා තුබුණා නම් අද අපට මේ පිලිබඳ විවිධ දෘෂ්ටි කෝන වලින් බැලූ සිනමා කාව්‍ය දැකගන්න නොලැබේවි. ලුවී රජතුමා සහ මාරි අන්ටෝනට් බිසව පිළිබඳව නිර්මාණ තහනම් කරාවී.ජර්මනියේ ද හිට්ලර් චරිතය අලලා නිර්මාණ එළිදකී.නමුත් අපේ රටේ මෙන් කාඩ්බෝඩ් දේශප්‍රේමී වියරු මානසිකත්වයක් මේ රට වල පාලකයන්ට නැත. (නි)
සෝමේ මාමා රේණු නැන්දා වගේ ඉතිහාසයේ මොකක් හරි කතාවක් ගැහුවා නම් හරි. නැත්තම් චෞර රැජින වගේ එකක් ගැහුවා නම් පිටපත් 55ක් විතර එලියට දාගන්න තිබ්බා. මීට පස්සෙවත් මේ ගොල්ලන්ව ආදර්ශයට ගන්න ෆිල්ම් එකක් හදන්න ඉස්සෙල්ලා (නි)
සිනමා පටය බලන්නේ නැතුව මත ප්‍රකාශ කිරීම වැරදියි. විදුලි බිල වැඩි කරන විට ඒක හරිය කියලා පාරට බැස්ස මිනිසුන් ඉන්න රටක මේ විරෝධතා මොනවද? රණවිරුවන් ගැන කතා කරන උදවිය යුද්ධයට ගියාද? (නි)
රණ විරුවන්ට අවමාන සිදුවන්නේ මනං කල්පිත සිනමා කෘතියකින්ද නැති නම් ඔවුන් මේ මුහුණ දෙන සමාජ ,ආර්ථික ,දේශපාලන යථාර්තයෙන්ද ? මැදිරිගිරියේ සඳකඩ පහනක් කඩා නිධන් සොයයි. මහවිලච්චියේ මහා දවල් විශේෂ කාර්ය බලකාය නිධන් හාරයි. පැහැර ගැනීම්,මංකොල්ල කෑම සියල්ල වාර්තා වන්නේ මේ සමාජ ආර්ථික පසුබිම මතය. අද රණවිරුවා දේශපාලකයන්ගේ පුතුන්ගෙන් ගුටි කා, නිවට නියාලු කර හමාරය. මේ දේශප්‍රේමීන්ට අමතක වී ඇති තිත්ත ඇත්ත මෙයයි.(නදී)