ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටුම් අළලා නිර්මාණය කළ ‘පියාඹන මාළුවෝ‘ චිත්‍රපටය ශ්‍රී ලංකා රජයට හා ආරක්ෂක හමුදාවට අපහාස කළ බව කියමින් තහනම් කළ බව රජයේ ප්‍රකාශකයෙක් කියයි.
ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ ලක්ෂ්මන් හුළුගල්ල මහතා කියනුයේ එම චිත්‍රපටයේ ඇතැම් චරිතවලට ආරක්ෂක අමාත්‍යංශයේ අවසරයක් නොමැතිව හමුදා නිල ඇඳුම් පාවිච්චි කිරීම නිසා මේ තහනම පැනවූ බවයි.
චිත්‍රපටයේ නිශ්පාදකයනට විරුද්ධව නීති මගින් ක්‍රියා කරන බවත් ඔහු කියයි.
පියාඹන මාළුවෝ චිත්‍රපටය සංජීව පුෂ්පකුමාරගේ නිශ්පාදනයකි.
එහි ප්‍රථම ජගත් දර්ශනය 2011දී එතෙර ප්‍රදර්ශනය විය.
මෙම චිත්‍රපටය ද ඇතුළත් චිත්‍රපට උළෙලක් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය 11 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ නමුත් එය නතර කැරිණි.
මෙම චිත්‍රපටය මහජන ප්‍රදර්ශනයට සුදුසු බවට ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ද දී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලිං මැඩියන්ට කට උල් කර පෙන්නමින් පියාඹන මාලුවනේ, තොපි වතුරෙන් ගොඩ දාපු ගමන් මැරෙනවා. එතකොට හොදයි ඇසිඩ් දාලා කල්තියාගන්න ටින් කරන්න. එතකොට තොපි ටින් මාළුවෝ, අපි ගොඩ දිය දෙකම ඔට්ටු ලිං මැඩියෝ.ලිද තිබෙන තුරු අපි සැපෙන් ඉන්නවා (නි)
එතකොට රැගුම් පාලක මණ්ඩලයට තේරුම් ගියේ නැද්ද මේ ගරහන්නේ අපේ රණ විරුවන්ට කියලා? මෙයට කලිනුත් ඔය වරදම කරපු අවස්ථා තිබුනා. (නි)
ජීවිත පුජාවෙන් ලබාගත් ජයග්‍රහණය වගේම සොල්දාදුවන්ට කැළලක් වෙනවා නම් දෙන්නම එපා (නි)
ඒකනේ දැන් ඉතිහාසේ ගැනම ෆිල්ම් හදන්නේ. බොරු දැම්මත් ඉතිහාසය ගැන දන්නා කවුද ඉන්නේ අද රටේ? (නි)
ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය විහිළුවක් බවට පත් වුන හැටි? ඇයි අපි මිලිටරි කොමිසමක් පත් කර ගන්නේ නැත්තේ, කන බොන දේවල්, කියවන බලන දේවල්, යන එන ගමන් බිමන් සියල්ලම අනුමත කරවා ගන්න. (නි)
සමහරුන් මේ චිත්‍රපටයේ තිබුන දේ ගැන දන්නේ නැතුව ලියනවා. තහනම් කළේ ඇඳුම් නිසා වුනත් මෙහි අපේ දහමට හා ජාතිය අන්තිම නින්දිත ලෙස පහර ගහනවා. සම්මාන ගන්න රට පාවා දෙන්න හොද නැහැ. මේවා නිර්මාණ නෙමෙයි. මේ නිසා පසුව ප්‍රංශ චිත්‍රපට උළෙලම අවලංගු කළා. වැඩේ ඒ තරම් දරුණුයි. (නි)
හමුදාව, යුද්ධය ගැන කරන හැම නිර්මාණයක්ම ආරක්ෂක අමාත්‍යංශයෙන් අනුමත කරගත යුතුයි කියලා නීතියක් පැනවිය යුතුයි. මොකද දැන් කීප දෙනෙක් සම්මාන බලාපොරොත්තුවෙන් මෙම නිර්මාණ කරනවා. ඔවුන්ට ලාංකීය සිනමාවටත් වඩා වැදගත් සම්මාන. ඒකනේ චිත්‍රපටය කරපු ගමන්ම ඒක ලෝක වටේ තියන සම්මාන උළෙල වලට අරගෙන යනවා. මෑත කාලයේ ප්‍රසන්න කරපු චිත්‍රපටයෙත් හමුදාවට අපහස වෙන ආකාරයේ දර්ශන තිබුණ බවත් දැනගන්න ලැබුනේ. (නි)
මෙතන තියෙන්නේ අනවසරයෙන් හමුදාවට සමාන ඇඳුම් ඇඳීමේ ප්‍රශ්නයක්ද? (නි)
සිනමා කරුවාට පවත්නා සමාජ දේශපාලනය ප්‍රති නිර්මාණය කිරීමට ඇති නිදහස අහිමි කිරීම කෙතරම් අසාධාරණද ? සිනමා නිර්මාණයක් හුදු වාර්තාවක් බවට පත් නොකොට රස විඳිය හැකි සුවිශේෂ නිර්මාණයක් කිරීම නුරුස්නා නිසාද ?එසේ නැතහොත් මේවා රස විදීමට නොදන්නා නිසාද?වන්දිභට්ටයෙක් නොවී මේ සිනමාකරු ස්වාධින මත දරන්නෙක් වීම නිසාද? (නි)
කලාකරුවන්ගේ නිර්මාණ සහ අමුද්‍රව්‍ය සපයා දුන් යුද්දය වෙනුවෙන් කළහැකි එකම යුතුකම රට පාවා නොදීමේ ප්‍රතිපත්තියේ සිටීම බව අපේ කලාකරුවන් අවබෝධ කරගත යුතුය.(අ)
අද කාලයේ බටහිර ලෝකයට අවශ්‍ය ලංකාවේ පවතින රජයට හානි කරන චිත්‍ර පටි සහ ඒවා නිෂ්පාදනය කරන සිනමා කරුවන් . ඔවුනට කොහේ හෝ රේගන් ගොස් මොකක් හෝ සම්මානයක් කියා දෙයක් දී විදේශ මුදල් ඇත මිට මොලවා . ඔවුන්ගේ මාර්ගයෙන් රටේ හමුදාවත් රජයත් අපහසු තාවයට පත් කිරීමට අපේම සිංහලයන් කට යුතු කරති . අසම්මත් ලිංගික හා ලංකාවේ හමුදාව අපකීර්තිමත් කරන මොකක් හෝ වැඩකට නැති සිනමා පටයකට බටහිර මුදල් සපයා සේමද කරන්නේ මේ දෙයමය (අ)
යුද්දය තවම නිම නැත. ජාත්‍යන්තර බලපෑම් එමටය. රටට හානි නොවන සේ යුද්දය නමැති අමුද්‍රව්‍ය භාවිත කිරීම කලාකරුවන්ගේ ජාතික යුතුකමකි. ඔබේ නිර්මාණ ජාත්‍යන්තර තලයට ගෙනයාමට අමුද්‍රව්‍ය සපයා දුන්නේ අවුරුදු 30 ඔබ යුද්දයෙන් ආරක්ෂා කර දුන් හමුදා සෙබළුන් බව අමතක නොකරන්න. ඔවුන්ට ද්‍රෝහී නොවන්න. (අ)
අපේ උන්ට සල්ලි හම්බ වෙනවා නම් අම්මා තාත්තට හරි ගරහලා නිර්මාණ කරයි. තහනම් කරලා මදි, කරපු අයට නඩු දාන්න ඕනෑ. (නි)
ශ්‍රී ලංකාව කුඩා රටක් වුණත් ක්‍රීඩා අතින් හෝ කලා නිර්මාණ වලින් ජ්‍යායත්න්තර ප්‍රසිද්ධියට පත් රටක්.ලෙස්ටර් ජේම්ස් පීරිස් වැනි අය පිලිබඳ පිටරට වල විවේචකයන් මහා ඉහළින් කතා කරනව මොවුන් පිළිබඳ මා කියවා තිබෙනවා.ඇමේරිකාවෙ තරම් යුද්ධ ඇදුම් ඇඳගෙන එරට තනා ඇති ච්ත්‍රපටි දහස් ගණනක් තනා තිබෙනවා.අපි සිනමා නිර්මානයක් දිහා බලන්න ඕනෑ අමුතුම ඇසකින්.මොකද එය කලා නිර්මාණයක් කියන අරමුණෙන් මිස දේශප්‍රේමය යන පටු අරමුණකින් නෙවෙයි.මේක කලාත්මක ලෙස මිස හුදු දේශපාලන ඇසකින් විතරක් හැම දෙයක් දිහා බලන පොල්බුරුවන්ට කිසිදිනක තේරුම් කරන්නට ගන්න තරම් පහත් බඩගොස්තරවාදීන්ට කියා දෙන්න සිදුවීම හරිම සෝචනියයි.මේවන් පරිසරයක් තුළ ඉහල මට්ටමේ නිර්මාණයක් කළ නිර්මානාකරුවන්නට මගේ ආචාරය.(අ)
මේක පැහැදිලිවම සිංහල බෞද්ධ සංස්කෘතියටත්, ආරක්ෂක හමුදාවන්ටත් නිග්‍රහ කරමින් කරපු නින්දිත වැඩක්. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අන්තර්ජාතික සිනමා උළෙල සඳහා යවන චිත්‍රපට වලට යම් නිර්ණායක හා අනුමැතියන් අවශ්‍ය බව මගේ ඉල්ලීමයි. (නි)
අපි සිනමාකරුවෝ දැක්කා.නිදහසින් ගත්තු ප්‍රයෝජන දැක්කා. තමන්ගේ රට විකුණන එක සමහරුන්ට සුළු දෙයක්. සම්මාන ජාත්‍යන්තරව ලැබෙන්නේ රට විකුණන,රටට අපහාස කරන,අපේ සමාජ පැවැත්මට අවමන් කරන තරමට තමයි (නි)
අපි වගේ රටවල්වල හමුදාවලට , මිනිස්සුන්ට ගරහල හදන ෆිල්ම් වලට ඇමෙරිකාව , බටහිර රටවල් සම්මාන දෙනවා .. වුණ් පුළුවන් තරම් මිනි මරල .. උන්ගේ වීරකම පෙන්නන්න අර්ගෝ වගේ ෆිල්ම් වලට සම්මාන දෙනවා .. අපේ මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නැනේ ... (අ)
යුද්දේ නැවතුනාට අමාරු අය අපේ කුණු හොයන්න බලාගෙන ඉන්න වෙලාවේ වල ඉහගෙන සම්මාන බලාපොරොත්තුවෙන් සමහරු නිර්මාණ කරනවා. මේවාට වාරණයක් පැනවිය යුතුයි. දැන් ගොඩක් සම්මාන දෙන්නේ රටක් අපහාසයට පත් කරන්න හදපු කෘති වලටයි. මේක නිදහස අහිමි කිරීමක් නොවෙයි. පොඩ්ඩක් මොළේ කල්පනා කරලා බලන්න. අදහස් දක්වන්න ජීවත් වෙන්න රටක් තියෙන්න ඕනෑ. බොරු සිදුවීම් ඇතුළත් කෘති තහනම් කරපු එකට අමාරු අය පොඩ්ඩක් බලන්න ඇමරිකාව තමන් ඇත්තටම කරපු වැරදි එළිදරවු කරන අයව මරන්න හොයන හැටි මේ දවස් වල. එහෙමයි ඒ අය තමන්ගේ රට ගැන හිතන්නේ. චැනල් 4 එක සහ කොටි ඩයස්පෝරාව අපේ යුද්දේ ගැන දාන බොරු වලට අපිත් තව බොරු එකතු කරන්න ඕනෑද? (නි)
මෙම චිත්‍රපටය 2011 රුසියාවේ පීටර්ස්බර්ග් උළෙලේ හොඳම අධ්‍යක්ෂක, 2011 නෙට්පෙක් උළෙලේ හොඳම ආසියාතික චිත්‍රරපටය දකුණු කොරියාවේ බ්ලූ චෙමලියන් සම්මානයද ඇතුළු ජාත්‍යන්තර සම්මාන 15 කට පාත්‍ර වූ චිත්‍රපටයක්. මෙම චිත්‍රපටය තහනම් කිරීමෙන් කියා පාන්නේ රටට පහල වූ හොද කලාකරුවෙක් උපන් ගෙයිම මරා දැමීමක්. මෙම චිත්‍රපටියේ ප්‍රොජෙක්ටර් ක්‍රියාකරුට පවා ප්‍රශ්න වලට මුණ දීමට සිදුවෙලා. ලෝකයේ බිහිවූ දරුණුම පාලකයා වූ හිට්ලර් පවා එදා තමාට එරෙහිව චාර්ලි චැප්ලින් නිර්මාණය කල සිටි කිඩ් කියන චිත්‍රරපටය නරඹා සිනා සුනා මිස ඔහුගෙන් පාලි ගැනීම හෝ එය තහනම් කලේද නැත. ඉතාම කනගාටුවෙන් කිව යුත්තේ අපට කවදාවත් මේ නහීන තත්වය මත ජාත්‍යන්තර තලයට සිංහල සිනමාව රැගෙන යාම නම් බොරු.(නදී)
හමුදා වීරවරයෙක්ට කරන්න පුළුවන් උපරිම අපහාසය අපේ අය විසින් කලා එපමණක් නොව ඔහු හිරබත් කනවිට අපේ අය කිරිබත් කෑව.අද සිනමාව තුල රැදී සිටියහැක්කේ පාට පාට බැලුම්බෝල හා සරුන්ගෝල නිර්මාණ කරුවන්ට පමණි .(අ)
නැද්ද කවුරුත් කෙරුමෙක් උදව් ගන්න? (නි)
මේ පලකරලා තියෙන අදහස් දැක්කම ලංකාවේ මිනිස්සුන්ගේ පටු දැනුම සහ අවබෝධය ගැන කණගාටුවක් දැනෙන්නේ.සිනමා නිර්මාණයක් කියන්නේ මොකක්ද කියලවත් නොදන්නා ජාති වාදයෙන් ඔලු ගෙඩි පුරෝගෙන බහුතරයක් ඉන්නේ.සිනමා නිර්මාණයකින් ඔබගේ මතයම අපේක්ෂා නොකරන්න.යමක් දෙස තෙවැනි ඇසකින් නිර්මාණාත්මකව දැකීමක් සේ සිතන්න. (නි)
පෑහෑසර ගේ අදහස ඉතාමත් කාලෝචිතයි තව ටිකක් කල් යද්දි නා ගන්න වෙන්නෙත් ආණඩුවෙන් අහල මෙතන එකෙක් බෞද්ධ ආගමට අපහස කරනව කියලත් ලියල තාම මේකෙ තියෙන්නෙ මොනවද කියලවත් දන්නෙ නෑ මහ මෝඩ ලේකම්ල ඉන්න රටක් අපේ රට වෑඩ ලකුණු දාගන්න විතරයි. නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියත් උදුරගෙන ඉවරයි.(අ)
13
සිනමාව කියන්නේ පාට පාට තමාට හිතෙන සිහිනයක් නිර්මාණය කිරීමක්. මෙය සත්‍ය කතාවක් හැටියට සිනමා කරුවා විසින් නම් කල ඇති නම් එය ගැන විමසිලිමත් විය යුතය.නැත්නම් මෙය තවත් අග්‍රගනයේ හෝ කසිකබල් සිනමාවක් පමණි. (ත)
දිසානායක මහතාගේ අදහස හරියටම හරි , එතකොට පරාක්‍රම රජතුමා හරියටම කිව්වද මම ගමේ කොල්ලෙක් කියල, මේකේ දෙපැත්තක් තියනව හිතන්න. (ත)
මේ කියන දේවල් එහෙමම ගිලින්නේ නැතුව තව කරුණු හොයලා බලලා අදහස් දක්වමු නේද? කරුණා අම්මාන්ලාට , කේ . පී ලට , පිල්ලෙයාන්ලාට , තව ටික දවසකින් දයාමාස් ටේර්ලට ආරක්ෂාව දෙන්න වෙන්නේත් අපේ හමුදාවට නේද. එතකොට ඒවා අපහාස නෙමිද? මන්ද බුද්දික ලේකම්ලා ඉන්න අමත්‍යංශ වලට දන්නේ ෆිල්ම් තහනම් කරන්න විතරද? අනික ඒක ඒ ගොල්ලන්ට අයිති දෙයක්ද?(නදී)
චිත්‍රපටය බලන්නේ නැතුව කියන්න බැහැ. සිරි පැරකුම් වගේ ගැහුවා නම් ඉවරනේ. එතකොට වැඩිපුර පිටපත් ගානකුත් එලියට දාගන්න තිබ්බා. රෙදි ඇන්දුවා නම් කාටවත් මුකුත් කියන්න බැහැ (නි)
රට පාවාදීලා සම්මාන ගන්න ෆිල්ම් හදන එක මහා ලොකු දෙයක් නෙමෙයි. ලංකාව ගැන බොරු කියනවා නම් සම්මාන දෙන්න සමහරු බලාගෙන ඉන්නවා. (නි)
හුදෙක් නිර්මාණකරුවන් තමන් කලයුතු නිර්මාණය ගැන ඉතාමත්ම හොද අවබෝදයක් ලබාගෙන එය නිර්මාණය කරනවා.. එතුමන්ලාට මගේ හද පිරි ප්‍රණාමය මා පුදකර සිටින අතරම ඇතමුන්ගේ නිර්මාණ දිහා බලන විට මහත් කනගාටුවක් සහ එයටත් වඩා මහත් තරහක් ඇතිවෙන්නේ මොකක්ද මේ කියල.නිර්මණ කරන්න ඕන එත් එවගේ ප්‍රමිතියක් සහ ගත යුත්තක් තිබිය යුතුයි.. රට,ජාතිය,ආගම විකුණගෙන කන්නෙ නැතුව නිර්මාණයටත් හානියක් නොවන අයුරි එය ඉදිරි පත්කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. (අ)
විශාල වියදමක් දරලා සිනමා නිර්මාණයක් කරන්නේ එහි නිර්මාණාත්මක භාවය ගැන උදම් අනමින් ගෙදර තියාගෙන දුම් අල්ලන්න නොවෙයි. එවැනි සිනමා කෘතියකින් පුර්වා පේක්ෂිත ප්‍රතිලාභයක් හා එම ප්‍රතිලාභය ලබාදෙන ප්‍රේක්ෂක කණ්ඩායමක් සැමවිටම සිටිනවා. දිසානායක කියන තෙවන ඇස හැමවිටම යොමුවන්නේ ඒ දෙසටයි. දැන් ලංකාවේ සිනමාකරුවන් එල්ලෙන්න වැල් නැතුව එක්කෝ රටේ අභිමානය වඩවන පරණ රජවරු හා ළමයින්ගේ ඇඟේ එල්ලිලා රටේ ප්‍රේක්ෂක ප්‍රතිලාභ ලබනවා නැතිනම් ඊට ප්‍රතිවිරුද්ධ මග ගෙන රටේ ගෞරවය පාවාදී විදේශිකයන්ගේ ප්‍රතිලාභ ලබනවා. ඔය දෙකෙන්ම තහවුරුවන්නේ සිංහල සිනමාව යායුතු ගමන්මග කුමක්දැයි තවමත් කිසිවෙක් නොදන්නා බවයි.(නදී)
නිර්මාණ වලින් නිතරම අපි අපේක්ෂා කරන දේවල් දකින්න බැරි වුනා උනාට ඒකෙන් කෙනෙකුට හරි රටකට හරි අවමානයක් වෙනවා නම් එවෙනි දේවල් කරන එක හරියට ඉරිසියාවට කැළෑ පත්තර ගහනවා වගේ වැඩක්. ඒවා ගමේ ගොඩේ නිකමුන්ගේ වැඩ.(නදී)
වාරණය ලංකාවේ විතරයි නේද? මෝඩ ජෝක්. හුරේ දාපල්ලා ගොන්නුන්ට අන්දන්න ලේසිම ජාතියනේ.(නදී)
මේ අයට පිස්සු.(නදී)
මෙහෙම කට්ටියක් පාලනය කරන රටකින් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද? හැමදේටම දේශප්‍රේමී, අර ප්‍රේමි , මේ ප්‍රේමි කියලා මොලේ කොලොප්පම් කර ගත්ත අය ඉන්න රටක් මේක දැන්. මේක දැන් ආසියාවේ කොලොප්පම වෙලා ඉවරයි. මේවට හුරේ දාන ටිකකුත් ඉන්නවා මෙතන. (නි)
රැගුම් පාලක මණ්ඩලයේ ඉන්න අය ඔක්කටම කලින් යවන්න වෙයිද දන්නේ නැහැ.(නදී)
පැහැසර -ජා ඇලගේ කතාව ඇත්ත (නි)
චිත්‍රපට උළෙලවල් බලන්න යන්නේ ඉතාමත් සීමිත පිරිසක්. මහජනතාව දන්නේවත් නැති චිත්‍රපටයකට ආණ්ඩුවෙන් නොමිලයේම විශාල ප්‍රචාරයක් දුන්නා.ඒ මදිවට තහනම් කලා .අන්තිමට මේවා හදපු අය දිනනවා.ආණ්ඩුව අපකීර්තියට ලක්වෙනො. හීන් සැරය හැම සැරයකටම වඩා බලවත් බව වගකිවයුත්තෝ දැනගත යුතුය. (නි)