
(රෝෂන් තුෂාර)
ඩොලර් ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ පනහක මුදලක් ව්‍යාපාරිකයකුගෙන් ලබාගෙන වංචා කළේ යැයි කියන තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනි තිළිණි පියුමාලී නැමැත්තියට පූර්ව ඇපයක් නියම නොකිරීමට හේතු ඇත්නම් ලබන 02 දින අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහාවත්ත මහත්මිය මිරිහාන විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කරමින් නියෝග කළාය.
තිළිණී පියුමාලි විසින් ඉදිරිපත් කළ පූර්ව ඇප ඇයදුම් පැමිණිල්ල සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළාය.
මෙම පැමිණිල්ල තිළිණි පියුමාලී විසින් මිරිහාන විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබිණි.
නීතිඥ එච්.එම්.අයි.වි සේනාධිර මහතා මගින් ගොනුකොට තිබූ මෙම පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ සංඛ අමරජිත් මහතා අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීය.
පැමිණිලිකාරියේ පදිංචි රාජගිරිය නිවාස සංකීර්ණයේ සිටින තැනැත්තියක විසින් සිදු කර ඇති මුදල් වංචාවක් සම්බන්ධයෙන් පැමිණිලිකාරිය අත්අඩංගුවට ගැනීමේ අවදානමක් ඇති බවත්,සිද්ධිය සම්බන්ධයෙන් පියමාලි පැමිණිලිකාරිය සම්බන්ධ නොමැති හෙයින් පූර්ව ඇපයක් නියම කරන ලෙස ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ මේ දෙරණේ සංඛ මහත්තයානේ පෙනී සිටින්නේ
ඒයාත් හිරේ.... නීිතියේ දැලෙන් දේශපාලුවන්ට අල්ලස් දීලා බේරිලා හිටියාට කර්මය බලගතුයි නෝනෙ.. ජීවත්වෙන හැම රැයකම කල පවු හොරකම් අනුන්ගේ ගින්දර වලින් ගිනි තැපලා දැන් බයේ ගැහී ගැහී ජීවත්වෙමු..