මට්ටක්කුලිය මැසනඩ් දේවස්ථානයේ රායප්පු මරියනායගම් පියතුමා ස්වර්ගස්ත වූ බව එම දේවස්ථානය නිවේදනය කරයි.

එතුමන් පිළිබඳ විශේෂ දේව මෙහෙය අද පස්වරු 6.30 ට එහිදී පැවැත්වීමට නියමිතය.

අනතුරුව පියතුමාගේ දේහය මරදාන ඩීන්ස් පාරේ ෆාතිමා දේවස්ථානයට රැගෙන යන බවත් පස්වරු 3ට අවමංගල දේව මෙහෙය පැවැත්වෙන බවත් බොරැල්ල කනත්තේදී භූමදානය සිදුකරන බවත් අවමංගල කමිටුව කියයි.