ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 16ක දැරියක සිංගප්පූරුවේදී ගණිකාවක වී දින 12ක දී මිනිසුන් 207 දෙනකු සමග එක්වී ඇතැයි ස්ට්‍රේට් ටයිම්ස් පුවත්පත කියයි.
ගණිකාවක වීමේ වරදට ඉකුත් වසරේ අගෝස්තු මාසයේ දී සිංගප්පූරු පොලිස් අත්අඩංගුවට පත් වූ ඇය එරට දිසා අධිකරණයේ නඩුවකට මුහුණ දෙයි.
දැරිය තම පියා හා ආච්චි සමඟින් මෙරට වාසය කර ඇති අතර ඔවුන් දෙදෙනාගේම අසනීපවලට බෙහෙත් ගැනීමට මුදල් සොයා දීමටත් ආර්ථික තත්ත්වයෙන් ගොඩ ගැනීමටත් ඇය විදෙස් ගත වී ඇති බව එම වාර්තාව කියයි.
පසුගිය වසරේ ජූලි 24 වැනි දා මෙම දැරිය සිංගප්පූරුවට ගෙන ගොස් ඇත්තේ 29 හැවිරිදි තරුණයකු හා මේ වන විට නම අනාවරණය කර ගැනීමට නොහැකිව සිටින තවත් පුද්ගලයකු බව සිංගප්පූරු පොලිසිය පවසයි. ඉන් එක් අයකු අපරාධ කල්ලියක සාමාජිකයකු බව ද ඔහු සිංගප්පූරු පොලිසියට අවශ්‍ය අයකු බව ද කියති.
ගණිකාවක වීමෙන් ඇමෙරිකා ඩොලර් 1400ක් (රුපියල් දෙලක්ෂයක් පමණ) මසකට ඉපයිය හැකි බව පෙන්වා දෙමින් දැරිය ගණිකා වෘත්තියට යොමු කර ඇති බව සඳහන්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ශ්‍රී ලංකා විදේශ දෙපාර්තමේන්තුව හා කාන්තා කාර්යාංශය මෙම දැරිය සම්බන්ධයෙන් කරුණාකර කටයුතු කරනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. කාගේ වුවත් අසරණ දැරියක්නේ!! (නි)
මේ දැරියට අපිට පිහිටවෙන්න බැරිද? (නි)
අවුරුදු දාසයක ළමයෙක්. මොනවා දැනගෙනද? අපේ රටේ ආර්ථික හා සමාජ තත්වය තමයි එයින් පෙන්නුම් කරන්නේ (නි)
කළ වරදට වඩා වරදට පාර කපන හේතු සොයා ඒවාට පිළියම් යෙදිය යුතුයි (නි)
දෙමව්පියන් ළඟ ඉන්නා සමහර දැරියනුත් වැරදි මාර්ගයේ යනවා නම් මව්පියන් නැති අසරණියන් ගැන කවර කතාද? මේ දැරියට උදව් කර ඇයව ලංකාවට ගෙන්වාගෙන කිසියම් වෘත්තීය අධ්‍යාපනයක් ලබාදී රැකියාවකට යොමුකරන්න පුළුවන් වුණොත් ලොකු දෙයක්. කෝ මේ රටේ කාන්තා සුභසාධනයට වගකිවයුතු උදවිය? මේවා ඒ අයට ආරංචි වෙන්නේ නැද්ද? (නි)
අපි මොනතරම් ලැජ්ජා වෙන්න ඕනෑද, රටක් වශයෙන්? (නි)
යහපාලනයෙන් කාර් හැමදෙනාටම ගන්න කිවුවේ ඕවා කරලාද? පව් අහිංසක ළමයා! (නි)
දැන් ගණිකාවන් ගෙදරටම ගෙනත් දෙන ව්‍යාපාරයක් ලංකාවේ පටන් අරගෙන තියෙන්නේ , ඒ සමගම ගංජා ව්‍යාපාරයත් පැතිරිලා.(හේ)
කවුරුත් රටේ පාලකයෝ මේ ගැන හොයලා බලන්නේ නැද්ද?(හේ)
අපේ රටේ තියෙන අඩුපාඩුකම් මගහරවා ගැනීම රාජ්‍ය නායකයින්ගේ යුතුකම හා වගකීමයි (හේ)
මේ අපරාධයට වගකිව යුත්තේ මේ රටේ බලධාරින්.(හේ)
වත්මන් ආණ්ඩුවට දොස්කිම වගේම පැවති සියලුම ආණ්ඩු ගැන හිතලා බැලීම නුවනෙති ගුණයි (හේ)
පවු අහිංසක දැරිය.(හේ)
පව් මේ දැරිය.(හේ)
මෙම පුවත ළමා අපරාධ සම්බන්ධ වගකිවයුතු අයගේ අවධානයට යොමු වේවා. රජයක් යනු පුරවැසියන්ගේ මුලික අවශ්‍යතා සම්පුර්ණ කිරීමේ වගකීම දැරීමයි. කාන්තා ඇමතිතුමිය මේ ගැන දැනුවත්ද (හේ)
තම පවුල වෙනුවෙන් තම ජිවිතය විනාශ කර ගත්ත දැරියක්.(හේ)
සුජීව හැමදේටම දේශපාලනය ගාවගන්න එපා.(හේ)
සමහරු යහ පාලනයට මේ දේවල් සම්බන්ද කරන්න බලනවා, (හේ)
මිනිස්සු දුප්පත්කමට වැටෙන තැන තමයි මේ. ළමයට සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනෑ (නි)
ලංකා ජනතාවගේ අාත්ම ගරුත්වය මෙසේ නැතිවෙන්නේ ඇයි? මෙය සියලුම ජන කොටස් වල වගකීමක්. මනුෂ්‍ය අවශ්‍යතාවයන්ට පිළියමක් නැහැ. (නි)
මේ ළමයට මෙවැනි හේතුවක් ලබාදීමට සිදුවීමේ වගකීම ගන්නේ කවුද? පියාද? ආච්චිද? ලාංකික ජනතාවද? ඇයි මෙහෙම ලෝකයට විකිණෙන්නේ? සුපිරි පාරවල් හදමු, අලුත් ගුවන් තොටුපොළවල් හදමු, මේකටත් පිළියමක් හොයමු. සෞදියේත් වෙන්නේ මේ වගේ දේවල් වෙන්න ඇති. (නි)
අවුරුදු 16ක දැරියක් විදේශයකට යෑමේදී, සොයා නොබැලීමට තරම් ලාංකීය සමාජය සංකීර්ණද? දැක දැකත් නොදැක්කා වගේ ඉඳීමද? (නි)
ගුරු ගෙදරින් පටන් ගතයුතු සහ රටේ ඉහළ තැන් වල උදවිය අනාචාරයේ හැසිරෙනකොට, ආදර්ශයක් නැති වෙනකොට අනාගතය බාරව ඉන්නා දරු දැරියන් ගැන කියනු කවරේද? (නි)
මෙතන අදහස් දාපු සුජීව කියන පුද්ගලයා මම හිතන විදියට කන්නේ තණකොළ (නි)
යහපාලනය ගණිකා ව්‍යාපාරය දියුණු කරන්න පොරොන්දු වුණේ නැහැනේ. ඔන්න කලින් හිටපු ප්‍රාදේශීය සභාපති කෙනෙක් නම් ගැහැණු ළමයි 200ක් සමඟ හිටියා කියලා උත්සවයකුත් පවත්වලා තිබුනා නේද ? (නි)
පවු! මම පිටරටක ඉන්න නිසා මේ බය නැතුව කියන්නේ. හොඳට හොයලා බැලුවොත් ඔය දරුවා සිංගප්පුරුවට ගෙනිච්ච පොරවල් අන්තිමට දේශපාලකයන්ගේ අතකොලු වෙයි. (නි)
ඒ දැරිය ගැන මට නම් ඇත්තේ ලොකු දුකක් (නි)
යහපාලනය ජනතාවට දුන් පොරොන්දු ඉටු වී ඇති බව පෙනේ. (නි)
ඇත්තටම ඒ ළමයා වරදක් තමයි කරලා තියෙන්නේ. එ්ත් අපි හිතන්න ඕනෑ ඒ ළමයව රවට්ටලා එහෙ ගෙනිච්චාද කියලා. එහෙම වුණා නම් ගෙනගිය අයගේ බලහත්කාරකම් වලට යටත්ව ඔය රැකියාව කරන්න සිදුවෙන්න ඇති. කවුරුත් අනේ අපොයි කිව්වට අනිත් අතට බැලුවම අැයගේ පියාටත් අාච්චිටත් බෙහෙත් ගන්න වියදම් කරන්නත් කවුරුත් නැතුව ඇති. මම නම් ඇයට අනුකම්පා කරනවා. (නි)
ජනාධිපති අරමුදලෙන් මේ වගේ අහිංසක මිනිසුන්ට උදව් කරන්න බැරි මොකද? සමහර මිනිස්සු ජනාධිපති අරමුදලෙන් මේ වගේ නැති බැරි අයට උදව් ගන්න පුළුවන් කියලාවත් දන්නේ නැහැ. රජයෙන් මිනිසුන්ව මේ ගැන දැනුවත් කරන්න ඕනෑ. එහෙම වෙලා තිබුනානම් මේ දරුවට මේ වගේ දෙයක් නොවෙන්න තිබුනා (නි)
මේක සාමාන්‍ය දෙයක් දැන්. මේ ළමයා ගෙනියන්න ලියකියවිලි හදලා දුන්නේ රජයේ කෙනෙක් වෙන්න ඇතිනේ. ඉතින් මේවා සුළු දේවල්. ඒ ළමයට දිගටම එහෙ ඉන්න වේවා! ලංකාවට ඇවිල්ලා සෝබන මිනිස්සු එක්ක ඉන්නවට වැඩිය හොඳයි ඒක. (නි)
වරද ඒ ලමයගේද? නැහැ. මේවට වගකිව යුත්තේ අපිව රවට්ටමින් රටේ අදායමින් ලෝකය වටා රවුම් ගසමින් තීරු බදු රහිත විමන වල පියබමින්, දු දරුවන්ට කොටි ප්‍රකෝටි ගණන් වටිනා වාහන අරන් දෙමින්, ඒ සඳහා මුදල් උපාය ගැනීමට තව තවත් ජනතාවට බදු බර පටවමින්, රට සහ ජනතාව තවත් දරිද්‍ර තාවයට පත්කරන පරම්පරා ගත දේශපාලන පුද්ගලයන්ගේ සහ ඔවුන්ගේ ගෝලබාලයින්ගේ බව තේරුම් ගන්න. (ර)
නාමල්, ඔබ තවමත් හිතනවද පාර්ලිමේන්තුවේ ඉන්න අය ජනතාවට අනුකම්පා කරනවා කියලා? එහෙම නම් මෙවැනි තත්වයකට රටේ දරුවෝ වැටෙයිද? මේ අසරණ කෙල්ලට අම්ම තාත්තා නැහැ. ඉන්නේ ආච්චි සීයා විතරයි. එනිසා ජීවිතේ පරදුවට තියලා යන්න ඇති ආච්චි සහ සීයාගේ දිවි ගලවාගන්න බෙහෙත් වලට මුදල් හොයන්න. (නි)
ලසන්ත, දේශපාලුවෝ රටේ මුදල් ගිලිනකොට දුක් විඳින්නේ රටේ දරුවෝ. මේ දරුවාගේ ආච්චිට සීයාට නොමිලේ රෝහලින් බෙහෙත් ලැබුනා නම් මේ අසරණ ළමයා ඔය ගමන යන්නේ නැහැ. යහපාලනේ නිසා තමයි මේ දේ වුණේ. (නි)
අනේ පවු දෙයියනේ! (නි)
ලංකාවේ ආගමන විගමන නිලධාරින් තරම් අවංක අය ලෝකේ කොහෙවත් නැත. මෙයට මේ අයද වගකිව යුතුයි. (නි)
අනේ දෙවියනේ මෙහෙමත් දේවල්! (නි)
මේ දැරිය මේ තත්වයට ඇදදැමු අපරාධකරුවන්ට උපරිම දඩුවම් ලබාදීමට ශ්‍රී ලංකා රජයද කටයුතු කළයුතුයි (නි)
මේ ළමයා කොහොමද ලංකා ගුවන්තොටින් පිටවුණේ? (නි)