ත්‍රිරෝද රියක් සම්බන්ධ නඩුවක් ගොඩින් බේරාදීමට රුපියල් පහළොස් දහසක අල්ලසක් ගත් පයාගල රථවාහන අංශයේ ස්ථානාධිපති මීට සුළු මොහොතකට පෙර අල්ලස් හෝ දූෂණ මර්ධන විමර්ශන කොමිසම විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු අත්අඩංගුවට ගත් බව දැන ගැනීමත් සමග ප්‍රදේශවාසීහු රතිඤ්ඤා පත්තුකරමින් සතුට පළකළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් කොහොමද රටක් හදන්නේ (දී)
අයියෝ සාමාන්‍ය දෙයක් නේ (දී)
පොලිසිය නරක නැහැ එක්කෙනෙක් දෙන්නෙක් නිසා තමයි නරක වෙලා තියෙන්නේ (දී)
දැන් මේ පොලිස් නිලධාරියා ඉගෙන ගෙන තියෙන්නේ කාගේ සල්ලි වලින්ද?
ජරාව කන සේරම දෙනා යන්නේ අපායට (දී)
ගණන් ගන්න එපා අල්ලලා දාන්න (දී)
සමහර කමිටුවල ලොක්කොත් අල්ලස් අරන්ලු .රටකට ගිය කලක් .(දී)
හොද පොලිස් නිලධාරීනුත් ඉන්නවා, මේ වගේ ජරා මිනිස්සුන්ට නීතිමය පියවර ගන්න ඕනේ (දී)
පගා ගහන එක කීය ගැහුවත් වැරදියි. ඒ උනාට කෝටි ගණන් ගහන අය එළියේ අපුරුවට ඉන්නකොට හාල්මැස්සෝ අහු වෙනවා.(නදී)
කරපු වැඩේ නම් හොදයි. ඒත් මේ අය මේ වගේ අයනම් අල්ලයි. පුලුවන්නම් ඇමති කෙනෙක් මන්ත්‍රී කෙනෙක් අල්ලලා පෙන්නන්න. ඒ අය අල්ලන්න බයද? (නදී)
අනේ ගහන්ඩ එහෙම එපා.අපිව පොලිසියට අරන් ගියා වගේම සලකන්න ....කරුණාවෙන් දයාවෙන් (දී)
ඔය ගත්තමයි? (දී)
කෝටි ගණන් අල්ලස් ගන්න අය ඉන්න රටක නීතිය ක්‍රියාත්මක වෙන්නේ පොඩි ගණන් ගන්න අයට පමනයි. ලංකාවේ ඔහොම තමා.(නදී)
රතින්ඥා පත්තු කලා නම් ප්‍රදේශවාසින් අනිවාර්යෙන්ම ,ට්‍රැපික් ලොක්කා එක්ක අමානාප ඇති.(නදී)
කඩුවෙල මහත්තයෝ නවගමුවේ විතරක් නෙවෙයි කොහෙද මේ වගේ මාමල නැත්තේ? එක මාමෙක් දෙන්නෙක් ඇල්ලුවට මදි , දීප ව්‍යාප්ත වැඩසටහනක් මේවට තිබිය යුතුයි.(නදී)
පිලියන්දලත් ඔය වගේ වැඩ තිබුනා.(නදී)
නො මග නොයන් පුතේ - නුඹට රටක් ඇතේ. (දී)
නිතිය සුරකින්න ඉන්න කට්ටිය නේද මේ (දී)
පොලිසිය විතරද පගා ගහන්නේ (දී)
මැති ඇමතිවරුත් කියනවා නම් මේ පඩියෙන් ජිවත්වෙන්න බැහැයි කියලා තව මොන කතාද? (නදී)
කොහොමද ඉතින් මිනිස්සුන්ට හරි වැරැද්ද කියලා දෙන්නේ (දී)
කොහොමද දැන් අහුවෙනකොට හිටු කියල අහුවෙනවා. ඔහොම යමුකෝ... පොලිසිය විතරක් නෙවෙයි ආණ්ඩුවේ සියලුම තැන් සුද්ද වෙයි. (අ)
නියමයි! (නදී)
දදිකා අනේ ඔයා දන්න තරම. ඒක්කෙනෙක් දෙන්නෙක් විතරයි පගා නොගන්නේ (දී)
ඇත්තටම ලංකාවේ පොලීසිය දැන් කරන්නේ සාමය රැකීමද, කුඩු වෙළඳාමද, පගා ගැහැල්ලද? (නදී)
කිහිපදෙනෙක් නිසා සමස්ත පොලිසියම චෝදනා ලබනවා (දී)
මෙහෙ ඕවට බොහොම ප්‍රසිද්ද පැත්තක්නේ. මේ ඊයේ පෙරේදා සුදු ඉබ්බෙකුට තටු ආවෙත් ඔය පැත්තේ නේද ? (නදී)
මල් හතයි.(නදී)
කවුද දන්නේ මේ නිලධාරියට බලෙන් සල්ලි දීලා හිරි හැර කලාද කියලා? (නදී)
පගාව නොගන්න ට්‍රැපික් ඕ.අයි.සී කෙනෙක් හොයන එක සුදු කැස්බෑවෙක් හොයාගන්නවට වඩා අමාරුයි.(නදී)
නවගමුවේ පොලිසියෙත් ඔය වගේ ට්‍රැෆික් මාමලා සෙට් එකක් ඉන්නවා. ඒ ගැනත් බැලුවා නම් අල්ලස් හා දූෂණ මර්ධන විමර්ශන කොමිසම හොදයි. (නදී)