(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මව ඇයගේ අනියම් සැමියා බව කියන පුද්ගලයකු සමග එක්වී මීට වසර තිස් තුනකට පමණ ඉහතදී පියා ඝාතනය කර සිරුර ගෙවත්තේ පිහිටි වැසිකිළි වළකට දමා සඟවා ඇති බව කියමින් එම කාන්තාවගේ පුතකු ඌරුබොක්ක පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
දොලමුල්ල අන්නාසි වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි කපුගේ ජිනදාස නමැති තමාගේ පියා මෙසේ ඝාතනය කර ඇති බවට ඔහුගේ පුතකු වන කපුගේ සුනිල් නැමැත්තා ඌරුබොක්ක පොලීසියට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
පියා මරා සැඟ වූ වැසිකිළි වළ මත පොල් පැලයක් එම වකවානුවේම මව සහ ඇයගේ අනියම් සැමියා බව කියන පුද්ගලයා විසින් සිටුවා ඇති බවත් එම පොල් පැළය සරුවට වැවී දැනටත් තිබෙන බවත් පැමිණිලිකරු පොලිසියට පවසා ඇති බව දැන ගැනීමට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඝාතනය වසර 33කින් පසුව හෙළිකරන්න හේතුව... මෙම කාරණාව හිතේ වද දෙමින් තිබුණු නිසා වත්ද?