මලයාසියාවේ දෙමළ ව්‍යාපාරික ප්‍රකෝටිපති පී ආනන්ද ක්‍රිෂ්ණන් බෞද්ධ භික්ෂුවක් වන ඔහුගේ එකම පුත් අජාන් සිරි පන්යෝ හිමියන් බැලීමට පිනෑන් හිල් හි භාවනා අසපුවට පැමිණි බව එරට චීන භාෂාවෙන් පළ වන පුවත්පතක් කියයි.
හැත්තෑ පස් හැවිරිදි ධන කුවේරයා ආරක්ෂක නිලධරයන්ද පිරිවරාගෙන බී එම් ඩබ්ලිව් රථයකින් එහි පැමිණි බව සදහන් වේ.
ලොව ධනවතුන් පිළිබඳව පළ කෙරෙන පෝබ්ස් සඟරාව අනුව ඔහුගේ වත්කම ඇමෙරිකා ඩොලර් කෝටි නවසිය හැටකි. (රුපියල් කෝටී127680) මාධ්‍ය,චන්ද්‍රිකා,තෙල් හා ගෑස්,විදුලි සන්දේශ , බල ශක්ති ,සූදු ,සංචාරක හා දේපොළ යන ක්ෂේත්‍රයන්හි ව්‍යාපාර හිමියෙකි.
ඔහු අග්නිදිග ආසියාවේ දෙවැනි ධන කුවේරයාය. ඔහුට ඉදිරියෙන් සිටින්නේ රොබට් කු ඔක් නම් ප්‍රකෝටිපතියාය.ආනන්ද ලොව ධනවතුන් අතර අසු දෙවැනි තැන හිමි කැර ගෙන සිටී.
මෙම භාවනා අසපුව ධන කුවේරයා විසින් වසර තුනකට පෙර මිලට ගැනුණු බවත් දැනට එහි භික්ෂුන් හැට නමක් භාවනා වැඩසටහන්වල යෙදී ඇති බවත් දැන ගන්නට ඇත.
ආනන්ද ක්‍රීෂ්ණන්ගේ තායි බිරියට උපන් එකම පුතා අජාන් හිමියන් බවත් භික්ෂුවක් වීමට ඔහු ඊට වසර 18 ක පෙර සිවුරු පොරවාගත් බවත් මහා බ්‍රිතාන්‍යයේ ඉගෙන ගත් ඔහු භාෂා අටක් කතා කිරීමේ හැකියාව ඇති බවත් චීන පුවත්පත කියයි.
තායි බිරියගෙන් ඔහුට දියණියෝ දෙදෙනක්ද සිටිති.
ආනන්ද ක්‍රිෂ්ණන් 1938 දී ඉපැදුණේ මලයාසියාවේ බ්‍රික්පීල්ඩ් හිදීය.ඔහුගේ මව්පියෝ ශ්‍රී ලාංකිය සම්භවයක් ඇත්තෝය.ඒ කේ යන කෙට් නම්නි හැදින්වෙන ඔහු බ්‍රික්පීල් විවේකානන්ද දෙමළ පාසලෙන් මුලික අධ්‍යාපනය ලබා මෙල්‍බන් සරසවියෙන් බී ඒ ගෞරව උපාධීයද හාවඩ් සරසවියෙන් ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳ එම් ඒ උපාධියද දිනා සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුදහම කාටත් පොදු දර්ශනයක්. මේක ඒකට හොඳ උදාහරණයක්. සිංහල, දෙමළ හෝ මොන ජාතියක් උනත් සත්‍ය අවබෝධයට එය වැදගත් නැහැ. අවශ්‍ය වන්නේ බුද්ධිය පමණයි. (ස)
පෙරුමාල්, පැවිද්දන්ට ඉන්න ස්ථිර තැනකුත් නැහැ, පෞද්ගලික බුදලයකුත් නැහැ. මෙතරම් උගතෙකු වන මේ භික්ෂූන් වහන්සේ ගිහිගෙයි හිටියා නම් අද මහා ධන කුවේරයෙක්. නමුත් පැවිදි බවේ සැහැල්ලුව මුහුණේ හිනාවෙන්ම පෙනෙනවා. රොෂාන් කියන්නා වගේ මෙයාට බැහැ පියාගේ ව්‍යාපාර වලට තහංචි දාන්න. මෙයා කල්පනා කරලා තියෙන්නේ තමන්ගේ ආත්ම විමුක්තිය ගැනයි.(නදී)
නිමල් ජයසිංහ මහත්තයාගෙ අදහස් වලට ගරු කරනවා.. ගොඩක් පින් ! (ස)
පියා මෙළොව සතුට සොයයි. පුතා එළොව සතුට සොයයි.(නදී)
සිංහල ජනතාවට හොද ආදර්ශයක්.(නදී)
පියා ධනය සොයමින් සතුට සොයයි. පුතා ධනය රහිතව සතුට සොයයි. පියා ධනය යයි සිතන්නේ තමා වටා ඇති භෞතික දෑ රැස් කර ගැනීමයි. භෞතික දෑ පරිහරණය තුලම ඇත්තේ අසංතෘප්තියයි. තෘප්තිමත් භාවය නම් අල්පේච්ඡතාවයයි.එයින් මනස නිරවුල් කරයි. මනසේ අවුල් රහිත භාවය නිවීමයි. නිවීම තුල ඇත්තේ අපමණවූ සතුටකි. එය පුතාට ලැබෙනු ඇත. එය දෘශ්‍යමාන නොවේ. තමාට පමණක් දැනේ. අන් අයට ඒ ගැන දැනුම් දීමටද අවශ්‍ය නැත.ඒ නිරාමිස ප්‍රීතිය ලැබිය හැක්කේ මිනිසෙකුට පමණි. එවන් මිනිසුන් මේ ලොව බොහෝ සිටී. ඔබ අප අතරද සිටිනු ඇත. දුටුවත් දැනගත නොහැක. දැනගත්තත් අන් අයට කිසිදු වැඩක් නැත.ඒ තමාගේ සතුට උදාකරගත හැක්කේ තමාට පමණක් බැවිනි. සතුට පොදුවේ උදාකරගත නොහැක්කේ ලොව කිසිදු ජීවියෙකුට පොදු බවක් නොමැති බැවිනි. එකිනෙකා එකිනෙකාට වෙනස්ය. මග පෙන්වීමට හැක.නමුත් මග පෙන්වන්නා කෙරෙහි අනුගාමිකයෙක් හෝ අනුකාරකයෙක් නොවී නිසිමග යන්න. අන් අය ගිය නිසා මාද යායුතුයි කියා නොයන්න. එවන් සිතුවිළි සතුටට මග හරස් කරයි.සතුට ඇත්තේ ඔබ තුලමය.(නදී)
කනගාටුය මෙතන තියන අදහස් දැක්කාම.පැවදි බවේ තේරුමවත් දන්නේ නැතිද? (දී)
කාදර් ඔබ මුස්ලිම් ජාතිකයෙක් උනත් බුද්ධ දර්ශනය ගැන හොදට තේරුම් අරගෙන හොඳ දෙයක් පළකර තිබෙන්නේ. බුදුරජාණන් වනසේ ඔය දේවල් නවත්වන්න ගියේ නැත. ඒ දේවල් වලින් වෙන විපාකය පහදලා දුන්නා පමණි. අපේ සමාරක් ඇයි මෝඩ අදහස් පළකරන්නේ.(දී)
මා හිතනවා ඉහත සඳහන් ප්‍රකාශය මෙලෙස නිවරදි විය යුතුය. නැතහොත් එය ධන කුවේරියා බික්ෂුවක් ලෙස හෙදින්වේ "මලයාසියාවේ දෙමළ ව්‍යාපාරික ප්‍රකෝටිපති පී ආනන්ද ක්‍රිෂ්ණන් ඔහුගේ එකම පුත් බෞද්ධ භික්ෂුවක් වන අජාන් සිරි පන්යෝ හිමියන් බැලීමට පිනෑන් හිල් හි භාවනා අසපුවට පැමිණි බව එරට චීන භාෂාවෙන් පළ වන පුවත්පතක් කියයි". (නදී)
හරිමි රජ සැපා
මෙතැන අදහස් වල හැටියට නම් මට තේරෙන්නේ එනවා නමුත් එන්නේ නැහැ කියන එක. බුදුහාමුදුරුවෝ සුදුව තහනම් කරාද නැත්තම් කරන්න කිව්වද? මොකද අද ඔය දේවල් වලින් වෙන විනාශය වැඩි නිසා මන් අහන්නේ. අද සෑම සූදු පොලකම පිටුපසින් ගණිකා මඩුවක් කරගෙන යන හින්දා ?(නදී)
දිනේ කියන කෙනාගේ මොලේ කළදක් නැහැ. ධනවත් ව්‍යපරිකයෙකුන්ගේ පුතෙක් ධර්මානුකුලව ලෝකෝත්තර සුවය සොයා යන ගමන කෙතරම් ආදර්ශවත්ද? තාත්ත කරන හැමදෙයක්ම පුතාලට නවතන්න පුලුවන්ද? පුතාල කරන දේ තාත්තලට නවතන්න බැරිකොට.(නදී)
නිමල් ජයසිංහ මහතා ඉතා සරලව , නියම සතුට " සතුට තරම් කිසි ධනයක් ලොවේ කොයින්දා " යන්න මනාව පැහැදිලි කර ඇත. මෙවැනි වටිනා අදහස් ලොවට දායාද වන්නේ නිදහස් චින්තන රටාවක්, සරල දිවි පෙවෙතක් ඇති තැනැත්තන්ගෙන් පමණි. අද රටේ සිටින බොදු හිමි නමකගෙන් වත් මෙවන් අදහසක් ප්‍රකාශ වීම ඉතා විරලය. ඔබගේ අදහස මගේ පරිගණක සටහන් පොතට ඇතුලත් කර ගතිමි. මෙවැනි දෑ මා මිට පෙර දැක අසා ඇත්තේ, ආගම්/දර්ශන /දෘෂ්ටි වාද ගැතී නොවුන ආචාර්ය ඊ.ඩබිලිව් අදිකාරම් සහ ජේ . ක්‍රිශ්නමුර්ති වැනි උතුමන් ගේ දේශන සහ ලිපි වලිනි. ඔබට තුති.(නදී)
අජාන් සාදු මහන වුනේ ඇයි කියලා, අපි කව්රුත් හරියට නොදනෙමු. ඒ සත්‍ය හේතුව දන්නේ අජාන් හිමි පමනයි.(නදී)
අනේ ජෝන් උඹ වගේ ගොඩ සුද්දෙක් කොහොමද බන් සිංහල ජාතියට ආදර්ශ දෙන්නේ, කට වහගෙන ඉඳපන්. (නදී)
නිමල් ජයසිංහ මහතා කිවයුතු සියල්ල කියා තිබේ. ඔබට ස්තුතියි.. ඔබ වන්නකු ඇසුරු කරන්නන් නිවුණු අය වෙති. (දී)
රත්න, මේ ලිපියේ කියලා තියෙනවා අවුරුදු 18ක් මහණවෙලා කියලා. මේක තාවකාලික නොවේ. (නි)
සතුට නිවීම අපගේ හදවතේ මිස මුදල්වල නොවන බව හරියටම අවබෝධ විමට මුදල් තිබී අවබෝධය ද ලැබිම විරල අවස්ථාව උන් වහන්සේට ලැබීම භාගයකි. මා එය මුදල් යමින් නැතිව ලැබිමද ඊට වැඩ වාසනාවකි. මා හට අන්‍යන්ට එය පැහැදිලි කර දීමට හැකිවීමද ඊටත් වඩා සතුටකි. (ස)
සම්පත්, වස්තුත් නැත්නම්, කරදරත් නැත්නම්..ඒක ජිවිතයක් නොවේ.මේ ලෝකයේ ජීවත්වන හැමෝටම කරදර තිබුණා (අ)
හරියට අර කැළණියේ තාත්තයි පුතයි වගේ.(නදී)
තාත්තා මොනවා වුනත් අද අපේ රටේ ඉන්න ඇතැම් ද්‍රවිඩ දේශපලකියන්ට හා උගත් කියන අයට වඩා නුවණැති ගුණැති පුද්ගලයෙක්. තම පුතාට නිදහස් ගමනක් යන ඉඩදීලා තිබෙනවා. එම අතරම තාත්තත් නිවැරදි මාර්ගයේ ගියොත් එය පුතාට කරන නම්බුවක් සැලකීමක්. (ස)
බෝසතානන් වහන්සේද රජ සැප ඇත හැර බුදු වුහ (දී)
උගත්,පියා ධනවත්.එහෙත් ඒවා දිගටම ගෙනියන්න හිටිය එකම පුතා සසර කෙටි කර ගැනීමේ උත්සාහයක. ආරාමයක් භික්‍ෂූන් වහන්සේට පූජා කිරීම එතුමා යම් දිනක රැගෙන යන එකම ධනයයි. (නි)
මට ඇස් අදහා ගන්න බැහැ (දී)
පිටිගල ඔයාලා ඉතාලියට වෙලා මහා ලොකු කයිවාරු, පාරක් තෙරක් නොපෙනන, හාමුදුරු පුළුටක් නැති රටකට, අපේ හාමුදුරුවරු කොහොමහරි එන එක හොඳ නැද්ද? උන්වහන්සේලාට දානයක් දී සතුටු වෙන කී දෙනෙක් එහෙ ඇතිද ඔයා ඒවා කලේ නැතිවට? හාමුදුරුවරුන්ගේ සීලේ තම කාටත් පෙනෙන්නේ. දන් දෙන්න ඕන අය දෙයි, බණ අහයි, නැති අය එයාලට ඕන දේ කරයි. අනික මොන ථෙරවාද රටටත් ධර්මය අරන් ගියේ අපේ හාමුදුරුවරු තමයි. ඔයාලා ඉතාලි ගිහින් ණයට කහින්න. (ස)
මිනිපේ, තායි ජාතිකෙයෝ හැම කෙනෙක්ම අනිවාර්‍යෙයන් පැවැදි විය යුතුයි. එය තාවකාලිකවද, ජීවිතකාලෙය්ම සිටීමේ නිදහස තිබෙනවා. රජ්ජුරුවන් පවා තාවකාලික පැවිදි වූ අය. උපැවිදි වන අයට ලැබෙන සහතිකය රැකියාවක් සොයාගැනීමට සහ කසාද බදිනදාටද වැදගත්. (නදී)
කොහොම වුනත් පුතා තවම ඉන්නේ තාත්තට අයිති තැනනේ.(නදී)
ජෝන් මෝඩ කම තිබුනට ප්‍රදර්ශනය කරන්න එපා , මෙතන සිංහල ජාතියට ඇති සම්බන්ධකම කුමක්ද ? මලයාසියාවේ ජිවත් වන තායි ජාතික මවගේ සහ ද්‍රවිඩ ජාතික පියකුගේ දරුවකු බුදු සසුනේ මහණවෙලා තිබෙනවා. සමහර විට මව බෞද්ධ කාන්තාවක් වන්න පුළුවන්.(නදී)
කාදර්, ඔයා අපේ මෝඩ බෞද්ධයන්ට ඔබ මුස්ලිම් ජාතිකයෙක් උනත් බුද්ධ දර්ශනය ගැන හොඳට තේරුම් අරගෙන හොඳ දෙයක් පළකර තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඔය දේවල් නවත්වන්න ගියේ නැත. ඒ දේවල් වලින් වෙන විපාකය පහදලා දුන්නා පමණි. (ස)
අපි සැමටම ආදර්ශයක්.(නදී)
මිනිසෙකුට වස්තු සියයක් තිබුනොත් ඔහුට කරදර සියයක් තිබේ.එක වස්තුවක්වත් නැති මිනිසෙකුට එක කරදරයක්වත් නැත.බුදුන් දේසනා කල දෙයක්. (ස)
ඔබ මුළු ලොවටම ආදර්ශයක් පුතේ (නි)
අජාන්, සැහැල්ලු සිනහවක් පියාගේ මුහුණට නම් කිසි කලෙක එන එකක් නැහැ.(නදී)
ලොව සැම දේ අනිත්‍ය බව පසක් වෙලා ජීවිතය නම් මෙයම විය යුතුය.(නදී)
අද දවසට ඇසූ හොදම මෝඩ කතාව. (නි)
දමිළ ජාතිකයෙක් වීම ගැන ආඩම්බර වන්න. ඔබ දෙදෙනා ගැනම ආඩම්බරයි.(නදී)
බුදු දහමේ සත්‍ය අවබෝධකරගත් පින් වන්තයෙක්. අපි හැමෝටම ආදර්ශයක්.(නදී)
පුතාට තිබුනා තාත්තගේ සූදු සල්ලි නවත්වන්න. සුදුව ලොකුයි සීලේට වඩා. මෙහෙමත් ප්‍රචාරණ.(නදී)
දිනේ, පෙරුමාල්. වගේ මෝඩයෝන්ට මේවා කවදාවත් තේරෙන එකක් නැහැ. නොදන්නා දේවල් වලට අදහස් දාන්නේපා. (ස)
මුන් වහන්සේ පතනා බෝධියකින් නිවන් දකීවා! මේ තාත්තාගේත් එලොව සුවබර වේවා! (නි)
මෙන්න නියම භික්ෂුවක්. සල්ලි එපා කියල ඇවිල්ල තියෙන්නේ. ඉතාලියේ වසන සියලු සත්වයෝ ගොඩ දාන්න පොරකාගෙන ධර්ම ප්‍රචාරයට එන සමහර භික්ෂුන්ට හොඳ ආදර්ශයක්.(නදී)
සාදු සාදු සාදු !(නදී)
ලබා උපන් හැටියටලු බබා වැනේන්නෙ.(නදී)
දකුණු ආසියාතික බෞද්ධ සාමනේර හිමිවරුන්ට ශිෂ්‍යත්ව වැඩපිළිවෙලක් ලැහැස්ති කරගන්නකෝ. ශ්‍රී ලංකා සියලුම බෞද්ධ ආයතන වෙත කරන මේ ඇරයුමයි. (නි)
ඒ දෙන්නගෙ කැමැත්තට පීනනවා .ඉතිං අපිට මොකෝ .මල්ලිල ඒකට බූරුවො වගෙ මෙතන ගෝරි දාගන්නවා .(අ)
සත්‍යය සැමදා ජයගනී (නි)
බුදු දහමේ ඇති හරය මේ වගේ උගත් පුද්ගලයන්ට මිසක් මෝඩයන්ට තේරෙන දෙයක් නෙමෙයි. (නි)
රොෂාන් බුදුහාමුදුරුවන්ට හැකිවුනාද දෙව්දත් වැරදි පාරක යන එක නවත්වන්න. නිකන් මෝඩ කතා කියන්න එපා.(නදී)
මොනවා වුණත් පින්වන්ත දරුවෙක් (නි)
අද දවසේ දුටු හොඳම මෝඩ අදහස ගාමිණී කුවේට් වල. (දී)
ගාමිණී කුවෙට්, මෙතන මෝඩ කතාව මොකක්ද කියල කියනවද ? නැත්නම් ඔයා තමයි මෝඩයා වෙන්නේ.(නදී)
කාදර්, ඔබට තේරෙන දේ අදහස් පළකරපු සමහරක්ට තෙරුනා නම් කොයිතරම් හොඳද?(නදී).
අපේ අයට නම් ලැම්බෝගිනි ,ෆෙරෙර්රි,පොර්චේ කාර්ම 8-10 ක් ප්ලේන් එකේ ගෙනත් දෙනවනේ. (නි)
රොෂාන්ට මොලයක් නැති වුණාට ඔහොම කතා කරන්න එපා. මෙතන තියෙන වැදගත් පණිවිඩය තේරුම් ගන්න බැරි ඔයා මන්ද බුද්ධිකයෙක්ද?බුදුහාමුදුරුවෝ වත් සුදුව නවත්තන්ට ගියේ නැත. එහි ආදීනව කියා දුන්නා පමණි. මේ තරුණයාගේ අදහසම මොන තරම් වටිනවද? පවුකාරයන්ට යහපතක් දකින්න බැරි හැටි. (නි)