IMG-LOGO

2025 මැයි මස 31 වන සෙනසුරාදා


පිය සෙනෙහසක ආවර්ජනය

මේ දුව තාත්තට ගොඩාක් ආදරය කළාය. ඒ නිසා පවුලේ අය මේ දුව හැඳින්වූයේ තාත්තාගේ දුව නමිනි. ඒ තාත්තා කවුද කියා අද මේ රටේ කාටවත් අමුතුවෙන් කිවයුතු නොවන්නේ රටම ඔහු ගැන දන්නා නිසාය. දේශපාලන ක්‍ෂේත‍්‍රයේදී වැඩි දෙනාගේ ආදරයට පත්ව සිටි චරිතයක් වූ භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර නැමති ඒ දේශපාලනඥයා අද අප අතර නැත. ඔහුට සිදු වූ මේ විපත නිසා බොහෝ ජනතාවක් සුසුම් හෙලූ බව, දුක් වූ බව සැබෑය. නමුත් ඒ සියලූ දෙනාටත් වඩා අද සෝ - සුසුම් හෙළන්නේ, වඩා දුක්වන්නේ ඔහුට වඩාත් ආදරය කළ ඔහුගේ මේ සදාදරණීය දියණිය හිරුණිකා පේ‍්‍රමචන්ද්‍රයි. තාත්තාගේ සුසුමක් ගැන, වදනක් ගැන, හැඟුමක් ගැන හොඳ ඉවක් මේ දියණියට තිබුණේ තාත්තාට එතරම්ම බැඳී සිටි නිසාවෙනි. දියණියට තාත්තාගේ ගුණය ගැන කීමට ඇති දේ අපමණය. පිය සන්තාපයේ වේදනාවෙන් මොහොතකට ඈත් වී ඇය පියා ගැන මිමිණු දේ බලන්න...” මම පුංචි කාලයේදී තාත්තා තමයි මාව මොන්ටිසෝරි අරන් ගියේ. ඒ විදියට යන එන අවස්ථාවකදී මට මතකයි බෝනික්කෙක් අරන් දුන්නා. මම නොතේරෙනකමට බෝනික්කව කැඩුවා. ඊට පස්සෙ ඒ කෑලි ටික විතරක් නෙවෙයි බෝනිකි ගෙදරට අවශ්‍ය සියලූ දේ අරගෙන දුන්නා. ඒ විදියට අපිව සතුටු කරන්න සෙල්ලම් බඩු අරන් දුන්නා වගේම වැරැද්දකදී ඊට දඬුවම් දුන්නා. දවසක් පාසලේ පහසුකම් ගාස්තු ගෙවන්න මල්ලිටයි මටයි සල්ලි දුන්නා. ටීචර් කිව්වෙ දැන්ම සල්ලි  ඕන නැහැ කියලයි. ඊට පස්සෙ ඒ සල්ලි පස්සෙ දෙන්න බැරියැ කියලා හිතාගෙන මායි මල්ලියි ඒක බෙදාගත්තා. මේ සල්ලි නොදීපු බව දැනගත්ත තාත්තා ඒකට දඬුවම හැටියට අපි දෙන්නා දණ ගස්සලා තිබ්බා. ඒ විදියට වැරදි කළොත් අනිවාර්යයෙන්ම ඒකට දඬුවම් කළා. හැබැයි ඊට පස්සෙ සොරි දුව, සොරි පුතා කියලා කිව්වා. මම දඟ වැඩ කරපු නිසා වැඩිපුරම ගුටි කෑව මම. හැබැයි පාරක් ගැහුවාම ඊට පස්සෙ ළඟට කතා කරලා අත පය අතගාලා සොරි දුව කිව්වා. මිනිසුන්ට කතා කරද්දී එයාලගෙ නම් නොකියා අංකල්, මාමා හෝ අදාළ විදියට ඒ අයට ගරුත්වය දී කතා කරන්න කිව්වා. කිසිම වෙලාවක මිනිස්සුන්ට බොරු කියන්න එපා කිව්වා.පවුලේ ගැහැනු ළමයා තාත්තාට ගොඩක් සමීපයි කියලා කතාවක් තියනවනේ. මං හිතන්නෙ අපේ පවුලේ තාත්තාට ගොඩාක්ම සමීප වුණේ මම. තාත්තා සෙනෙහස වැඩිකමට මට කතා කළේ ‘චූටි මැණිකේ’ කියලයි. වෙලාවකට දුව කියලත් කිව්වා. තාත්තා දේශපාලනයට ආපු දවස්වල ඒ නිසා විඳපු දුක්, හිරේ දැම්මාම විඳපු දුක් ගැන විස්තර කියලා තියෙනවා. කොහොම වුණත් තාත්තා කවදාවත් අපට අඩුපාඩු කළේ නැහැ. තාත්තාගේ හීනය වුණේ මම නීතිඥවරියක් වෙනවාටයි. එක් වතාවකදී විශාඛාවේ අධ්‍යාපනය ලබන කාලයේදී පාසල් නාට්‍යවල මම රඟපෑවා. සමස්ත ලංකා තරගාවලියකදී පද්මාවතී නූර්ති නාට්‍යයේ රඟපෑමට හොඳම නළුවා (මා එහි රඟපෑ චරිතයට) සම්මානය ලැබුණේ මට. තාත්තා එදා ගොඩාක් සතුටු වුණා. ඒ කොහොම වුණත් මම අපරාධ නඩු කතා කරන තීනිඥවරියක ලෙස පෙනී සිටිමින් කතා කරන එක් නඩුවක් හෝ දැක බලා ගැනීම තාත්තාගේ සිහිනය වුණා.” ගෙදරදී මොනවගේද හැසිරුණේ? තාත්තා කොහේ ගියත් කෑම කන්න දවල්ට ගෙදර එනවා. ඒ අවාම අපි එක්ක කතා කරමින් ඉන්න ආසයි. කෑම කාල තාත්තා නිවාඩු පාඩුවෙ ඉන්නකොට මම ගිහින් තාත්තගෙ ඔඩොක්කුවේ ඉඳගන්නවා. මට වයස 24 වුණත් තාත්තට මං පුංචි දරුවෙක්. ආදර සබඳතා ගැන තාත්තාට කියලා තියෙනවද? ආදර සබඳතා කියල තිබුණේ නැහැ. නමුත් අද මගේ පෙම්වතා වන රන්දිම සහ මා අතර හඳුනාගැනීම ඇතිවුණේ මට වයස 15 දී විතර. එයා අපේ එහා ගෙදර හිටියෙ. අපි හොඳ යාළුවෝ. එදා රන්දිම මට ෆෝන් එකෙන් කතා කරද්දී මම තාත්තාට කිව්වා අහගෙන ඉන්න කියලා. ඒ වගේ මම කිසිම දෙයක් හංඟලා නැහැ. තාත්තාගේ අම්මාගේ විශ්වාසය කඩ කරලත් නැහැ. තාත්තා කරන කියන දේ ගැන මට තිබුණේ හොඳ දැනීමක්. ඒ ගැන තාත්තා දැනගෙන හිටියා. ඒ නිසා බොහෝවිට මම කියන දේට සවන් දුන්නා. තාත්තා ලස්සනට අඳින්න හරි ආසයි. ඒ ගලපාගැනීම ගැන කිව්වාම ඒ දේ කරනවා. රටකට ගියාම අපට අවශ්‍ය ඇඳුම් තෝරාගෙන එන්න තාත්තට දැක්මක් තිබුණා. ඒ වගේම තමයි ගෙදර වැඩවලටත් උදව් කළා. කවුරු හරි නැත්නම් ගෙදර අස්පස් කරන වැඩ වගේම අපේ ඇඳුම් පවා සෝදලා දුන්නා. තාත්තාට හොඳට ගී ගැයීමේ හැකියාවක් තිබුණා නේද? ඔව්, ජෝතිපාලයන්ගේ ගීතවලට ගොඩාක් ආසා කළා. ටජ්මහලක් ගීතය තාත්තගේ පි‍්‍රයතම ගීත අතරින් එකක්. අපේ හිතවතුන්ගේ මංගල උත්සවවලට ගියාම ඒ අයගේ ඉල්ලීම් නිසා තාත්තයි මමයි යුග ගී ගායනා කළා. ඔබ රූ -රැජින තරගවලට සහභාගි වෙනවට තාත්තා කැමති වුණාද? රූ රැජින තරගයට අයදුම්පත් දැම්මෙ අපේ අම්මා, මම සහ රන්දිම එකතුවෙලා. තාත්තට මේ ගැන පැහැදිලි කරලා දුන්නම කැමති වුණා. මොකද මේ රූ රැජින තරගයට තේරුණු අවසන් 12 දෙනාටම උපාධි තියෙනවා. හොඳට උගත් අය. මම අන්තිම 5 දෙනාට තේරුණාම තාත්තා ගොඩක් සතුටු වුණා. ඒ ගැන කොච්චර පැහැදීමක් තිබුණද කිව්වොත් ඒ සඳහා අවශ්‍ය සියලූ දේ අරන් දුන්නා. අන්තිමට මේ රූ රැජින තරගයෙන් පසුව ලෝකයේ ලොකුම රූ රැජින තරග අතරින් තුන්වෙනි තැන ගත් චීනයේදී 51 වෙනි වතාවට පැවැත්වෙන මිස් ඉන්ටර්නැෂනල් තරගයට ලංකාවෙන් තේරුණේ මම. එය පැවැත්වීමට තිබුණේ ඔක්තෝබර් 20 වෙනිදා. ඒත් අපේ තාත්තා රුදුරු සාහසිකයන් මරා ගත්ත නිසා මම ඒ තරගයට ගියේ නැහැ. ඒ තරගයට යන්න සිටින නිසා ඊට අවශ්‍ය නර්තන ආදී සියල්ල සඳහා මාව වඩාත් උනන්දු කළේ තාත්තා. විවාහය ගැනත් කතා කළාද? ඔව්. තාත්තාගේ සිහිනය වුණේ එයාගෙ දුවගෙ වෙඩින් එක ඉතාම ජයටම ගන්නයි.

සටහන  සඳුන් ගමගේ පෙර ලබාගත් ඡායාරූප උපුටාගැනීම කි‍්‍රෂාන් රණසිංහ
 



අදහස් (0)

පිය සෙනෙහසක ආවර්ජනය

W.R.L.Silva (Lake-House Ravindra) Friday, 04 November 2011 12:15 PM

මෙවැනි අනුවෙදනීය විපත් මතු සංසාරේ නොවේවා හිරුනිකා දුව ඔබ දිරිමත් වෙන්න

:       0       0

සංජය ද සිල්වා Wednesday, 26 October 2011 02:21 PM

පිය සෙනෙහස නැති කළ එක අතක් නෑව වගේ

:       0       0

නිත්‍යා Wednesday, 09 January 2013 11:12 AM

ඔබ දේශපාලනයෙන් ඈත්ව කටයුතු කරන්න.දිරිමත්ව අනාගතයට මුහුණ දෙන්න (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 133 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 284 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 592 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site