
(ජේ.ඒ.එල්.ජයසිංහ)
මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු පැදවූ ජිප් රථයක ගැටුණු පිය පුතු දෙපොළක මියගිය බව මහනුවර පොලිසිය කියයි.
මෙසෛ් මියගොස් ඇත්තේ බූවැලිකඩ සංඝමිත්තා මාවතේ චන්ද්‍රික සම්පත් රුද්‍රිගු (41) සහ විමන්ත රුද්‍රිගු (11) යන දෙදෙනෙකි.
කිසියම් අවශ්‍යතාවයක් සඳහා පියපුතු දෙදෙනා මාර්ගය හරහා ගමන් ගනිද්දි මෙම අනතුර සිදුව තිබේ. අනතුර සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිය ගිය දෙදෙනාගේ නම් පල කරන්නත් හිටපු මන්ත්‍රීගෙ නම පල නොකරන්නත් තරම් පහත් උන ජඩ මාධ්‍ය හෙළා දකිමි....
මේ වගේ නිතරම අනතුරු සිදුවෙන රටක් ලෝකෙම නැතුව ඇති .
හැමදාම අහන්න ලැබෙන්නේ අනතුරු. මේවා කාගේ වැරැදිද? සමහර රියදුරෝ ඉගිල්ලෙන්න හදන අය.. හිටපු මන්‍ත්‍රී කවුද දන්නේ නැහැ...
ගාමිණී විජය බණ්ඩාර... නමත් කියන්න බැරි වුණාට අපි දන්නවා...
අහින්සක පිය පුතු දෙපලගෙ බොහොම කනගාටුදායක මරන දෙකක්. ඔවුනට නිවන් සුව පතමි. අපිටත් මෙවනි දේවල් සිදුවෙන්ට පුලුවං අවිනීත රියදුරන් නිසා.