පරවුන් ඇල්ලීමට මාතර කොටුවේගොඩ සිට මුහුදු ගිය පිය පුතු දෙදෙනෙකුගේ ඔරුවේ කොල්ලෑව කැඩී පැයක් පමණ මහ මුහුදේ අතරමන් වී සිටියදී බේරාගත් බව මාතර ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය කියයි.
පරවුන් ඇල්ලීමට මාතර කොටුවේගොඩ සිට මුහුදු ගිය පිය පුතු දෙදෙනෙකුගේ ඔරුවේ කොල්ලෑව කැඩී පැයක් පමණ මහ මුහුදේ අතරමන් වී සිටියදී බේරාගත් බව මාතර ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෙවිල්, මේකේ කෙහෙද කියල තියෙන්නේ කැඩුණු ඔරුවෙන් ගියා කියලා. සෑම් තමයි කියන්නේ ඔරුව කැඩිලා තිබුන කියලා. කමෙන්ට් විතරක් නෙවේ නිවුස් එකත් කියවලා බලන්න. (නදී)
මුහුදේදී ඔරුවක කොල්ලෑව කැඩුන විට ඔරුව ගසක කඳකින් හෝ ලීයෙන් තනා ඇත්නම් (පිංතූරයේ පෙන්වා ඇති පරිදී) දිය යට නොයයි. ඔරුව අල්ලාගෙන උදව්වක් ලැබෙනතුරු සිටිය හැකිය. ඉතාමත් අවශ්‍ය දෙය හොඳින් පිහිනීමට ඇති හැකියාවයි. එවිට සිතට භියකි ඇති නොවේ. මේ අසරණ දුප්පත් මිනිසුන් ගැන ප්‍රතිචාර ලියද්දී සමහර පාඨකයන් දක්වා ඇති පරිදි කරුණාකර ඔවුන්ගේ ආර්ථික තත්වය ගැනද සිතන්න. (දී)
තෙරුවන් සරණයි ඔබ දෙපලට (දී)
ජීවිතය ගැන මිට වදා සැලකිලිමත් වෙන්න (දී)
ඉන්දික එයාලගේ ඔරුව කැඩිලා තියෙන්නේ මුහුද මැදදි නේද? (දී)
ඉන්දික,නෙවිල්,සාමා,සජිත්,,මහින්ද,ජුදේ,යන ඔක්කොමලා ප්‍රකාශ දාන්නේ මේගොල්ලෝ දෙන්නා මැරුනේ නැතුව ආපු එකට එරෙහිවයි. (නදී)
ඉන්දික, ඔරුව හරියට නඩත්තු කරලා තිබුනානම් කැඩෙන්න විදියක් නෑ. මිනිස්සුන්ගේ තියෙන දුප්පත්කමට ඒවා නඩත්තු කරන්න හෝ ආරක්ෂක කබායක් ගන්න වත්කමක් නෑ. මිනිස්සු අමාරුවෙන් ජීවිතය ගැටගහ ගන්නවා. සජිත්, ඔයාට තව ටික කලක් යනවා ලෝකේ තේරුම් ගන්න. රජය ඉන්නේ මිනිස්සුන්ට නිකන් කන්න දෙන්න නෙමේ. නමුත් හැම මිනිහෙකුටම ජීවත් වීමේ පසුබිමක් හදන එක රජයේ වගකීම. දියුණු රටවල අන්තිම දුප්පත් මිනිහටත් ජීවත් වෙන්න ක්‍රමයක් රජය ඇති කරලා තියනවා. රටක් දියුණු වෙනකොට වෙන්න ඕනේ ඒක තමයි. නැතුව සල්ලි තියෙන කීපදෙනෙක් එක්ක කන්නවත් නැති බහුතර පිරිසක් ඇතිකරන එක නෙමේ.(නදී)
අනාරක්ෂිතව මසුන් මැරීමට යන ධීවරයන් මිට වඩා සැලකීමත් උනානම් මෙවැනි දේවලට හසුනොවේ
නලින්, තැනක ජීවත් වීමේ පසුබිම හදා ගන්න ඕනේ තමන්මයි. ඒක ආණ්ඩුවට බාරදීල හරියන්නේ නැහැ. අදිෂ්ඨානයයි උත්සාහයයි තියෙනවා නම් ඕන කෙනෙකුට දියුණුවෙන්න පුළුවන්. හරිනම් සමෘද්ධි වගේ ඒවත් නවත්වන්න ඕනේ. මිනිස්සුන්ට පිනට දේවල් දෙනකොට ඒවායේ අගයක් නැහැ. අනිත් එක කම්මැලි වෙනවා.(නදී)
පියාගේ පින් බලයට පුතුද, පුතුගේ පින් බලයට පියාද බේරෙන්ට ඇති. (අ)
ජීවිතාරක්ෂක කබායක් නැතුව මුහුදු යන්ද එපා කිවට අහන්නේ නැහැනේ මිනිස්සු,(අ)
මේ අයගේ ඔරුව හරියකට හදාගන්න වත්කමක් නැතිව ඉන්දැද්දී ආරක්‍ෂිත කබා ගැන කතාකිරීම තේරුමක් නැහැ. කිසි කෙනෙක් විහින් මැරෙන්න යන්නේ නැහැ, අද තියන ජීවන අරගලය මේවයින් පෙන්නුම් කරනවා. (නදී)
සෑම්ගේ අදහස හරි. ජීවිත සටනට මිනිස්සු මුහුණ දෙන්නේ හරිම අමාරුවෙන්. ඉන්ටෙර්නෙට් එකෙන් පත්තර බලන අපි හිතන්නේ මේ මිනිස්සුන්ට ජීවිත ආරක්‍ෂිත කබායක් ගන්න බැරිද කියල.
අද තියන ජීවන අරගලය කියන්නේ මීට කලින් මිනිස්සු මූදු ගිහින් නැහැ කියලද ඔරු වල. නැත්නම් දැන් මුහුදු යන්න එපා කියලද? මේවා දේශපාලන කථා.මිනිස්සු දැනුවත් වෙන්න ඕන ජිවිත ආරක්‍ෂාව සම්බන්දයෙන්.කබා නොමිලෙ දෙන එක රජයෙ යුතු කමක්. (අ)
ජීවිතාරක්ෂක කබා ගෙදර නෝනට දීල එන්න ඇති.. නාන්න කියල.. (දී)
මෙතන මිනිස්සු හිතන් ඉන්නේ දුප්පත් වීම රජයේ ඌනතාවයක් කියලා. දුප්පත් වීම එම මිනිහගේ ඌනතාවයක් කුමන හෝ ව්‍යාපාරයක් කරලා හරි පොහොසත් වීම ඔවුන්ගේ වැඩක්. නිකන් දුප්පත් කියලා මිනිස්සුන්ගෙන් යැපෙන එක ඉතා නීච දෙයක්.(නදී)
සෑම්, මේවට කියන්නේ හදිසි අනතුරු කියල. ඔරුව කැඩිලා කියල දැන දැනත් මුහුදු යනවා නම් එයාගේ මොලේ පරික්ෂා කරන්න ඕනේ. මෝඩ තර්ක ඉදිරිපත් කරන්න එපා. (නදී)
ඉන්දික, ඔරුව කැඩුනා කියල මුහුදු නොගිහින් හිටියම ඒ අයගේ දරු පවුල් වලට කන්න දෙන්නේ ඔයාද? (නදී)
ඉන්දික, මේ මිනිස්සුන්ට මොලේ අමාරුවක් නැහැ, ඔයාට නම් මොලේ පරීක්ෂා කරගත්තොත් හොඳයි. මෝඩ කතාවක් කියල තියෙන්නේ සෑම් නොවේ ඔයයි.(නදී)
ඉන්දික, හදිසි අනතුරු කියන්නේ ඔරුව කැඩුන බව දන දැනත් මුහුදු යන එකට නොවේ. හදිසියේ නොදැන සිදුවන අනතුරු වලටයි. ඔබගේ කොමෙන්ට් එකේ අදහස් එකිනෙකට පරස්පර බව පේනවා. (නදී)