ඉතාලියේ සේවය කරමින් සිටියදි නිවාඩුවක් සදහා ශ්‍රී ලංකාවට පැමිණ වෙන්නප්පුව බන්ඩිරිප්පුව දුම්රිය හරස් පාරේදි අනතුරකින් ජිවිත අහිමි වු සුජිව ප්‍රනාන්දු හා සිතුර ප්‍රනාන්දු යන පිය පුතු දෙදෙනා අනුස්මරණය කරමින් පාපාන්දු තරගාවලියක් පසුගිය සති අන්තයේදි මිලානෝ නුවර පැවැත්විණි.
ඉතාලිය පුරා විසිරි සිටින දක්ෂතම ශ්‍රී ලංකික පාපාන්දු කණ්ඩායම් රැසක් සහභාගි වු මෙම තරගාවලියේ සුරතාවය හිමි වුයේ නුව් ප්‍රේන්ඩ්ස් ක්‍රිඩා සමාජයටයි. අනුශූරතාවය සෙරනියස් ක්‍රිඩා සමාජය විසින් දිනාගන්නා ලදි.
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා පිය පුතු වියෝවට බෝල ගහලා හරියනවාද කියලා (දී)
හරි.... හොඳ අනුස්මරණ කිරීමක්... අපේ ප්‍රදේශයේ මිය ගිය අය සමරන්න මෙවැනි ක්‍රීඩා සංවිධානය කරනවා...හොඳ දෙයකින් පිය පුතු අනුස්මරණයට එක් වුණු ඉතාලියේ ශ්‍රී ලාංකිකයන්ට මගේ සතුට...අප අතරින් වෙන්වුණ එම පිය පුතු දෙදෙනා “සමාදානයෙන් සැතපේවා.“ (ස)
ධම්ම...අර ලීටර් ගණන් තිබ්බ ඒවායින් 'එන්ජෝයි' එක කරගන්න බැරි වුනාද තවත් 'සක්කිලි බෑන්ඩ්' ඉල්ලන්නේ? (දී)
'පැපර පෑන්' බෑන්ඩ් එකකුත් තිබ්බා නම් මැච් එක හොඳට 'එන්ජෝයි' කරන්න තිබුණා. (ස)
සුජීව, ඔබගේ දුරකතන අංකය මෙහි පළ කරන්න (නි)
අදහස් දමල තියන දකුණු පළාතේ පිරිමි දෙන්නට පාපන්දු ක්‍රීඩාව කරන්න පන නැතිව ඇති මගේ හිතේ. ලංකාවේ සමහර පුත්ගලයෙන් වෙනුවෙන් පවත්වන අනුස්මරණ කුසලාන ගැන මේ අය අහලවත් නැතිව ඇති. මෝඩ කම තිබුනට එක ප්‍රදර්ශනය කරන්න එපා මිනිසුනේ. ෆොටෝ බලපුවම අපට නම් ශ්‍රී ලාංකිකයින් හැටියට දැනෙන්නේ ආඩම්බරයක්. ඔවැනි දෙයක් පිටරටකදී සංවිධානය කරන්නත් මනසේ ලොකු ශක්තියක් තියෙන්න ඕන. උත්සහවන්ත නිරෝගී තරුණයිනි, ඔබලාට අපගේ ශුභ පැතුම්! (දී)
ඔතන බෝල විතරක් නෙමෙයි අනිවාර්යයෙන්ම බෝතල් නම් ගහන්නම ඇති. (දී)
කණගාටු දායක මරනයගැන දැනගත් විට සිතට දැනුනේ කණගාටුවක්. කෙසේ හෝ අනුස්මරණය කල සියලුදෙනා කර ඇත්තේ ලොකු කටයුත්තක් .මගේ සෝකය .ලීල් ගුනවර්දන නෙදර් ලතයේ සිට. (දී)
සුජීව ඔබ නපොලියේත් මිලානෝ වලදීත් ඔබ මිනිස්සුන්ට කරපු උදව් මනුස්සකම් තියෙන මිනිස්සුන්ට අමතක නැහැ .. ඔබටත් පුතුටත් වූ රිය අනතුර ගැන අසු මොහොතේ පටන් අපි බොහෝ කණගාටු උන .. ඔබ නැති උනත් ඔබ කල හොද සද අප මතකයේ රැදෙනවා ... සොයුර සුජීව පුතු සුජීව ඔබට සද මොක්සුව පතමු (දී)
මේ සුජීව මන් අදුරනව .. හොද ගතිගුණ තියෙන ඔහු වෙන්නප්පුවේදී වගේම ඉතාලි ඇවිල්ලත් නාදුනන මිනිස්සුන්ට පවා මනුස්ස කමින් උදව් කරපු මනුස්සයෙක් .. පිය - පුතු ඔබ දෙපලට ස්වර්ගයේ දොරටු විවර වේවා .. ඔබ දේපල වෙනුවෙන් අප සැමදා දෙවියන් වදිනවා .. (දී)
මේ පිය පුතු දෙපලගේ මරණය සිදුවූ දිනවල මාද නිවාඩුව සදහා ලංකාවට ගොස් සිටියෙමි. සත්තකින්ම කනගාටුදායක මරණ දෙකක් .ඔවුන් දෙදෙනා වෙනුවෙන් තරගාවලිය සංවිදානය කල සියලුම දෙනාට මාගේ ප්‍රණාමය. (දී)
ධම්ම මහත්තයා දන්න තරම් තමයි ඔය (නි)
මෙහි අදහස් පළකර සිටින නුවන්, ඔබට ස්තුතියි. ඔබ මේ ගැන දන්නවා නම් අපටත් කියන්න. (නි)
ශ්‍රී ලාංකික බොහොම දෙනෙක් ඕනෑම දෙයක් බලන්නේ අමුතුම කෝණයකින්.කුහකකම ඉරිසියාව හදවතේ පුරවාගෙන. (නි)
ක්‍රිකට් මැච් අස්සේ මියගිය දෙන්නක්ගේ ඡයාරූප දාගෙන...ඔවුන්ට දැන්වත් නිදහසේ සැතපෙන්න ඉඩ හරින්න. පුළුවන් නම් කවුරුත් එක්ක එකතු වෙලා ඒ වෙනුවෙන් ලංකාවේ දුප්පත් පවුල් කීපයකට උදව් කරන්න.(දී)
ආදර සුජීව- සිතුර ( පිය-පුතු) ඔබගේ කටහඩ සිනහව සදා අප මතකයේ රැව්දේ ... මිනිසුන්ට උදව් කල ආදර සුජීව නොසිතු මොහොතක අප අතරින් ඔබ දේපල සමුගත්තත් ඔබ දෙපල සදා අප මතකයේ රැදේවා ...ඔබ දෙපලට සදා මොක්සුව පතමු .. (දී)