බදුලු දිසාවේ 1965/66 සිටි දිසාපති මැල්කම් අබේරත්න මහතාගේ නිළ නිවස බැලීමට ඔහුගේ දූ පුතුන් වන කුමුදුනී,රොහාන් හා අනිල් විසි හත් වසරකට පසු ඕස්ට්‍රේලියාවේ සිට බදුල්ලට ආහ.
එම නිවස ඌව මහ ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ වත්මන් නිළ නිවසයි.
බදුලු දිසාවේ 1965/66 සිටි දිසාපති මැල්කම් අබේරත්න මහතාගේ නිළ නිවස බැලීමට ඔහුගේ දූ පුතුන් වන කුමුදුනී,රොහාන් හා අනිල් විසි හත් වසරකට පසු ඕස්ට්‍රේලියාවේ සිට බදුල්ලට ආහ.
එම නිවස ඌව මහ ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ වත්මන් නිළ නිවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ලස්සන නිවසක් (නි)
මොකක්ද මේකේ විශේෂත්වේ. (දී)
අපේ ගෙටත් අවුරුදු 100 යකට කිට්ටු වෙන්න යනවා (දී)
සුන්දර නිවහනක් (දී)
මමත් 1953 - 1963 දක්වා බදුල්ලේ ධර්මදූතේ ඉගෙන ගත්තා .අපේ තාත්තා ඒ කාලෙ දිසාපති කාර්‍යාලයෙ ලිපිකරුවෙක් .ඒ කාලේ ටොකු ගස් රාශියක් බදුල්ල මල් වත්තෙ තිබුනා .අපි යාළුවන්ගෙ ඔලු වලට මේ ටොකු ගඩි වලින් ගහපු හැටි තවම මතකයි .කච්චෙරියට ඇතුළුවන තැන විශාල චෙරි ගසක් තිබුනා .ඒකෙ ගෙඩි කන්න අපි නිතර එහි යනවා . (දී)
මමනම් බදුල්ලේ නෙවේ ,ටොකු ගස් ගැන දන්නෙත් නැහැ . හැබැයි අපි ස්කොලේ යන කලේ හැමදාම ටොකු ...පන්තියෙත් ටොකු...ගෙදර ආවත් ටොකු.. ඒකාලේ හෙල්මට් තිබුනෙත් නැහැනේ අපේ අවාසනාවට...... (දී)
මොකද ලොකු ලොක්කොයි එයාලට සම්බන්ධ උදවියි අපේ රට දාල යන්නේ? මම හිතන්නේ අපිව ගොනාට අන්දවා ගෙන අපේ රට විනශ කරනවා. (ස)
මේ ලිපියේ හා මේ පින්තුර වලින් අපිට නොපෙනෙන දෙයක් මට නම් පේනවා සුද්දගේ කාලේ අධිරාජ්‍යවාදී කිරීටයේ ඒකාධිකාරය (දී)
මේවා ආණ්ඩුවට පවරා ගත්තේ කොයි කාලේද (දී)
මේ වගේ පෞරාණික තැන් ලංකාවේ කොයිතරන් ඇතිද (දී)
ඒ ළමයිනුත් ආස ඇතියේ තාත්තාගේ ගේ බලන්න (දී)
අද අප ජීවත් වන්නේ ගෝලීය ලෝකයක සේන. (නි)
1965දී මමත් හිටියේ බදුල්ලේ. ඒ කාලේ මේ වත්ත ගස් වැල් වලින් පිරුන විශාල ලස්සන ඉඩමක්.ඒකට අපේ පියා කිව්වේ "ඒජන්ත බංගලාව" කියලා. මේ වත්තේ තිබුනා ගහක්, ඒකේ ගෙඩි වලට අපි කිව්වේ "ටොකු ගෙඩි" කියලා. ඒක ලංකාවේ දුර්ලභ ගහක් කියලා මගේ අදහසයි. මේ ගහ දැන් ඇති බවක් නොපෙනේ. බදුල්ල ලස්සන වගේම සෞම්‍ය දේශගුණයක් ඇති නගරයක් (නි)
දැන් ඉතින් මේ දුප්පත් අපෙන් කෙරෙන්න ඕනෑ මොනවද මේ සම්බන්ධයෙන්? (නි)
දරුවන්ට බොහොම සතුටු ඇති. (නි)
මේක දැකලා හරිම සතුටු හිතෙන්න ඇති (දී)
දැන් ඉතින් අපෙන් මොනවද වෙන්න ඕනෑ? (නි)
චුලා, ඒ වගේ ටොකු ගහක් පේරාදෙනියේ මල්වත්තේ තිබුනා 1998 දි. ඒක නම් දැන් ඇති තාම.(නදී)
රාජුන්, මලී, සේන සමග මාත් ඉන්නේ එකම බෝට්ටුවේ. නමුත් සංජු කියන කතාව මට තේරෙන්නේ නැහැ මෙතන කිසිම සඳහනක් නැහැ මේ අය බුද්දිමත් මිනිස්සු කියලා. (නදී)
චුල ඒකනායකගේ කතාව බැලුවම මට රත්නපුර දිසාපති මැදුර මතක් වුනා. කෞතුකාගාරය ලඟත් ටොකුගහක් තිබුනා. 2012 වසරේ එම ගහත් කපල දැම්මා. ඒජන්ත බංගලා හදද්දී එම ගස් හිටවන්න ඇති දුර්ලබ ගහක් කියල මමත් හිතනවා.(නදී)
අවුරුදු 27 යනකම් දෙමව්පියන් බලන්න ඇවිල්ල නැද්ද? පුදුමයි! (නදී) .
පවු! ඒ දරුවෝ ඕස්ට්‍රේලියාවේම ඉඳලා වයසට ගිහින් වගේ මට නම් පෙනෙන්නේ. ලංකාවේ ලොකු ලොක්කන්ගේ දරුවෝ ඔක්කොම දෙනාට වගේ වෙන්නේත් ඔය ටික තමයි (නි)
අපේ රටේ බුද්දිමත් මිනිස්සු දියුනු රටවලින් අරන් කියන එක තමයි ඕකේ තේරුම.(නදී)