රාජකීය විද්‍යාලයයේ වහළ මත නැග උපවාසය අරම්භ කළ ගුරුවරිය පැය 10ක් ඉක්ම ගොස් තිබියදීත් එතැනම රැඳී සිටින්නීය.
ගිලන් රියට අමතරව ගිනි නිවන රථයක් ද පැමිණ ඇති අතර එම ස්ථානයේ පහළ මෙට්ට අතුරා ඇත.
වෘත්තීය සමිති නායකයන් ඇතුළු පිරිසක් ද රාජකීය විද්‍යාලයය ඉදිරිපිටට රැස්ව සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉන්න විදුහල්පති ගැන අපි දනන්වා. (නි)
කකුල් අතපය රිදෙන්නේ නැද්ද දන්නේ නැහැ (නි)
අදහස් දමපු සමහරු කියන ලෙසට මානසික ලෙඩක් නම් බේත් ගත්තොත් හොඳයි නේද, පාසලේ නම විනාශ කරන්නෙ නැතුව (නි)
තනිකරම දේශපාලනීකරණය වූ නිදහස් අධ්‍යාපනය දවසින් දවස විනාශ වෙනවා.දකින්නත් දුකයි. (නි)
ගුරු සේවයට ගිය කලක්! " වැටත් නියරත් ගොයම් කා නම් කාට කියම්ද ඒ අමාරුව " ... ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමේ හොඳ ආදර්ශයක් ගුරුන්ගෙන්ම ... (නි)
ඔෂිනි, ඔය පාසලේ විනාශ කරන්න තරම් නමක් ඉතුරුවී තිබේද? (නි)
රට විනාශ කළ අයට නම් හොදක් වෙන්නේ නැහැ (නි)
මෙවැනි ගුරුවරියක් පැය 10 ක් ඉක්ම යනතෙක් වහලයක් මත උපවාස කරන්නේ නිකන් ඉන්න බැරිකමට නොවන බවත් බොහෝ දෙනෙක්ට වැටහෙන්නේ නැහැ. දිනෙන් දින උග්‍ර වන අධ්‍යාපන ගැටළු ඔඩුදුවා රටේ අර්බුද ඇතිකරන තෙක් මේ රටේ මිනිස්සු පණ්ඩිත කතා කියමින් ඉන්නේ අවුරුදු 30 ක් කොටි ත්‍රස්තවාදය ඔඩුදුවන තෙක් හිටියා වගේමයි. මෙතන කයිවාරු ගහන කිසිවෙකුටවත් කිසිම විසඳුමක් නැහැ, නමුත් කතාව හා තර්ක නම් තිබෙනවා. ලංකාවේ ආදී කාලේ වගේ කුල ගෝත්‍රයට අයත් දැනුම පවුල තුල ළමයින්ට උගන්වන්න සිදුවෙන තැනට රටේ අධ්‍යාපනය කඩාවැටෙන්න පෙර රජයේ පාසල් පෞද්ගලිකරණය කළ යුතුයි. පහ ශ්‍රේණිය දක්වා නොමිලේ අධ්‍යාපනය දියයුතුයි. මේ කටයුත්ත කොළඹ රාජකීය විද්‍යාලයෙන් ආරම්භ කිරීමයි වඩාත් සුදුසු. එවිට කණ්ඩායම් හැගීමෙන් යුතුව ප්‍රායෝගිකව එක්ව වැඩකළ හැකි මනුෂ්‍යත්වයෙන් පිරිපුන් අනාගත පරපුරක් බිහිවෙනවා. (නි)
බහින්න රත්තරන් අක්කා දැන්. ඔයා වැටුනොත්? (නි)
බඩගිනි වෙලාවට බිමට බහීනේ. එතකොට බලාගමුකෝ ?දැන් ඕක බලලා කීදෙනෙක් වහලෙට නගින්න ගනීද දන්නේ නැහැ. අනේ මෙහෙමත් මිනිස්සු (නි)
ගුරුතුමියගේ ක්‍රියාවලිය අනුමත නොකරමි. නමුත් ගුරුතුමියක් වුවත් ඔය තත්වයට පත්කළ බලධාරීන් මීට වඩා ගුරුවරුන්ගේ ගරුත්වය තිබෙන පරිදි කළමනාකරණය කරගත යුතුයි. අද හැමතැනම දඩබ්බර ක්‍රියා සිදුවන්නේ මේ ත්‍රස්තවාදී මානසිකත්වයයි , සමාජයට දේශපාලකයන් ලබා දුන් ආදර්ශයයි නිසයි (නි)
ලංකාවේ ටිකක් හරි වැදගත් විදිහට හිටියේ ගුරුවරුන්. දැන් ඒකත් නැති කරන්නද යන්නේ? පිරිමි කරන වැඩ මොකද මේ ගැහැනු කරන්නේ? අනේ ගැහැනුනේ,මේ මැදපෙරදිග පැමිණ ලංකාවේ ගැහැණු අපි දුක් විදිනවා. ඒ වෙනුවෙන් හඩක් නගපල්ලා. කවදා හරි දවසක මම මේ ගැන විසදුමක් හොයනවා. (නි)
ඔශිනි, පාසලේ නම රකිනවා කියන්නේ අසාධාරණය ඉදිරියේ නිවටව සිටීමට නොවේ. එයට එරෙහිව නැගී සිටීමටයි. ඒ නිසා වහලට නැගගත් ගුරුවරිය කරන්නේ පාසලේ කීර්ති නාමය ආරක්ෂා කිරීමයි. එහි කීර්තිය නැති කරන්නේ අසාධාරණය ඉදිරියේ නිහඩ වන ලෙස උපදෙස් දෙන ඔබ වැනි අයයි. (නි)
ඇය ගුරුවරියක් , කාන්තාවක්... කුමක් හෝ ඇයට සිදුවී ඇත්තේ අසාධාරණයක් නම් ,බලධාරීන්ගේ යුතුකමක් පැය 10 ක් තිස්සේ උපවාසයේ යෙදෙන ඇයට සාධාරණත්වයක් ඉටු කිරීම. මාරුවීමක් කියන්නේ ලොකු ඉල්ලීමක් නෙමෙයිනේ. මෙතන මානුෂිකත්වය ගැන සළකා බැලීම වටිනවා (නි)
ඔහොම ඉන්න දෙන්න තියෙන්නේ. මොන ප්‍රශ්න තිබුනත් කතා කරලා බේර ගන්න ඕනෑනේ (නි)
කල්‍යාණි දිසානායක නම් මෙම ගුරුතුමිය අද උදේ 7.30 ට පාසැලේ වහලයට නැග තම උපවාසය ආරම්භ කළාය. මීට පෙර බොහෝ වර මාධ්‍ය මගින් හෙළි කර ඇති පරිදි අති දූෂිත වත්මන් රාජකීය විදුහල්පති වරයාට එරෙහිව දැනට පවතින පරීකෂණයක කල්‍යානි ගුරුතුමිය සාක්කි දීමට නියමිත අතර එම සාක්කි දීමට දිනයකට පෙර මෙම මාරු කිරීම සිදුකර තිබේ. මීට ඉහතද කල්‍යානි ගුරුතුමිය සහ තවත් ගුරුතුමන්ලා විදුහල්පතිවරයාට එරෙහිව රාජ්‍ය සේවා කොමිසමට ද අල්ලස් හා දූෂන කොමිසමට ද සාක්කි දී ඇති අතර ඒ සියළු දෙනාම මේ ආකාරයට මාරු කර ඇත. අවසානයට මාරු කර ඇත්තේ කල්‍යානි ගුරුතුමියයි. මෙම ගුරුමාරු කිරීම් සියල්ල සිදුකර ඇත්තේ ජාතික ගුරු මාරු ප්‍රතිපත්තියට පටහැනිව ය.(අ)
කොහොමත් පෞද්ගලික පාසල්වල තරම් රජයේ පාසල්වල පරිපාලනය නිරවුල් නැහැ. අසාධාරණයට එරෙහි වන්නට නම් තව ඕනෑ තරම් ක්‍රමෝපායන් පවතී (නි)
මේ ගුරුතුමියගේ වයස,පදිංචිය,රෝයල් එකේ සේවා කාලය හා දැනට සම්පුර්ණ කර ඇති මුළු සේවා කාලය කියන්න පුලුවන් නම් හරියටම කාට හරි පින් සිද්ධ වෙනවා අපිට අගක් මුලක් තෝරා ගන්න.. (නි)
කල්‍යාණි අක්කේ අන්න දිසා අය්යා අල්ලපු ගෙදර ගඩොල් ගනිනවලු.......ඉක්මනට බැස්සොත් හොදයි.(අ)