ප්‍රංශයේ ජීවත්වන නිලුෂි නිශ්ශංක ජනප්‍රිය ළමා ගායිකාවකි. ප්‍රංශයේ මෙන්ම යුරෝපයේ ජනප්‍රිය ගායිකාවන් දෙදෙනකු හා ශ්‍රී ලංකාවේ ප්‍රවීන ගායිකාවන් කීප දෙනකු තමාට ගුරුහරුකම් ලබා දෙන බව ද, තම එකම ආශාව ලෝකයේ ජනප්‍රියම ගායිකාවක් වීම බව ද නිලුෂි කියන්නීය.
කැමරාකරණය හා සංස්කරණය - ජනිත් මධුසංඛ
විශේෂ ස්තුතිය - නිශාන්ත මුණසිංහ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම කලාතුරකින් කෙනෙකුට පිහිටන හඩක් මේ දරුවට තියෙන්නේ .ප්‍රංශය තුල අපේ රටේ නම බබලවන මේ දැරියට සුබ පතමු(අ)
පුංචි තාරකාවිය,උපතින්ම ලද හැකියාවන් දියුණුකරගෙන ඉදිරියටම යන්න. ඔයාට ලස්සන අනාගතයක් ඉදිරියේ ඇති බව අපට දැනුණා.වාසනාවන් නිලුෂි දුවේ !අපගේ මුළු හදවතින්ම ඔයාට සුබ පැතුම් ! (නි)
සතුටුයි දියණියේ නුඹගේ දස්කම් වලට:::: පායනු මැනවි පුරහඳ ලෙස දිදුලන්ට .... ආසිරි පතමි ගී ලෝකය ජයගන්න! (නි)
ලක් මවගේ නම මුළු මහත් ලෝ තලයේ දිදුලවන්නට හැකි අපේ දියණියකි නුඹ දියණියේ. ලාංකිකයන් වන අපට මහත් ආඩම්බරයකි. තිසරණ සරණින් නුදුරු අනාගතයේදී නුඹගේ කන්කළු හඬ වා තලය මත රැව්දේවා යන්න මගේ ප්‍රාර්ථනාවයි. බුදුසරණයි!!! (අ)
දුව, ඔබගේ එම ප්‍රාර්ථනාව ඉත සිතින් ඉටුවේවා කියා මම ප්‍රාර්ථනා කරමි. (නි)
ඉක්මනින්ම ජනප්‍රියත්වයට පත්වෙන බව පෙනෙනවා. (නි)
ඔබට සුබ අනාගතයක් පතමි! (නි)
හරිම සතුටුයි. පුළුවන් තරම් ඉහළටම යන්න ලැබෙන්න කියලා පතනවා. අපිට ලොකු ආඩම්බරයක්. (නි)
අව්‍යාජ හැකියාවක් ඇති වටිනා දරුවෙක්. හොඳ අනාගතයක් ලැබෙන බව පෙනෙන්නට තියෙනවා. තෙරුවන් සරණයි. (නි)
ප්‍රංශයේ ජීවත්වන ලාංකික අපිට ලොකු ආඩම්බරයක් මෙවැනි ලක් දියණියක් මෙහි ඉපදී රටේ නමත් බැබළවීම ගැන. (නි)
ඔබට තව තවත් ඉදිරියට යන්නට දිරිය ලැබේවා! ඔබ අපට අහසේ පායන තරුවක් වැනිය. දියණිය, ඔබට අපගේ සුබ පැතුම්! (නි)
ආඩම්බරයි දුවේ. ඔහොම යමු. සුබ පැතුම්! (නි)
ජය වේවා දු ඔයාට! හැකි නම් අනාගතේ ශ්‍රි ලංකාවේ සංස්කෘතියත් ඉගෙන ශ්‍රී ලංකාව වෙනුවෙන් යමක් කරන්න.(දිල්)
ලොකය ජයගන්න ශ්‍රී ලාංකික දුවරුන් අතර ඔබ ඉතා දක්ෂ දියණියක්.සුභ පැතුම් (දිල්)
ඔබගේ අනාගත බලාපොරොත්තු ඒ ආයුරින්ම ඉටු වේවා! දිනක ඔබ දොව දිදුලන ගායිකාවක් වෙයි (නි)
නිලුෂි නංගියාට අපි සුබ පතනවා ඔයාගේ ඉදිරි සංගීත කටයුතු වෙනුවෙන් සහ ලෝකයේ ජනප්‍රියම ගායිකාවක් වෙන්න කියලා. සුබ අනාගතයක්.(දිල්)
අපි මේ වැඩසටහන බැලුවා ඔබට සුබ පතනවා දුවේ ප්‍රංසයේ සිංහල සස්කෘතික සංවිදානය (දිල්)
ආඩම්බරයි දියණියෙනි ඔබ ගැන...! උණුසුම් සුබ පැතුම්...(දිල්)
අති විශිෂ්ටයි. ඔබ ලෝකය තුළ ජනප්‍රිය තරුවක් වනවා නොඅනුමානයි (නි)
මමත් මෙය නැරඹුවා. අති විශිෂ්ටයි.අපිට ආඩම්බරයක් මේ වගේ දියණියක් අප සිටිනා රටේ සිටීමත්, අප උපන් රටට මෙය මඟින් සේවයක් කිර්මත් ගැන. දියණිය, ඔබට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආරක්ෂාව පිහිට ලැබේවා! (නි)