ගෙවුණු විසි හතර පැයේදී මාතර, පයාගල හා දෙමටගොඩ සිදුවීම් තුනක් සම්බන්ධයෙන් සැකපිට පොලිසියේ තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
මාතර වනිගසේකර වත්තේ පුද්ගලයකුට පහර දුන්නේයැයි සැකපිට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු සහ ඔහුගේ දරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හළ බව පොලිසිය කියයි.
තම මස්සිනාට පහර දුන්නේයැයි සැකපිට කොටුව පොලිසියේ කොස්තාපල්වරයෙක් පයාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පහර දීමක් සම්බන්ධයෙන් සැකපිට පොලිස් මූලස්ථානයට අනියුක්තව සේවය කරන පොලිස් ආරක්ෂක සහායකයකු දෙමටගොඩ පොලිසියෙන් අත්අඩංගුවට ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් පොලිස්පත්තුමාගේ ආගමනයත් සමඟ, ජනතා සුබසිද්ධිය තහවුරුවෙන ලකුණු පහළවෙලා. (නි)
අලුත් මහත්තයෝ, අනේ දෙයියෝ, මේ පොලිසිය පිරිසිදු කරලා දෙන්න (නි)
පොලිස්පතිතුමාට පටන්ගන්නකොටම ඇතුළේ ඉන්න අයට නීතිය උගන්වන්න වෙලා වගේ (නි)