IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ප‍ඹේ ළමයි ළමා නිවාස පහකට

පයාගල පඹේ ළමා නිවාසයේ  සියලු ළමයින් වෙනත් ළමා නිවාස පහකට යොමු කරන ලෙස කළුතර අතිරේක මහෙස්ත්‍රාත් අයේෂා ආබිදීන් මහත්මිය නියෝග කළාය.

මෙම ළමා නිවාසයේ දරුවන් පැන යාම හිරිහැර වලට ලක්වීම් ආදී කරුණු සැළැකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරිය කීවේ අනාගතය බාර ගැනීමට ඉන්නා දරුවන් පිළිබඳ තමාගේ විශේෂ අවධානය යොමු වී ඇති බවයි.

කළුතර දිස්ත්‍රික්කයේ ළමා නිවාස සියල්ල දැඩි සෝදිසියකට ලක් කරන්නැයි ද පරිවාස නිලධරයන්ට නියෝග කළාය.

අද උදේත් ළමයින් සිව් දෙනකු පැන ගිය බව අධිකරණයට දන්වා තිබිණි.

ළමා නිවාසයට අලුත් පාළක මඩුල්ලක් පත් කරන බව එහි පාළකයන් වෙනුවෙන් පෙනී සිටී නීතීඥවරු කියා සිටියේය.මෙම පුවත මාධ්‍යයේ පළ වීම වලක්වන ලෙසද ඔවුහු ඉල්ලුහ.

එවැනි දෙයක් කිරීමට තමන්ට හැකියාවක් නැතැයි මහෙස්ත්‍රාත්වරිය පැවසුවාය.

ළමා නිවාසයේ ළමයින් 24 දෙනකු වෙනත් නිවාස වලට මාරු කළ අතර ළමෝ හය දෙනෙක් මව්පියනට/භාරකරුවනට  භාර දෙනු ලැබුහ.

 

 

 

 



අදහස් (0)

ප‍ඹේ ළමයි ළමා නිවාස පහකට

චාන් Saturday, 14 September 2013 01:26 AM

මෙපමණ දෙවල් වෙලා අධිකරණයෙන් නියෝග කරනකන් සිටියද? (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 14 September 2013 07:01 AM

ළමයි පඹගාලක (නි)

:       0       0

අමිල කටුනායක Friday, 13 September 2013 07:27 PM

එතුමියගේ ප්‍රකාශය වැදගත් (අ)

:       0       0

ප්‍රිය Saturday, 14 September 2013 08:41 AM

දරුවෝ හද ගන්න බැරි අය කාටහරි දරුවෝ දුන්නොත් එකට වැරදි වැටෙනවා, මේ වගේ දරුවෝ අනත කරන එක හොදද, මේවයින් වෙන්නේ තවත් රටේ කුඩු කාරයෝ, ධුෂකයෝ බිහිවෙන එක පමණි අනේ රට බල්ලට ගිහින්, කුඩු කාරයෝ පිරිල , ස්ත්‍රී දූශකයෝ මංකොල්ල කාරයෝ, පිරිලා, (දී)

:       0       0

සමන්ත Friday, 13 September 2013 03:23 PM

ළමයින් නැති දෙමාපියන්ට හදාගන්න දෙන්නෙත් නැහැ, විකිණුවා කිය කියා අල්ලනවා. අන්තිමට අසරණ ළමයින්ට යන එනමං නැහැ. මීට වැඩිය මානසිකත්වයකින් බලා ළමයින් නැති දෙමාපියන්ට හදාගන්න දෙන විදිහක් හැදුවොත් නේද හොද. (නි)

:       0       0

හිරුන් ශ්‍රීමාල් Saturday, 14 September 2013 06:09 PM

අර රාවතාවත්ත ළමා නිවාසයේ ළමයින්ව විකිණුවා කියලා, සිංහල බෞද්ධ ජාතික සංවිධාන(සිංහල රාවය) වලින් මුළු ලංකාවම ඇවිස්සුවා... "සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ අධීක්ෂණය යටතේ පවතින" පයාගල ජයන්ති ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ මේ සිද්ධ වුන ළමා අපචාර වලට එරෙහිව ඇයි මේ බෞද්ධ ජාතික සංවිධාන කෑගහන්නේ නැත්තේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 573 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site