පයාගල පඹේ ළමා නිවාසයේ සියලු ළමයින් වෙනත් ළමා නිවාස පහකට යොමු කරන ලෙස කළුතර අතිරේක මහෙස්ත්‍රාත් අයේෂා ආබිදීන් මහත්මිය නියෝග කළාය.
මෙම ළමා නිවාසයේ දරුවන් පැන යාම හිරිහැර වලට ලක්වීම් ආදී කරුණු සැළැකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරිය කීවේ අනාගතය බාර ගැනීමට ඉන්නා දරුවන් පිළිබඳ තමාගේ විශේෂ අවධානය යොමු වී ඇති බවයි.
කළුතර දිස්ත්‍රික්කයේ ළමා නිවාස සියල්ල දැඩි සෝදිසියකට ලක් කරන්නැයි ද පරිවාස නිලධරයන්ට නියෝග කළාය.
අද උදේත් ළමයින් සිව් දෙනකු පැන ගිය බව අධිකරණයට දන්වා තිබිණි.
ළමා නිවාසයට අලුත් පාළක මඩුල්ලක් පත් කරන බව එහි පාළකයන් වෙනුවෙන් පෙනී සිටී නීතීඥවරු කියා සිටියේය.මෙම පුවත මාධ්‍යයේ පළ වීම වලක්වන ලෙසද ඔවුහු ඉල්ලුහ.
එවැනි දෙයක් කිරීමට තමන්ට හැකියාවක් නැතැයි මහෙස්ත්‍රාත්වරිය පැවසුවාය.
ළමා නිවාසයේ ළමයින් 24 දෙනකු වෙනත් නිවාස වලට මාරු කළ අතර ළමෝ හය දෙනෙක් මව්පියනට/භාරකරුවනට භාර දෙනු ලැබුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙපමණ දෙවල් වෙලා අධිකරණයෙන් නියෝග කරනකන් සිටියද? (නි)
ළමයි පඹගාලක (නි)
එතුමියගේ ප්‍රකාශය වැදගත් (අ)
දරුවෝ හද ගන්න බැරි අය කාටහරි දරුවෝ දුන්නොත් එකට වැරදි වැටෙනවා, මේ වගේ දරුවෝ අනත කරන එක හොදද, මේවයින් වෙන්නේ තවත් රටේ කුඩු කාරයෝ, ධුෂකයෝ බිහිවෙන එක පමණි අනේ රට බල්ලට ගිහින්, කුඩු කාරයෝ පිරිල , ස්ත්‍රී දූශකයෝ මංකොල්ල කාරයෝ, පිරිලා, (දී)
ළමයින් නැති දෙමාපියන්ට හදාගන්න දෙන්නෙත් නැහැ, විකිණුවා කිය කියා අල්ලනවා. අන්තිමට අසරණ ළමයින්ට යන එනමං නැහැ. මීට වැඩිය මානසිකත්වයකින් බලා ළමයින් නැති දෙමාපියන්ට හදාගන්න දෙන විදිහක් හැදුවොත් නේද හොද. (නි)
අර රාවතාවත්ත ළමා නිවාසයේ ළමයින්ව විකිණුවා කියලා, සිංහල බෞද්ධ ජාතික සංවිධාන(සිංහල රාවය) වලින් මුළු ලංකාවම ඇවිස්සුවා... "සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ අධීක්ෂණය යටතේ පවතින" පයාගල ජයන්ති ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ මේ සිද්ධ වුන ළමා අපචාර වලට එරෙහිව ඇයි මේ බෞද්ධ ජාතික සංවිධාන කෑගහන්නේ නැත්තේ?