අත් මාංචු පිටින් හොරණ උසාවියට ගෙන ආ සැකකරුවන් දෙදෙනකු අත් මාංචු පිටින් පැනයන්නට ගත් උත්සාහය වෙඩි තබා වළක්වා ගැනිමට හැකි වු බව බන්ධනාගාර නිලධරයෝ කියති.
පැහැරගත් මොරටර් රථයකින් ගොස් කොල්ල කෑවැයි සැකපිට මේ දෙදෙනාට එරෙහිව නඩු පවරා තිබිණි.අඩුගානේ සිව් වතාවක් පමණ වෙඩි පත්තු වු බවත් සිරකරුවන් දෙදෙනා තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළු කළ බවත් රෝහල් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදාව ගෙන්නුවා නම් මැරෙන්නම වෙඩි තියන්න තිබුන නේ? (දී)
හොද වෙලා අපුවහම හොදට සලකයි
මේකනම් කොන්ද පණඇති වෙඩිතැබීමක් වැලිවේරියේ දුෂ්ට ප්‍රහාරයත් එක්ක බලනකොට...
ගනන්ගන්න එපා මෙව්වත් වැඩද .
මියගියේ නැහැ නේද? (නි)
හොද වෙලාවට වෙඩි තියලා හරි මෙල්ල කරගත්තේ. නැත්නම් දෙවියන්ගෙම පිහිටයි උසාවි ගෙනා නිළධාරීන්ට (නි)
ආයුධ පෙන්නන්න රැගෙන ගියාද මන්දා? (නි)
පැනල වෙඩි කෑවාද පන්නලා වෙඩි තිබ්බාද ?මොනවා උනත් අන්තිමට පොලීසිය සාදාරනයි (දී)
මැරුණා නම් එහෙම,ඒකත් කළේ වෙනත් පාර්ශවයක් කියලා කියයිද දන්නෙ නැහැ (නි)
අත් මාංචු පිටින් සිරකරුවන්ට පැනයන්න බැහැ. මොවුන්ට වෙඩි තැබීම බලවත් වරදක්. රටේ නීතිය උල්ලංඝනය කිරීමක්. මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්න. පොලිසිය හා බන්ධනාගාරය භාරයේ සිටියදී මෙවැනි සිදුවීම් බහුල වීම රටේ නීතිය බිඳ වැටීමක් බැවින් වහාම මේවා යලි සිදුවීම නැවැත්විය යුතුයි. (නි)
ඇත මාංචු දාගෙන දුවන අය අල්ලන්නත් වෙඩි තියන්න ඕනෑද? මාංචු ගලවාගෙන පැනලා යන අය අල්ලන්න මෙයාලා බෝම්බත් ගහයි (නි)
රෝහිත, නුඹට එය ප්‍රශ්නයක්ද ? (නි)
මේවා ගැන බලන්න කෙනෙක් නැද්ද? (නි)
දුවන්න කියා, වෙඩි තැබුවාද යන්න පිළිබද සොයා බැලිය යුතුයි (නි)
කරලා තියෙන අපරාදේ හැටියට තමා දඬුවම දෙන්න ඕනෑ. අර වෙඩි තිබ්බ රාළහාමිට වෙඩි පුහුණුවක් ඉක්මනට ලබාදෙන මෙන් මම ඉල්ලා සිටිනවා. (නි)
යම් සිදුවීමක් දෙස අර්ථාන්විත මෙන්ම හාස්‍ය අයුරින් කරුණු ගෙනෙන ඔබ සැමට ප්‍රණාමය! ද්වේශය, පලිගැනීම, ගැරහීම මෙන්ම නොමග යවන සුළු මෝඩ කතා ඇස දකිනන්ට ලැබීම කණගාටුවකි. (නි)
පිම්ම වැරදුනාට සමාව දෙන්න පුළුවන්. වෙඩිල්ල වැරදුනාට නම් බැහැ. (නි)
මොවුන් දවසක්ම කාර් එකේ අයිතිකාරයාව ඩිකියේ දාගෙන මිල්ලනිය හොරණ පැත්ත කාලා ආපු පල් හොරු ටිකක්. තව ටිකෙන් අර බන්දනාගාර නිලධාරියාගේ වැඩත් ඉවරයි. (නි)
වෙලාවට වෙඩි තියන්න දැනගෙන හිටියේ. නැත්නම් ඉතින් අල්ලලා හමාරයිනේ (නි)
නීල් රනාත් මාංචු පිටින් දුවපු කෙනෙක්ද කොහෙද? නැත්නම් දන්නේ කොහොමද මාංචු පිටින් දුවන්න බැහැ කියලා. (නි)
කොහොමත් අපේ පොලිසියේ අයගේ පිම්ම වරදිනවා. ඔලුවට වෙඩි තිබ්බොත් තමා කකුලට වෙඩි වදින්නේ. වැරදිලා හරි කකුලට වෙඩි තිබ්බ දවසට ඔලුවට වැදිලා සැකකරුත් මැරිලා (නි)
තුවාල වෙන්න තියලා වැඩක් නැහැ. මේ වගේ අය ටික දවසකින් එලියට එනවා ඒ තරම් ලිහිල් නිතියක්නේ ලංකාවේ තියෙන්නේ.(දී)