මත්පැන් බී වාහන පදවන රියදුරන් පරීක්ෂණයට ලක් කිරීමේ පුම්බල බැලූන් ප්‍රමිතියෙන් තොර බවත් ඒ නිසා නිවැරදි දත්ත නොලැබෙන බවත් යහපාලනය සඳහා වන නීතීඥවරු රජයේ රස පරීක්ෂකා සකුන්තලා තෙන්නකෝන් මැතිණියට පැමිණිලි කළහ.
පොලිසිය දැන් පාවිච්චි කරන උපකරණවල කල් ඉකුත් වීමේ දිනය සඳහන් නැතැයි ඔවූහු කියති.
පොලිසිය දැනට පාවිච්චි කරන එම බැලූන් දෙකොනින්ම විවෘත කළ හැකි බවත් අහිංසකයෙකු වරදකට හසු කර ගැනීම සඳහා ඕනෑ නම් මධ්‍යසාර එයට ඇතුලත් කළ හැකි බවත් ඔවූහු පවසති. නිසි ප්‍රමිතිය ඇති උපකරණ ගෙන්වීමට පියවර ගන්නැයි ඔවූහු රසපරීක්ෂකගෙන් ඉල්ලති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැලුම පුම්බන්න එකවරයි උත්සාහ කළයුත්තේ. කීප වරක් බැලුමට පිඹින්න බැහැ. අනෙක පුම්බන්න කලින් කට සෝදන්න ඕනෑ. මොකද ඔතනින් මනින්නේ කටේ තිබෙන මධ්‍යසාර ප්‍රමාණය නොවෙයි. රුධිරගත මධ්‍යසාර ප්‍රමාණය. අනෙක කෙනෙකුට බැලුම ප්‍රතික්ෂේප කිරීමේ අයිතියක් තිබෙනවා. එයාට ඇදුම වගේ රෝගයක් තිබෙනවා නම්, වෛද්‍ය නිලධාරියෙකුගේ සහය ඉල්ලන්න අයිතියකුත් තිබෙනවා. මේ වගේ නීති ගැන මහජනයාත් දැනුවත් වියයුතුයි. (නි)
ඔක්කොම නීතිරීති පොතේ තිබුනට පොලිසියට ඕනෑ විදියට තමා වැඩ. නැත්නම් මහ දවාලට වාහන වල සියලු දේවල් බලලා, හෙඩ් ලයිට් දාන්න කියයද? (නි)
යහපාලනය යන වචනය තුලින් මා මෙතෙක් කලකට ඇසූ තුන්වන යහපත් ක්‍රියාව මෙයයි.. රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම , ඉන්ධන මිල අඩු කිරීම සහ මෙම තීරණය.. මොකද දවස් දෙකක් පමණ මාත් මේ දේට මූණ දුන්නා.. රාත්‍රී කාලයේ බීමතින් රාජකාරියේ යෙදෙන පොලිස් නිලදාරීන් විසින් බොරු චෝදනා නගා පොලිසියට ගෙනියන්න හැදුවා. (ර)
1795 දී බ්ලක්ස්ටන් නම් නීතිවේදියා කිව්වා "වැරදිකරුවන් දහයක් බේරිලා යනවට වඩා නරකයි එක අහිංසකයෙක් දණ්ඩනයට යටත් කරන එක" කියලා. ඇමෙරිකාවේ පර්යේෂණයකින් හෙළි වී තියෙනවා, එහෙ මරණ දඬුවමට නියම වුනු අයගෙන් 4% ක් අහිංසකයන් බව. මේ බැලුමවත් බොහොම නරක ආයුධයක් වෙයි නරක පුද්ගලයින් අතේ. (ර)
"බැලුමක් වැනි යහපාලනය" (නි)
ඔය බැලුම පුම්බනකොට පාට වෙනස් වෙන්නේ නැති වෙලා වලදී බීමතින් සිටින පොලිස් නිළධාරියෙකු එය නැවත පුම්බා ටෙස්ට් එක ස්ථිර කරනවා ඇති. (නි)
තමන් හරි නම් ඔය පුම්බන ඒවායින් වැඩක් නැහැනේ. (නි)