මාතර පොලීසියේ අඩි හතලිහක් උසැති මාර ගසකට නැඟ පැයකට පසු බිමට බට කුරුදු තලන්නෙක් ඔහුට තර්ජනය කරතියි කියන සගයන් තිදෙනකු ගැන පොලීසියට පැමිණිල්ලක් කළේය.
ඔවුන් පොලීසියට කැඳවා පැමිණිල්ල ඉදිරිපත් කිරිමට නියමිතය.ඌරගස්මන් හන්දියේ පදිංචි මෙම කුරුදු කාර්මිකයා මාතර කඩවැද්දුව නිවසක කුරුදු තලන බවත් දරු දෙදෙනකුගේ පියකු වන ඔහුගේ බිරියද එතෙර ගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විකාර වැඩ (ස)
මම කැමති නැහැ මේ වැඩ වලට (නි)
අනේ පවු! (නි)
මුළු ගතම වෙහෙසුවා.... දහදියෙන් නෑවුනා... කුසගින්න නිවාගන්න මෙමා කුරුඳු තලන්නා.... (නි)
වදුරු පරම්පරාවෙන් ආ නවතම වානරයා බලන්න වගේ අපේ ජනතා රොක්වෙලා ඉන්න හැටි? (නි)
මේකෙන් පෙන්නේ පොලිසිය ගැන තියන විශ්වාසය කොහොමද කියලා නේද? (නි)
කටියම වටවෙලා බලන හැටි විතරක් (නි)
ඒ මොකෝ? බයටද? (නි)
මේ තීරයට ලියන අයගෙන් හා මෙය කියවන අයගෙන් මා උදක්ම අපේක්ෂා කරනවා විපතේදී පීඩාවට පත් වූ පුද්ගලයා ගැන මීට වඩා මානුෂික හිතන්න කියා. මෙය හාස්‍යයට ලක් කරනවාට වඩා, මේ මිනිසාට ගසට නැග පොලිසියේ අවධානය ලබා ගන්න සිදුවුයේ ඇයිද යන්න විමසා බැලීම ශිෂ්ට සම්පන්නයි. එකත් එකටම ඔහුට හිරිහැර කරන අය "බලවතුන්" විය හැකියි. නිකම්ම පැමිණිල්ල දාන්න ගියානම් එලවා ගන්නත් ඉඩ තිබුනා. දැන් පැමිණිල්ල ලියා ගන්නම වෙනවා සාධාරණය ඉටු වීම කෙසේ වෙතත්. (නි)
ඇති තරමක් ගහ උඩට වෙලා ඉන්න දුන්න නම් ඉවරයි. ඔහුටම ඇතිවෙලා ගහෙන් බැහැල යන්න යයි. කලබල වෙන්න දෙයක් නැහැ.(නදී)
මිනිපෙටත් සුදු වැන් එකකින් ගමනක් යන්න ඕනේ වෙලා වගෙයි ! (ස)
ගහට නැග්ගේ නැත්නම්, පොලිසිය ඔය පැමිණිල්ල ගණන් ගන්නේ නැහැ. (නි)
හා හා ආනන්ද හරියට හරි , ඒත් මට හිතන්නේ මොකක් හෝ අමුතු දෙයක් පේනවා ඇති එයාලට.(නදී)
ඔය බිම ඉන්න කට්ටිය මොකටද බලන් ඉන්නේ. ගිහින් තමන්ගේ වැඩක් කරගන්න. කාලය = රන්
පොලීසිය එකක් මතක තිය ගන්න ඕනේ. තුමුන්නසේලා පඩි ගන්නේ මහජනයාගේ සල්ලි වලින්. ඔය නිල ඇදුමට බය වෙන අය ඇති. හැබයි මම නම් නොවේ. ඇයි දන්නවද ? මගේ මස්සිනා ඉන්නේ පාර්ලිමේන්තුවේ. (නදී) .
ගහේ නැග්ගා කියලා ප්‍රශ්න විසදෙන් නෑ? ඔය පොලිස් මහත්තුරු ප්‍රශ්නය විසදලා දෙයි ! (ස)
මේ මනුස්සයා ප්‍රාදේශීය සභාවටවත් ඉල්ලන්න හිතාගෙනද දන්නෙ නැහැ ප්‍රසිද්ධ වෙන්න හදන්නේ? (නි)
දෙන්නකෝ අත් පොරවකුත්. අතු ටික කප්පවා ගන්න පුළුවන්නේ. (නි)
අපරාදේ ගහට නැග්ගේ. කුරුදු තලලා ලැම්බොගිනියක් අරන් ගෝල්පේස් යන්නනේ තිබුනේ. (ස)