(ඉන්දිකා රාමනායක, ඩී ජී සුගතපාල, සහ සුමතිපාල දීයගහගේ)
පැමිණිල්ලක් විභාග කරන අතරතුර අහංගම පොලිස් ස්ථානය තුළ මහජනය අපහසුතාවට පත්වන අයුරින් කළහාකාරි ලෙස හැසිරී, දබර කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරියක්, ඇගේ සැමියා හා සැමියාගේ නැගණිය අත්අඩංගුවට ගත් බව අහංගම පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත් පොලිස් කොස්තාපල්වරිය අහංගම කහටගහවත්ත ප්‍රදේශයේ පදිංචි හම්බන්තොට වරාය පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිට ඇති අතර, පවුල් ආරවුලක් සම්බන්ධයෙන් සැමියාට හා සැමියාගේ නැගණියට එරෙහිව ඇය අහංගම පොලිසියට කර තිබු පැමිණිල්ලක ඊයේ 10 දින විභාගයට ගෙන ඇති බව පොලිසිය කියයි.
විවිධ පැමිණිලි අංශය දෙපාර්ශවය පොලිසියට කැඳවා මෙම පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේ එහි පැමිණ සිටි මහජනයා ඉදිරියේ දෙපිරිස බහින් බස් වී මහජනයාට අප්‍රසන්නතාවයක් ඇති වන අයුරින් හා මහජන සාමය කඩවන අයුරින් කළහාකාරි ලෙස හැසිරීම නිසා පොලිස් කොස්තාපල්වරිය, ඇගේ සැමියා හා සැමියාගේ සහෝදරිය අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය තුළ පැමිණ සිටි මහජනයාට අප්‍රසන්නතාවයක් ඇති වන අයුරින් ඔවුන් ඉදිරියේ කළහාකාරි ලෙස හැසිරුන කොස්තාපල්වරියගේ හැසිරීම සම්බන්ධයෙන් ඇය ට එරෙහිව විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
පැමිණිල්ල විභාගයට ඇවිත් පොලිසියේ දී වලියක් දාගෙන
පැරකුම් Tuesday, 11 July 2023 06:32 PM
පොලීසියේ වුණත් ගැහැණු ගති වෙනස් නොවේ…!