අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නියෝග අනුව කටයුතු නොකිරීමෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ කොමිසමට අපහාසයක් සිදු කර ඇති බවට පැමිණිලි කරමින් ගොනු කර ඇති පෙත්සමක් අගෝස්තු 03 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) තීරණය කළේය.
කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය ගොනු කළ එම පෙත්සම විනිසුරු කේ.ශ්‍රී පවන්, ප‍්‍රියසාත් ඩෙප්, බුවනෙක අළුවිහාරේ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවිණි.
ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා පැමිණිල්ලේ ලියවිලි ඉල්ලා සිටියේය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ලැබෙන පැමිණිලි හෝ ඒ සම්බන්ධ ලිපි ලේඛන විමර්ශනයට භාජනය වන පුද්ලගයින්ට ලබා දීම සඳහා නීතිමය ප‍්‍රතිපාදන නැති බව නීතීඥ දිලරුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය පැවසුවාය.
නාමල් රාජපක්ෂ මහතා තවමත් කොමිසම හමුවේ සිදු කරන විමර්ශනයකට භාජනය වන පුද්ගලයෙකු මිස ඒ සම්බන්ධයෙන් විභාග වන නඩුවක් සැකකරුවෙකු හෝ විත්තිකරුවෙකු නොවන බව ඇය සඳහන් කළාය.ඒ අනුව නාමල් රාජපක්ෂ සම්බන්ධ පැමිණිල්ල හෝ එහි පිටපතක් ලබා දීමේ හැකියාවක් නැතැයි ද කී ඇය වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේ අවශ්‍ය නම් එය ලබා දිය හැකි බවද ඇය සඳහන් කළාය.
ඒ අනුව අදාළ පැමිණිල්ල සම්බන්ධ ලියකියවිලි නමයක් ඔහුගේ නීති උපදේශක නීතීඥ අතුල ද සිල්වා මහතා වෙත ලබා දෙන ලදී.
අයථා අන්දමින් මුදල් උපයා ගැනීම සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා කොමිසම හමුවෙහි 2015 දෙසැම්බර් 14 වැනිදා පෙනී සිටින ලෙස නාමල් රාජපක්ෂ මහතාට දැනුම් දී ඇතැත් ඔහු පෙනී සිට නැත.පසුව දෙවැනි වරටද ඔහුට කැඳවීමක් කර තිබේ.එහෙත් එම නොතීසිය නිතීවිරෝධී බවට ඔහුගේ නීතීඥවරයා කරුණු ඉදිරිපත් කර ඇත.මේ සම්බන්ධයෙන් දිවුරුම් ප‍්‍රකාශයක් ලබා දෙන ලෙස දැන්වීමක් කළද එවැනි දිවුරුම් ප‍්‍රකාශයක් ලාබදීමට මෙතෙක් නාමල් රාජපක්ෂ කටයුතු කර නැතැයි පෙත්සමේ සඳහන් විණි.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නියෝග දිගින් දිගටම නොසලකා හැරීමෙන් නාමල් රාජපක්ෂ එම කොමිසමට අපහාසයක් සිදුකර ඇති බවට පෙනී යන බැවින් ඒ පිළිබඳ විමර්ශණය කරන ලෙස මෙම පෙත්සම මඟින් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.
COMMENTS
නඩුයි බඩුයි ඔක්කොම එයාලගේ වුණාම එහෙම තමයි. (අ)
ලංකාවේ වැරදිකාරයෙකු වීමේ අනුපාතය 4/%යි. දියුණු රටවල එය 86/% විතර. පේනවා නේද අපි කොහොම ජාතියක්ද කියලා. නීතියේ අාධිපත්‍යය නැති රටක්. (නි)
නාමල් නීති විභාගය ඉගෙනගත්තද කියලත් සැකයි මේවා දකිද්දී. (නි)
ඉසුරන්දි, එයාට නඩු වැටිලා තියෙන්නේ ඔයාගෙත් මගෙත් රටේ ජනතාවගේත් දේවල් හොරගත් නිසා. ඉතින් නඩු එයාලගේ වුණාට බඩු අපේ (නි)
ඔය නීතියම රජයේ ප්‍රබල දේශපාලකයන්ටත් බලපානවද? (නි)
ඔය නඩුයි බඩුයි දෙකම හාමුදුරුවන්ගේ කතාව මෙතෙන්ට ගැළපෙන්නේ නැහැ.අධ්‍යක්ෂක ජනරාල්තුමියගේ ප්‍රකාශයට අනුව නාමල් රාජපක්ෂ මහතා තවමත් කොමිසම හමුවේ සිදු කරන විමර්ශනයකට භාජනය වන පුද්ගලයෙකු මිස ඒ සම්බන්ධයෙන් විභාග වන නඩුවක සැකකරුවෙකු හෝ විත්තිකරුවෙකු නොවේ. (බ)
තවමත් මේ වගේ අයට කඩේයන අය ඉන්නවනේ. (නි)