IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පෙම් හබල කැඩී පිහිය අතට ගනී

ප්‍රේම සම්බන්ධයක්  කැඩී යාම නිසා  උරණ වු ශ්‍රී ලාංකියකු  එක් දරු මවක්  වන ශ්‍රී ලාංකික කතක් ලන්ඩනයේ  සමසෙට්ටි යෝ විල්  හි  පිහියෙන් ඇන මරා දැමීයැයි වරදකරු විය.

 ඔහුට ජීවීතාන්තය දක්වා සිර දඬුවමක් නියම විය. අඩු ගණනේ ඔහුට 18 වසරක් වත් සිර බත් කෑමට සිදු වේ.

ගෝබිනාද් සෙල්වසාමී (36) මයුරාති පෙරින්ප මුර්ති (32) ඇගේ නිවසේදී පිහියෙන් ඇන මරා දමා ඇත්තේ ගිය වසරේ අගෝස්තු මාසයේදීය.

ඝාතනය සිදු  වු තැනට පොලීසියෙන්  එද්දී  සෙල්වසාමිගේ අත්වල ලේ  තිබු බවත්  ඔහු  ඇයට බැන වදිමින් සිටි බවත් උසාවියේදී කියැවිණි.

‘මේ බැල්ලී  මිහිපිට සිටිය යුතු තැනැත්තියක් නොවේ  ඇගේ මරණය පිළිබඳව මම සතුටු වෙමි.ඇය මැරිලා ‘ යනුවෙන්  ඔහු කී බවද පොලීසිය අධිකරණයට ඉදිරිපත් කළ පටිගත  වාර්තාවේ දැක්වේ.

ජුරි සභාව ඔහු වැරැදිකරු බව තීරණය කළේය.

සෙල්වසාමී එංගලන්තයට ගොස් ඇත්තේ සරණාගතයකු ලෙසිනි.

සෙල්වසාමීගේ නීතීඥවරුන් කියා සිටියේ ඔහු විෂාදියෙන් පීඩනෝන්මාදයෙන් පෙළුණු බවයි. ඔහු මත්පැන්ට ඇබ්බැහි වීම සිටි අයකු බවත්  නීතීඥයා කීහ.

එහෙත් පැමිණිල්ලේ  විශේෂඥයකු කියා සිටියේ ඝාතනය කරන මොහොතේදී තමන් කුමක් කරන්නේ දැයි ඔහු හොඳ හැටි දැන සිටි බවයි.

 

 

 

 

 



අදහස් (0)

පෙම් හබල කැඩී පිහිය අතට ගනී

සමන් Thursday, 06 March 2014 07:57 AM

කරුණාකර මේ අය ගැන දානකොට ශ්‍රී ලාංකික කියල දාන්න එපා. (අ)

:       0       0

ධම්ම Wednesday, 05 March 2014 01:04 PM

හිරේ ගියත් එංගලන්තෙනේ.(නදී)

:       0       0

මර්සි ලංකා Wednesday, 05 March 2014 02:25 PM

මිහාට මේ වගේ අපරාධ පුරුදු ඇති ඒකනේ ලංකාවෙන් ගිහිල්ලත් මේවා කරන්නේ (දිල්)

:       0       0

නුවන් Wednesday, 05 March 2014 03:08 PM

ලංකාවේ නම විකුණලා රට පැන්න කොටි නොවන කොටින්ට ලාංකිකයෝ කියනවට මම නම් කැමති නැහැ.(නදී)

:       0       0

අජන්ත Wednesday, 05 March 2014 03:30 PM

ජීවිතාන්තය කියන්නේ අවුරුදු 18ක් ද (දී)

:       0       0

යසන්ත Wednesday, 05 March 2014 04:13 PM

මෙයාට අවරුදු 18 ක් නොවේ 36 ක සිර දඬුවමක් දෙන්න ඕනා අපේ රටේ නම කනවා.(නදී)

:       0       0

ලක්ෂිකා නානායක්කාර Wednesday, 05 March 2014 04:18 PM

මතට තිත තියන්න ඕන කියන්නේ ඕක නිසා තමා.(නදී)

:       0       0

තිලක් ඩුබායි Wednesday, 05 March 2014 04:32 PM

ඇමති කෙනෙක් මේ විදුහල්පති හොඳයි කියලා කිව්වා. අපේ මෝඩ අම්මලත් අරක හිස මුදුනෙන් පිළිඅරගෙන බෝර්ඩ් ලෑලි උස්සගෙන ඔය විදුහල්පතිම ඕරනේ කියලා උද්ඝෝෂණය කලා. දැන් අම්මලට සනීපෙට නින්ද යනවා ඇති නේද තමන්ගේ පාසල් යන දරුවාගේ ඉර නම මොකක්ද කියලා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site