ප්‍රේම සම්බන්ධයක් කැඩී යාම නිසා උරණ වු ශ්‍රී ලාංකියකු එක් දරු මවක් වන ශ්‍රී ලාංකික කතක් ලන්ඩනයේ සමසෙට්ටි යෝ විල් හි පිහියෙන් ඇන මරා දැමීයැයි වරදකරු විය.
ඔහුට ජීවීතාන්තය දක්වා සිර දඬුවමක් නියම විය. අඩු ගණනේ ඔහුට 18 වසරක් වත් සිර බත් කෑමට සිදු වේ.
ගෝබිනාද් සෙල්වසාමී (36) මයුරාති පෙරින්ප මුර්ති (32) ඇගේ නිවසේදී පිහියෙන් ඇන මරා දමා ඇත්තේ ගිය වසරේ අගෝස්තු මාසයේදීය.
ඝාතනය සිදු වු තැනට පොලීසියෙන් එද්දී සෙල්වසාමිගේ අත්වල ලේ තිබු බවත් ඔහු ඇයට බැන වදිමින් සිටි බවත් උසාවියේදී කියැවිණි.
‘මේ බැල්ලී මිහිපිට සිටිය යුතු තැනැත්තියක් නොවේ ඇගේ මරණය පිළිබඳව මම සතුටු වෙමි.ඇය මැරිලා ‘ යනුවෙන් ඔහු කී බවද පොලීසිය අධිකරණයට ඉදිරිපත් කළ පටිගත වාර්තාවේ දැක්වේ.
ජුරි සභාව ඔහු වැරැදිකරු බව තීරණය කළේය.
සෙල්වසාමී එංගලන්තයට ගොස් ඇත්තේ සරණාගතයකු ලෙසිනි.
සෙල්වසාමීගේ නීතීඥවරුන් කියා සිටියේ ඔහු විෂාදියෙන් පීඩනෝන්මාදයෙන් පෙළුණු බවයි. ඔහු මත්පැන්ට ඇබ්බැහි වීම සිටි අයකු බවත් නීතීඥයා කීහ.
එහෙත් පැමිණිල්ලේ විශේෂඥයකු කියා සිටියේ ඝාතනය කරන මොහොතේදී තමන් කුමක් කරන්නේ දැයි ඔහු හොඳ හැටි දැන සිටි බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර මේ අය ගැන දානකොට ශ්‍රී ලාංකික කියල දාන්න එපා. (අ)
හිරේ ගියත් එංගලන්තෙනේ.(නදී)
මිහාට මේ වගේ අපරාධ පුරුදු ඇති ඒකනේ ලංකාවෙන් ගිහිල්ලත් මේවා කරන්නේ (දිල්)
ලංකාවේ නම විකුණලා රට පැන්න කොටි නොවන කොටින්ට ලාංකිකයෝ කියනවට මම නම් කැමති නැහැ.(නදී)
ජීවිතාන්තය කියන්නේ අවුරුදු 18ක් ද (දී)
මෙයාට අවරුදු 18 ක් නොවේ 36 ක සිර දඬුවමක් දෙන්න ඕනා අපේ රටේ නම කනවා.(නදී)
මතට තිත තියන්න ඕන කියන්නේ ඕක නිසා තමා.(නදී)
ඇමති කෙනෙක් මේ විදුහල්පති හොඳයි කියලා කිව්වා. අපේ මෝඩ අම්මලත් අරක හිස මුදුනෙන් පිළිඅරගෙන බෝර්ඩ් ලෑලි උස්සගෙන ඔය විදුහල්පතිම ඕරනේ කියලා උද්ඝෝෂණය කලා. දැන් අම්මලට සනීපෙට නින්ද යනවා ඇති නේද තමන්ගේ පාසල් යන දරුවාගේ ඉර නම මොකක්ද කියලා.(නදී)