ත්‍රිකුණාමලය චීන වරාය මාබල්බීච් නිවාඩු නිකේතනයේ වෙඩි තැබීමකින් ගුවන් භටයකු හා භටවියක මරුමුවට පත්වූවාය. ඒ දෙදෙනාට වෙඩි තැබූ බව කියන කෝප්‍රල් වරයෙක් රෝහල්ගත කරනු ලැබ සිටියි. ඔහුට ද වෙඩි වැදී ඇතැයි රෝහල් ආරංචි කියයි. පෙම් හබයක් මත මේ වෙඩි තැබීම සිදුවන්නට ඇතැයි ද වෙඩි තැබූ ගිනිඅවිය කෝප්‍රල් වරයාගේ අවිය නොවන බව ද දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේනානායක ඔයාගේ කතාව හරියටම හරි.ආදරේ කරලා වෛර කරන්න බැ කියන කතාව බොරුවක්... (දී)
හමුදාවට තිබුණ ගෞරවය එම අයවලුන්ම නැති කරගන්න යනවා. අද හැමදාම පළවන්නේ එවැනි දේ.හොරකම් කරන ඒවා මිනීමරන ඒවා මංකොල්ල කල්ලිවල ඒවා මේජර්ලා ගංජා ගෙනිහිල්ලා අහුවුණ ඒවා. මේවා වලින් ප්‍රයෝජනය ගන්නේ කොටින් හා ඔවුන්ට කත් අදින බටහිර හා තමිල්නාඩුවේ දේශපාලනය කරන අය. අනේ මගේ රටට යන කලක හැටි. (ස)
බොහෝ ඉක්මන් කෝපයට මුල ආත්මභිමානයයි. කෙනෙක් ඉදිරියේ දෙවෙනි වෙන්න කැමති නෙති වීමයි. මෙය නුවනින් සලකා බලන්නේ නම්, අප එහි ප්‍රතිඵල ලබා සතුටින් සිටින්නෙමු. ඉවසීම සැනසීමට මුලයි.(අ)
යන කෙනාට යන්න දුන්නා නම් ඉවරනේ.ආදරේ නැති නිසානේ යන්නේ.පාඩුව ගිය කෙනාටනේ.එයා නැති කරගත්තෙ එයාට ආදරේ කරන කෙනෙක්ව.යන්න ගියේ ආදරේ නැති කෙනෙක්.සමහරවිට මෙහෙම වුනේ තමන්ට මීට වැඩ යහපත් කෙනෙක් ලැබෙන්න තියෙන නිසා වෙන්න ඇති.අපරාදේ මෝඩ වැඩක් කරගෙන. (ස)
වෙඩි තැබූ ගිනි අවිය කෝප්‍රල් වරයාගේ නොවේ නම් අනිවාර්යෙන්ම තෙවන පාර්ශවයක් සම්බන්ද වෙලා ඇති (අ)
ජයසුරිය හරියට හරි ඔය සුළු යථාර්තය අපේ මිනිස්සු තේරුම් ගන්නේ නැහැනේ අපේ කලේ අපි කිව්වේ "' ඔබදිවී අරණේ රුවන් විමානේ මැණික් පහන්වට දැල් වේවා ,පතිකුලයට අද මට පිටුපායන මගේ සොදුරු ලදුනේ කියල "'නැතිනම් ඔබ ම අතරේ ඉතිරිව ඇත්තේ අතීතයක් පමණි ...අතීතයේ තතු මෙලොව දන්නේ ඔබත් මමත් පමණි කියල යන්න අරිනවා (අ)
අනික ඔය කසිකබල් චිත්‍රපටිවලට වඩා හොදයි ඉතාම පහසුවෙන් සපයාගත හැකි කියවීම කියන මාධ්‍යය . මිනිසුන් පොත් පත් කියවීම ප්‍රගුණ කලයුතුය .කියවීම අනිවාර්යයෙන්ම මිනිසෙකු සාර්ථක කරනවා (අ)
හමුදාවේ ඉන්න අයටත් හැගීම් දැනීම් තිබෙනවා. ඔවුනුත් මනුස්සයෝ. (නි)
"ළං ළංව සිටියාට......... වෙන් වෙන්ව ගියදාට........ පෙම් ලෝකයේ මතක ටික කාලයයි...." (නි)
අනේ අපොයි! අපේ හමුදාවට ගිය කලක්! (නි)
අධිකාරී නොලත් හමුදා භටයන්ට අවි සහ ජීව උණ්ඩ නිකුත් කරන්නේ නැහැ නේද? (නි)
ඕකට ඉතින් ඇස් අන්ධයි කියලා කියනවනේ (නි)
මේ වැනි සිදුවීම් ප්‍රායෝගිකව රටේ බහුලව දකින්නට,අසන්නටලැබේ.නමුත් මෙවැනි සිදුවීම් පාදක කර බිහිවන සිනමා නිර්මාණ තහනමට ලක්වීම හාස්‍යජනකය.මායාව සහ යතාර්ථය අතර වෙනස තේරුම් ගැනීමට අසමත් උදවියගේ ක්‍රියා පිළිවෙත් මෙයට හේතුවයි. (නි)
දැන් හැම ප්‍රවෘත්තියටම හමුදාව ඉන්නවා. අපිට හිතාගන්න පුළුවන් මෙතැන සිදුවෙච්ච දේ (නි)
රණවිරු මානසිකත්වයේ අස්වැන්න ලැබෙමින් පවතී.කළ යුතු කිසිවක් නැත. බෝධි පුජාවක් කළ හැක. එසේ නොමැති නම් රණවිරුවන් මිනීමරුවන් වන මානසිකත්වය වෙනස් කරන්න. විශාල විනාශයක් අත ළග (නි)
ප්‍රේමය සහ වෛරය අතර වෙනස කෙස් ගසකට සමානයි. (නි)
ඔයාට මම එකපාරක් එපා නම් මට ඔයා දහස්වරක් එපා කියලා කිව්වා නම් ඉවරනේ. දෙන්නට සුබපතලා අයින් වෙන්න තිබුනේ. දැන් ඉතින් ජීවිත දෙකකුත් ඉවරී මොනදේ වුණත් ඉවසීමෙන් කටයුතු කරන්න ඕනෑ (නි)
දෙදෙනෙකුට කරන ආදරය තිදෙනෙකුට මිනී වළවල් කපයි (නි)
තවත් ඉදිරියේදී මෙවැනි සිද්ධීන් වේවි. මිනිසුන් තිරිසන්නු වගේ. අද ඉන්න හැම මිනිසාම නිරයේ උපදිනවා. (නි)
බටවියගේ කලින් සම්බන්ධයක් තියෙන්න ඇති (නි)
මේවට හේතුව මානව අයිතිවාසිකම් හමුදාව තුලට ගෙන හමුදාවේ විනය සකස් කළ එකයි (නි)
මේවට හේතුව හමුදාව තුළ මානව හිමිකම් ගෙන ඒම සහ ලෝකයේ හොදම හමුදාවේ විනය පිරිහීමයි (නි)
අහිංසක මිනිස්සු මරණ එක දැන් සෙල්ලමක් වෙලා (නි)
හමුදාවත් පිස්සු නටනවා දැන්. ඒකෙත් කෙළවරක් නැහැ වගෙයි (නි)
අපරාදේ ජිවිත දෙකක් !! කෝප්‍රල්ට ඉක්මන් සුවය පතමු !! (දෙදෙනෙකුට ආදරය කිරීම යනු තිදෙනෙකුට මිනි වල කැපීමකි)කියලා තියෙන්නේ කට කහනවට නොවෙයි.(ස)
මේ වෙලාවේ බුදුන් කියපු දෙයක් මතක් වෙනවා. අවිගත්තෝ අවියෙන්ම නැසෙති යන වදන (නි)
මොවුන්ට ඔක්කොම කරන්න පුළුවන්.නමුත් මේවා පෙන්වාදීම තමා නරක.පෙන්වාදීම තමා වැරැද්ද වෙලා තියෙන්නේ. හමුදාව අපකීර්තියට පත් වන්නේ මේවා සිදු කිරීමෙන් නොවේද? මේක නම් අරුම පුදුම රටක්. (නි)