උපකාරක පන්ති සිසුනට දඹුල්ල බස් නැවතුම්පොළේ සිතුමතේ හැසිරීම සඳහා යොදා ගත් පෞද්ගලික බසයට යළි දඹුල්ලට පැමිණීමට ඉඩ නොදෙන බවත්, එසේ පැමිණියහොත් ගසා පන්වන බවත් ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ගලේවෙලදී ප්‍රකාශ කළේය.
ඒ බසයේ මාර්ග බලපත්‍රය අවලංගු කළ යුතු බව ද ඔහු කීවේය.
බසයට එන සිසුන්ගෙන් පැයකට රුපියල් 300ක් අය කර ඇති බවත් ඔහු කියයි.
බසයේ දී සොයා ගත් දැරියන් දෙදෙනා රෝහල් ගත කර ඇති අතර සිසුන් දෙදෙනාත්, කොන්දොස්තර හා රියදුරාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පණ්ඩිත අමරදේව ගයන "කබාය ඉරිලා ඊට කමක් නැත ....... මමත් ඔහොම ගියහැටි මතකයි ........මතක් වුනා .(අ)
මොකටද ගහල පන්නනේ ඈමතිතුමෝ ,කිවුවත් වාගේ මාර්ග බලපත්‍රය අවලංගු කරලා දාන්නකෝ .(අ)
රටේ සමහර මිනිස්සු නීතිය අතට අරන් තමන්ටම යුක්තිය ඉෂ්ට කරගන්නේ රටට ආදර්ශයක් විය යුතු අය එසේ කිරීම වරදක් නොවන බවට කරන කියන දේවල් වලින්. (නදී)
මේවා නිකම් අර තමිල්නාඩු පික්චර කාරයෝ දේශපාලනේට ඇවිත් කියන කතා වාගේ. අර විජේකුමාර් කියන පික්චර දේශපාලුවා දවසක් කිව්වේ කට්ටියක් අරගෙන ලංකාවට ඇවිත් වැඩ පෙන්නනවා කියලා.(නදී)
මර්වින් මහත්තයා විශ්‍රාම ගන්නන්න බලාපොරොත්තුවක් හෙම තියෙනවද? (නදී)
පාලකයෝ පිස්සු කෙළින තරමටම කොල්ලෝ කෙල්ලෝ තවම පෙම් කෙළින්න පටන් අරන් නැහැ. ඕනේ ම දෙයක් කරන්න විවෘත රටේ බසයේ විතරක් දොර වහල වැඩේ නවතියිද? (නදී)
මේ ඇමතිට රටේ නීතිය ගැන කිසිම අවබෝදයක් නැති බව මේ කියන ගොන් කතා වලින් පෙනෙනවා.(නදී) .
ගස් බැඳීම රටේ නීතියෙන් අහක් කරලා ගහල පැන්නීම නීතිගත කරලා වගෙයි. (දී)
පරණ පුරුදු සෙල්ලමට වගේ ආයෙත් ලැහැස්තිවෙන්නේ.(නදී)
ගහන්ඩ ඕනේ බස් එකටද ? (නදී)
ගහලා පන්නනවා කියන්නේ කැළෑ නීතිය නේ. මීට වඩා මනුස්සකම රැකෙන ලෙසට මේවා විසදන්න නීති නැත්ද. චන්ඩි කමද පාලකයින් අනුගමනය කරන්නේ. (නදී)
කොල්ලන්ට කෙල්ලන්ට නිදහසේ පෙම් කරන්න තැන් නැති කොට මේ වාගෙ තැන් වලට නොයා වෙන කොහෙ යන්නද? (නදී)