තිරවලින් සියලුම වීදුරු ආවරණය කළ පෞද්ගලික බසයක සිටි අමතර පන්ති සිසුහු දෙදෙනෙක් හා සිසුවියෝ දෙදෙනෙක් , බසයේ කොන්දොස්තර හා රියදුරා ද සමග දඹුල්ලේ බස් නැවතුම් පොළේ දී පොලිසියෙන් අත්අඩංගු ගනු ලැබූහ.
සිසුනට බස්වල ඕනෑ දෙයක් කරන්නට ඉඩ දී ඔවුන්ගෙන් මුදල් ගත්තේදැයි පොලිසිය සොයා බලයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරඳ කා අතේද කියලා හිතා ගන්න බෑ (දිල්)
පාසල් සිසුන්ට අනාචාරයේ හැසිරීමට අනුබල දීමනම් කොහෙත්ම අනුමත කරන්න බැහැ ......බසයේ කොන්දොස්ටර හා රියදුරු ඔවුන්ගේ බලපුලුවම්කාරකමට අසරණ උනානම් ...... (අ)
මේවට දැන් ළමයින්ගේ හිත ගිහින් එකක් නැ ඒක නවත්තන්න පුළුවන් (අ).
පෙම් කරන එක වැරදි නැහැ .තරුණ කලේ ඔහොමනෙ කවුරුත්..එත් හොයල බලන්න ඕනේ කොන්දොස්තර මේකට සල්ලි අරන් ඉඩ දුන්නද කියල.මොකද පහු ගිය දවස් වල වැල්ලවතෙත් ඔහොම් සිද්දියක් දරුණුවට ගියානේ.. (දී)
හරි නාඩගමක් නේ. ඒකට කොන්දොස්තර මොනවා කරන්නද . ඒ මිනිහ තමන්ගේ රස්සාව රැක ගන්න නිකන් ඉන්නැති.(දී)
දැන් ප්‍රදේශ කිහිපයක(බස්නාහිර)වායු සමනය කල බස්වල මේ දේවල් ගොඩක් වෙනවා රියදුරු,කොන්දොස්තර,දනුවත්ම. මේ නිසා දැඩි අපහසු තත්වයන්ට පත්වෙච්ච මගීන්ගෙන් කෙනෙකු වශයෙන් මේ ගැන පැමිණිලි කලත් මේ තාක් කිසිම බලදරියෙක් අවදානය යොමුකර නැහැ. (දී)
මේවා තමයි බස්වල කෙරෙන අලුත්ම ආලින්ගන පෙම්රැඟුම්. සමහරවිට මේ රැඟුම් දර්ශන කැමරාවලද සටහන්වීමට බැරි නැත. (ස)
ඔය අලුත් මුදල් ඉපයීමක් වෙන්නටපුළුවන්. (අ)
මේක අපචාරයක් හැටියට ඔප්පු කරන්න නම් පොලිසියට නීතිය ඉගෙන ගෙන එන්න වෙයි (අ)
කැමරාත් නැතිවෙන්න බැහැ. ටිකක් හොයල බලන්න. (අ)
දරුවන් යන ඒන ගමන් පිළිබඳ දෙමාපියන් මීට ඩවා සැළකිලිමත් විය යුතුයි.(නදී)
ලංකාවේ නාගරික උද්‍යාන කුඩු කාරයන් හා ගණිකාවන් බදු අරගෙන. මේ ළමයින්ට යොවුන් ප්‍රීතිය ලබන්න තැනක් වෙන් කර දෙන්න.(නදී)
ඊට කලින් ගෙදර සාලෙටම ගෙනල්ල බස්සන ළමයින්ගේ මනස විකෘති ටෙලිනාට්‍ය හදන අය ඉන්න ඇමතිතුමෝ. (දී)
කොල්ලොන්ට කෙල්ලන්ට හම්බවෙන්න තියන පොදු ස්ථාන (පාර්ක් ) වගේ ඒවාට යන්න බෑ.. එතන කතා කර කර හිටියත් එක්කෝ පොලිසියෙන් ඇවිත් ප්‍රශ්න අහයි. නැත්තම් කුඩු කාරයෝ කරදර කරයි, එහෙම උනාම මේ වගේ වැඩ කරන්න වෙනවා... (අ)