පළමු වසරට සිසුන් ඇතුලත් කැර ගැනීමේ ජාතික උත්සවය හෝමාගම පන්නිපිටිය නියඳගල විද්‍යා කීර්තී ප්‍රාථමික විද්‍යාලයයේදී අද පැවැත්විණි
සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන ,අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධන යන මහත්වරු ප්‍රධාන ආරාධිතයෝ වුහ.
සිසුහු 110 දෙනකු පාසලට භාර ගනු ලැබුහ.
නව සිසු සිසුවියන් පිළිගනිමින් පාසලේ ඉහළ පන්තිවල සිසුහු අලංකාර රංගන කිහිපයක් ද ඉදිරිපත් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසල් යන අලුත් දුවලා පුතාලට සුබ පතනවා.(නදී)
ඇමතිවරු නැති උත්සවයක් එහෙම තිබුනොත් වාර්තා කරන්නකෝ අනේ. (දී)
මැතිවරණ කිට්ටු වෙනකොට අලුත් අලුත් වේදිකා හදාගන්න එපැයි. (දී)
පාසැල් ගමන අරඹන ළමුන්ට සුභ පතනවා.(නදී)
මට නම් මේ ප්‍රවෘත්තිය බලනකොට දුකයි. මගේ දුවට තාම පාසැලක් වත් හම්බ වුනේ නැහැ.(නදී)
ලුම්බිනිගේ කතාවට මමත් එකගයි (දී)
අනේ අපේ කාලේ නම් බුලත් අතක් අරන් ගිහින් ලොකු ගුරුතුමාට වැඳලා , පන්තියකට ගියා කියලනම් මතකයි , දැන් දැන් ඉතින් එක එක කෝලම් නොවෑ.. (දී)
මේ රටේ නිදහස් අධ්‍යාපනය දැන් දේශපාලන මඩ ගොහොරුවට ඇදල දාල බැනර්, පෝස්ටර්, කටවුට් වලින් තමයි ඇදගෙන යන්න හදන්නේ. ඉස්සර දේශපාලකයින්ව පාසලක පළාත හරියටකවත් විදුහල්පතිවරු වැද්දා ගත්තේ නෑ. එතුමන්ලා උතුම් වූ සද්භාවයෙන් සිසුන්ගේ මතු දියුණුව තකා සිය ධනය,හා කාලය යොදල තමයි රාජකාරිය කළේ. දැන් අධ්‍යාපන බලධාරීන් බහුතරයක් දේශපාලකයන්ගේ සුනඛ කුක්කෝ වෙලා. මේවා ගැන ඉතින් කොයි දෙවියන්ටද අපි කියන්නේ. (අ)