පෙම්වතුන්ගේ දිනය වෙනුවට දහම් මග යන තරුණ තරුණියන් පිරිසක් බිහි කිරීමේ අරමුණ ඇතිව මහමෙව්නාව භාවනා අසපුව සංවිධානය කළ ‘යොවුන් දහම් සක්මන‘ ආගමික වැඩසටහන කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
දහස් සංඛ්‍යාත තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන් පැවැති වැඩසටහන මෙහෙයවනු ලැබුවේ මහමෙව්නා අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසිනි.
ඡායාරූප - මහාමේඝ මාධ්‍ය ජාලය අනුග්‍රහයෙනි












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිල්මිණි වගේ ලාමක අදහස් ඉදිරිපත් කරන අයට කියන්නේ අනාගතේ දවසක ළමයි හදලා එයාලා නොමග ගියාම සමාජයට වැරදි කියන්නේ නැතිව ඔයාලටම දොස් කියා ගන්න. පින් සිද්ධ වෙයි. මෙතන මෝඩ අදහස් දාන්නේ නැතිව වෙන වැඩක් කරගන්න (බ)
ගොඩක් හොඳ වැඩක් (බ)
මම පිටරටක වැඩකරන කෙනෙක්. මව්වරුන්ගේ දිනයේ දී මගෙන් මෙහෙ ඉන්න යාලුවෝ ඇහුව ඇයි මම අම්මට තෑග්ගක් යවන්නේ නැත්තේ කියල අවරුද්දකට සැරයක් එන මෙහෙම දවසක. මම කිව්වා ඔයගොල්ලන්ට අවුරුද්දට මව්වරුන්ගේ දිනය තියෙන්නේ එකයි උනාට අපිට හැමදාම මව්වරුන්ගේ දිනයේ කියල. අපිට අම්මට තාත්තට සලකන්න වෙනම දවස් ඕන නෑ කියල. (කෞ)
සාධු සාධු සාධු!!! (නි)
සරු දේ සරු වශයෙනුත් නිසරු දේ නිසරු වශයෙනුත් දකින්න.වැලන්ටයින් එක ප්‍රෙමා්ට් කරාට අපිට කමක් නෑ, හැබැයි එය අපේ රටේ හොඳකටනම් හිට්ටේ නෑ. වාර්තා කියවල බලන්න (කෞ)
වැලන්ටයින් දවසට සිල් ගන්න වෙසක් දවසට ජෝඩු දාල තොරණ සහ භූත ගුහාව බලන්න යන හැමදේම පටලවා ගත් මිනිස්සු ඉන්නේ. වැලන්ටයින් දිනය තිබෙන්නේ ආදරය කරන්න. සුළු මුදලකට මලක් මිලදීගෙන බිරිඳට හෝ පෙම්වතියට තිළිණ කළාට, තමන් වෙහෙස වී කාඩ්පතක් සකසා සැමියාට හෝ පෙම්වතාට තිළිණ කළාට, හාද්දක් දුන්නාට අපායේ යයි කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ. එදාට තරුණයන්ට එළිමහනේ උයන් වල ආදරේ කරන්න ඉඩ නොදී ඒ අයව අඳුරු කාමර වලට ගාල්කරන්නේ දුරදිග නොහිතන වැඩිහිටියෝම තමයි. තරුණ වයසේ ආදරේ වින්ඳේ නැතිවුණාම තමයි පසුව වැඩිහිටි වයසේදී ගැහැණු ළමයෙකුට බස් එකේවත් පාඩුවේ යන්න ඉඩ නොදෙන වැඩිහිටියෝ බවට පත්වෙන්නේ. (ර)
සුමනපාල, මෙයින් අදහස් කරන්නේ ආදරය වැරදයි කියන එක නෙමෙයි, ආදරයේදීත් හැසිරිය යුතු ගුණධර්ම හා සාරධර්ම ගැනයි. ෆේස් බුක්, වයිබර් වගේ සිල්ලර ආදරය රජ කරන කාලෙක. තමන්ගේ ආත්මගෞරවය රැකගෙන ඉදිරියට යන්නේ කොහොමද කියන ආකාරයයි. පුවත් පත් වල ඇති මංගල යෝජනා තීරය සහ ගෙදරට නාකි වෙන තරුණ කන්න්තාවන් දෙස බලනවානම් එක වැලන්ටයින් එක නොසමරිම හේතුවක් නොවෙයි. සමහරවිටවැලන්ටයින් එක සමරපු එකේ ප්‍රතිපලයක් වියහැකියි. (ර)
හුඟක් වටිනවා. සංසාර ගමනේ දුක අවබෝධ කරගෙන, ඒ දුකෙන් අත්මිදෙන මඟ හොයාගෙන යන ඔයාලා හැමෝටම ඒ ගමන සාර්ථකව නිමා කරගන්න ලැබේවා! (නි)
අපි හැමදේම පටලව ගෙනද (අ)
ඉතාම හොද වැඩක්. (ර)
මේ වැඩසටහනේ විඩියෝ එකක් පෝස්ට් කරන්න පිං (අ)
උතුම් වැඩක් (නි)
සිල් ගන්න පෝය දවසක්ම තෝරාගන්න පුරුදුවෙලා ඉන්න එක තමයි මෙතන මෙච්චර කතා ගොඩක් කියන්න හේතුවෙලා තියෙන්නේ. නිදහසක් නැති ජීවිතයේ අඩුම තරමේ පෝය දවසේවත් සිල් ගන්න පුරුදුවෙන්න ඕනෑ නිසයි පෝය දවසේ සිල් රකින්න ශීල වැඩසටහන් පන්සල් වලින් තියන්නේ. ගිහි ජීවිතයක් ගතකළත් හරියට ධර්මය අවබෝධ කරගත් කෙනා හැමදාම සිල්රකින්න උත්සාහ කරනවා සහ සිල්රකින එකට දවසක් වෙන්කරගෙන ඉන්නේ නැහැ. ඒ වගේම වැලන්ටයින් දවස කියා නම් කර තිබෙන දවසේ, තම තමන් කැමති පරිදි තමන්ගේ දවස ගතකළ හැකි අතර කරන සහ කරන්න යෙදුනු අර්ථවත් ක්‍රියාවලට ගැරහීමෙන් වළකින ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා. (නි)
ආදරය කරන්න එක දවසක් මොකටද කියන අයගෙන් අහන්නේ. එහෙනම් මොකටද සිල් ගන්නත් පෝය දවසක්? ඕනෑ දවසක පුළුවන්නේ. ඇයි අලුත් අවුරුදු දවසක්? මිනිස් ශිෂ්ටාචාරය ගොඩනැඟී ඇති පදනම් නොදන්නා අය ගැන අනුකම්පා කරනවා මිස මොනවා කරන්නද? (නි)
සිල් ගන්න ඕනෑ වෙසක් දවසට ජෝඩු දාලා තොරණ සහ භූත ගුහාව බලන්න යන හැමදේම පටලවාගත් මිනිස්සු අපේ රටේ ඉන්නේ. ඔන්න ඒ අයගේ අවබෝධය. (නි)
මේ කරන්න යෙදුනා වූ උතුම් කටයුත්ත අගයන්නෙමි. (නි)
නිති සිල් රකින්නට..... විදසුන් වඩන්නට පෙලඹුවේ අප සැවොම... ඔබයි සමිඳානණේ ..... පොළොවෙ ගල් කැට අතර.... දිලිසෙන මැණික් සේ මිසදිටු ලොවක් තුල... අපට සක්විතිය ඔබ.....(බ)
අපේ තරුණ තරුණියන්ව ධර්ම මාර්ගයේ ගමන් කරවන්න ගත් මේ උත්සහයට ඔබවහන්සේට පින් සිදුවේවා! (නි)
හොඳ වැඩක් (බ)
එක හරි වලන්ටින් දවස තියෙන්නේ සිල් ගන්නද ආදරේ කරන්න දවසක් නෑ එතකොට. (ර)
අපේ ගමේ පන්සලේ දායක සබාවේ ඉන්නේ අවු . 75 ට වැඩි උපාසක මහතුන්. ඔව්න් තරුණයන්ට පන්සලේ කිසිම වගකීමක් භාර දෙන්නෙත් නැහැ. ඔවුන් වැඩක් කරන්නෙත් නැහැ. (බ)
සුරංග, පිටරටින් ආවේ මනස්ගාත විකාර කියලා කියන්න එපා. බුද්ධාගම ආවෙත් පිටරටින්. ඒ කිව්වේ ඉන්දියාවෙන්. ඒ වුණාට බුද්ධාගමේ වටිනාකම අඩුවෙන්නේ නැහැනේ. බුදු හාමුදුරුවෝ දේශන කරලා තිබෙන්නේ වැරදියට දහම අල්ලගත්තොත් සර්පයෙක් බඳෙන් අල්ලගත්තා වගේ කියලා. වැලන්ටයින් දිනයත් එහෙමයි. ඒක හරියට අල්ලාගන්නේ නැතුව නිෂ්ඵල දේ කළාට කිව්වට වැඩක් වෙන්නේ නැහැ. (නි)
සාධු සාධු සාධු!!! නමෝ බුද්ධාය ..! මහමෙව්නාවෙන් කෙරෙන සේවය මිලකළ නොහැකියි. මේ වැනි දහම් වැඩසටහන් තව තවත් පැවැත්වීමට අතිපූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ශක්තිය ධෛර්ය ලැබේවා! මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා! තෙරුවන් සරණයි! (නි)
නිල්මිණි, ඇත්තටම ඔය නොදන්නවා වුණාට ශීලය කියන දේ වසරේ එක දවසක් නෙමෙයි, මාසේ එක දවසකවත් නොවේ, තථාගතයන් වහන්සේ දේශනා කළ ආකාරයට සැම තත්පරයකම සිල් ආරක්ෂාවීම කළයුතු වේ (නි)
අංජනමක් බැලුවනම් හොයාගන්න තිබුණා ලබන අවුරුද්දේ ආදරවන්තයන් කි දෙනෙක් මේ වැඩේට එවි ද කියලා. (ර)
තෙරුවන් සරණයි දු දරුවණේ පැමිණි නුබ සියල්ලන්ටත් නුබලගේ දෙමවූපියන්ටත්. (ර)
පෙබරවාරි 14 බෞද්ධයන්ට විශේෂ දවසක් නොවේ, එයට නැති ආගමික වටිනාකමක් දිය යුතුද නැත. සාමාන්‍ය දිනයක් මෙන් ගත කරන්න. (ම)
වැලන්ටයින් දවසට සිල් ගන්නවා. පෝයට ආදරය කරනවා. ඔක්කොම පටලවනවා. (ර)
හරියට හරි නිල්මිණි, අන්න ඒ නිසා තමයි මොකද්ද සබැ ආදරය මොකද්ද සබැ ප්‍රේමය කියන්නේ කියල මේ කල්යන මිත්‍රයන් වහන්සේලා කියල දෙන්නේ, එ්කට වඩාත්ම තාරුණ්‍යයට වදින දවසක් තියෙනවනම් එක්කෝ වැලන්ටයින් දවස, නැත්නම් පෙම්වතා හෝ පෙම්වති අත හැර ගිය අවස්ථාවක, නැතිවුන අවස්ථාවක, ආදරය වෙනුවෙන් විශේෂයෙන්ම දවසක් යොදාගත්තා නිසා තමයි අද තාරුණ්‍යය ආදරය ප්‍රේමය කියන්නේ මොකද්ද කියල දන්නේ නැත්තේ, බුද්ධි මතුන්ට මෙය බොහොම පහසුවෙන් තේරුම් ගැනීමට හැකි උනාට තම තමන්ගේ දෘෂ්ටි තුලින් බලන්නවුන්ට මෙය හාස්‍යයට, තරහවට තුඩු දෙන්නක් විය හැක, තාරුණ්‍යයට සබැ අරුත කියා දෙන ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ බුද්ධ පුත්‍රයන් වහන්සේලාට මගේ නමස්කාරය වේවා...(බ)
ලෝකයට ආදරය අත්‍යවශ්‍ය නම්, ආදරය නිසාවෙන්ම ලෝසත සුඛිත මුදිත වන්නේ නම්, වසරේ එකම එක දිනයක් පමණක් ඒ වෙනුවෙන් වෙන්කිරීම ප්‍රමාණවත්ද? නැත සබඳ... සැම ඇසිල්ලක් පාසාම ලෝකයට ආදරය ගලා ආ යුතුය. එහෙත් ඒ අධික මුදලකට රතු රෝස මල් රැගෙන නම් නොවේ...! (නි)
ඉතාමත් හොඳ වැඩක්. (ර)
මේ වගේ හොඳ දේවල් වලට අය් මිනුස්සු කොමෙන්ට් දාන්නේ නැත්තේ, මේක කොච්චර හොඳ වැඩක්ද, මේ ස්වාමින් වහන්සේගේ වටිනා උපදෙස් ,භන මගේ ජීවිතෙත් සැහෙන වෙනස් කරා. ඔබ වහන්සේ නිවන් දකිත්වා.! (ර)
ලංකාව පුරා මේ වගේ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවානම් මොන තරම් ලස්සනද. (ර)
සම හරක් දාපු ප්‍රතිචා කියෙව් වාම ඇත්තටම දැනෙන්නේ පුඳුම අනුකම්පාවක්... මෙතන වැඩසටහනේ අරමුණ වුණේ ආදරය කරන්න එපා කියන එක නෙමෙයි. ආදරයේ නාමයෙන් වල වැදී සිටින තරුණ පරපුරට අර්ථවත් දෙයක් ලබා දෙන්න. වැඩසටහන මොකක්ද කියල බලන්නේ නැතුව බොරුවට ප්‍රතාචාර දාල පව් පුරවා ගන්න එපා කියල අනුකම්පාවෙන් මතක් කර දෙමි.. බුදු දහම පිරිහෙමින් පවතින යුගයක මෙවැනි වැඩසටහන් මගින් තරුණ පිරිස ඒ කරා නැඹුරු කරා ගැනීමට ලොකු ස්වාමින් වහන්සේගේ ගත් උත්සාහයට උන්වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝදයට හේතු වේවා..!!! දීඝායු වේවා..!!! තව තවක් මෙවැනි දේ සමාජයට ලබා දීමට ශක්තිය ලැබේව... සාදු.. සාදු... සාදු...(අ)
නමෝ බුද්ධාය ..!සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ලොවදසත පැතිරීයේවා..!ශ්‍රී සද්ධර්මයේ ආලෝකයෙන් මෝහාන්දකාරය පහවීයේවා..! සියලුම ජන හදවත් තුල රැව්පිළිරැව්දේවා..! සියලුම දෙනා ලොව සුවපත්වේවා..!රටක ජාතියක ජීවනාළිය බඳු තරුණ කැළ මේ ආකාරයෙන් ධර්ම මාර්ගයට යොමුකරවීම මොනතරම් ජාතික,ආගමිකවශයෙන් අනූපමේය සේවයක්ද...! අවබෝධයෙන් තුණුරුවන් සරණ ගොස් ධර්ම මාර්ගයට පිළිපන් කෙනෙක් රුපියල් කෝටියක් දුන්නත් මිත්‍යාදෘෂ්ඨියට යොමුකළ ( වෙනත් ආගම්වලට හැරවීමාදි) නොහැකිවේ,නොමගට යොමුකරවීම නොකළ හැකිවේ,කවුරු මොනවා කීවත් ඔහු ධර්මයට අනුව සෑම දෙයක්ම හොද නරක තේරුම් ගනී,තමන් ගමන් කරන ධර්ම මාර්ගයට අහිතකර දෙයක් නොකිරිමට නිරතුරුවම උත්සුකවේ.තමන්ටත් සමාජයටත් අයහපතක් වන සෑමදෙයින්ම වලකී.නිරතුරුවම ඔහුගෙන් සිදුවන්නේ තමාට,රටට,ජාතියට,ආගමට යහපතක්මයි.ඔහුට පාට,පක්ෂ ආදි බොහෝ දේ මුල් කරගෙන ජන්ද,ද්වේෂ,භය,මෝහ කියන සතර අගතියෙන් මිදී වාසය කරයි.පවතින රජයට,පාලකයන්ට හෝ පැවති රජයට,පාලකයන්ට හෝ පවතින සමාජ ආර්ථික දේශපාන රටාවන්ට අභියෝග කරනවා වෙනුවට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් සෑම දෙයක්ම යථාපරිදී දැකීමට උත්සාහ ගනී.නිරතුරුවම ඔහු සියලුදෙනාගේ යහපතම දකී.ගැටිය යුතුතැන නොගැටී සිටීමට ඔහු දක්ෂවේ.මොහු ක්‍රමක් ක්‍රමයෙන් යමෙකුට නොසෙල්විය හැකි ආකාරයෙන් ශක්තිමත්වේ.ඔහු තම ප්‍රානය ගියත් තමන්ට හෝ අයහපතක් වන දෙයක් සිතින් කයින් ,වචනයෙන් සිදුනොකරයි ශීල ,සමාධි ,ප්‍රඳා වඩවා ගනී.අප්‍රමාදීව වාසය කරන,ක්‍රියා කරන ඔහු අන් අයද ඒ සඳහා යොමු කරවයි.මේ සදහා ලාංකීය ජන සමාජය පෙලගැස්වීමෙහිලා ප්‍රසිද්ධියේ මෙන්ම අප්‍රසිද්ධියේ ඉතාමත් අනූපමේය සේවයන් සිදුකරන කළ්‍යාණ මිත්‍ර උතුමන්වහන්සේලා අතර වු සම්බුදු සසුනඹරට බබලවන දීප්තිමත් තාරකාවක් වන් අතිපූජණීය කිරිබත්ගොඩ ඥානානන්ද පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ හදපිරි ගෞරව ප්‍රනාමය වේවා ..! (බ)
වැලන්ටයින් දවස තියෙන්නේ භාවනා කරන්නත් නොවෙයි . (ර)
නිල්මිණි , වැඩක් නැත්නම් තම මානසිකත්වය ප්‍රදර්ශනය නොකර කට පියාගෙන හිටියා නම් නේද හොඳ? ඒ සමඟම වැලන්ටයින් දවසට හෝටල් කාමර කීයක් පිරුනාද? මත්පැන් සහ මත්ද්‍රව්‍ය කොපමණ අළෙවි වුණාද? නිකරුනේ කොපමණ මුදලක් තරුණ දුපුතුන් වියදම් කළාද? ගැහැණු ළමයින් කී දෙනෙක් පාරට වැටුනද කියලාත් හොයලා බැලුවා නම් නේද හොඳ? (නි)
වැලන්ටයින් දවස කියන්නේ ක්‍රිස්තියානි සංකල්පයක්. එදාට බොදුනුවන් විශේෂ කිසිවක් කලයුතු නැහැ. මෙහෙම ගියොත් අනාගතේ නිවුස් වල තියේවි ..."බෞද්ඩයෝ ආගමික වතාවත් වල යෙදෙමින් වැලන්ටයින් දිනය සැමරුහ....." කියල (අ)
මුලාවී වල්මත් ව දුවමින් සිටියෙමු..... ගෙවමින් නිකරුණේ ඒ සොඳුරු තාරුණ්‍යය..... වැටහුණ දා ලොවේ අනියත බව....... ඇසුණ දා ඒ සම්බුදු බණ පද...... ලැබුණ දා ඒ කළණ මිතුරු ඇසුර....... පෙනුන දා මැවී මැවී චිත්ත රූපයක්..... දෙතිස් මහා පුරුෂ ලකුණින්...... ශෝභමාන වු ඒ සම්බුදු හිමි රුව...... කුමට නම් පමා වන්න ද..... කුමට නම් රැවටියන්ට ද...... මිරිඟුවක්ම ය, මායාවක් ම ය නිසැකව ම මේ දිවිය... ආදරය වෙනුවෙන් දියහැකි උතුම් ම දෙයනම් තිසරණය කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකීරිම යි...! (බ)
මෙවෙනි දහම් වැඩසටහන් තව තවත් පවත් වීමට පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ශක්තිය ධෛර්ය ලැබේවා ...මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා ....තෙරුවන් සරණයි ..... (කෞ)
සියලු දෙනා බිම වාඩි වෙලා ධර්මය ශ්‍රවනය කළා නම් තමයි හොඳ කියලා මම හිතන්නේ. (බ)
මහමෙව්නාවෙන් කෙරෙන සේවය මිලකල නොහැකියි. මේ වැඩ සටහන දැක බලාගන අදහස් දැක්වුවානම් වටිනවා. තෙරුවන් සරණයි!(අ)
නිල්මිණි ඔයාට සමාජය ගැන ඉගන ගන්න තව බොහොදේ තියෙනවා. ආදරය කරන අයට එක දවසක් තිබුනම ඇතිද ආදරය කරන්න. පිටරටින් ආව පලියට හැම දේම බදාගන්න එපා. මේවා බිස්නස් කාරයන්ගේ ප්‍රචාර. දිලිප් නම් ආදරය කරන්නේ එදාට විතරයි වගේ. ආදරය කියන්නේ බොහොම නිර්මල දෙයක්. ඒක අපි හැමෝටම පොදුයි. මේ වගේ දේවල් හින්ද තමයි පිටරටවල් වල වැඩිහිටි නිවාස හතු වගේ පිපෙන්නේ. ඇයි අම්මට සලකන්න ඕනේ එකදවසයි. තාත්තට එකදවසයි. ඉතුරුටික වයසක නිවසේ! දැන්වත් ඇස ඇරලා සමාජය දිහා බලන්න. (අ)
මේකේ අදහස් දැක්කම සමහරක් අයගෙන් අහන්න හිතෙනවා ඇත්තටම දැනගෙනද මේ දවස සමරන්නේ කියල. හරි නම් එදාට මෙහෙම පින්කමක් තමයි කරන්න ඕනේ. වැලන්ටයින් පියතුමා වෙනුවෙන් . ඔයාලගේ අම්ම තාත්ත මැරුණු දිනයටත් ඔයගොල්ලෝ මෙහෙම සතුටු වෙනවද? අවංක පෙම්වතුන් නම් ඔහුට මෙහෙම පින්කමක් කරලා පින් දිය යුතුයි කියන එකයි මගේ හැගීම. (බ)
තාරුණ්‍යය...තරුණ ජීවිත හැබෑවටම තරුණ විය යුතුය. ජීවිතය දෙස යථාවබෝධයෙන් බලා තරුණකමින් ප්‍රයෝජන ගත යුතුය. ලෞකික ජීවිතයේ ප්‍රීතිවන්ත බව පිණිස නුවණින් විමසා කටයුතු කරමින් නිසි අධ්‍යාපනයක් ලැබීමත් ධාර්මිකව ධනයක් සොයා ගැනීමටත් උත්සුක වීමත් යහපත්ය. මනා චිත්ත සංයමයකින් කටයුතු කිරීමෙන් චරිතය නොමගට ඇදීයාමෙන් වළක්වා ගත හැකිය. කළ්‍යාණමිත්‍ර සේවනය ඉතා වැදගත් කරුණකි. බොහෝ දෙනාගේ චරිත සංවර්ධනයට හිත මිතුරු ආශ්‍රය බෙහෙවින් බලපායි. බුදු දහමින් උගන්වන අවවාදය “අත්ත දීපා විහරථ අත්ත සරණා අනඤ්ඤ සරණා” තමා තමාට පිහිටක් කරගන්න. තමාට මෙන්ම අන්‍යයන්ටත් පිහිටක් වෙන්න. දහමට ළංවුනොත් තාරුණ්‍ය හරිම අගෙයි. (බ)
අඳුරු දිවියට සොඳුරු පණිවිඩයක්....ආදරය හා මෛත්‍රිය එකිනෙක පටළවා නොගත යුතුය. ආදරය නිතරම යමක් නැවත බලාපොරොත්තු වෙයි. ජීවිතයට වඩා ආදරය කරනවා යැයි පවසන අය, තමන් බලාපොරොත්තු වන ආදරය හෝ යමක් නොලැබෙන විට වෛරයක් හෝ තරහවක් බවට පත්කර ගන්නේ මේ නිසාය. මෛත්‍රිය, ආදරය මෙන් කිසිවක් නැවත බලාපොරොත්තු නොවෙයි. තමන්ට අහිතවත් අයට පවා මෛත්‍රිය කළ හැකි වන්නේ එබැවිනි. මෛත්‍රිය පිටුපස රාගය, ආශාව,තරහව, වෛරය, අමනාපය, ගමන් කරන්නේ නැත. මෛත්‍රිය ඒ තරමටම පාරිශුද්ධයි. උතුම්ය. හිතේ දුකට නොහඬා ක්‍රම ක්‍රමයෙන් මෛත්‍රිය පුරුදු කරන්න. සිත දුක් බරින් නිදහස් වේවි. ඒ සිත සුවපත්ය. සන්සුන්ය. (බ)
සත්‍ය වශයෙන්ම යමෙක් තවෙකුට ආදරේ කරයි නම් ඒ ආදරය සැමරීම උදෙසා දිනයක් වෙන්කිරීම බුද්ධිමතුන්ටනම් විහිළුවකි, මන්ද සත්‍ය වශයෙන්ම ආදරය කරන්නෙකු තමාගේ අවසන් මොහොත දක්වා නිරන්තරයෙන්ම තම ආදරවන්තයින් වෙනුවෙන් වෙහෙසෙන බැවිනි, මගේ දැනුමට අනුව නම් මෙම ක්‍රියාව සත්පුරුෂ ක්‍රියාවකි, මන්ද යත් ආදරය, කැපකිරීම් යනු කුමක්ද වත් නොදන්නා වත්මන් පරපුරට (බාල, මහලු සැමට ) සත්‍යවශයෙන්ම ඒ දේවල් වල අර්ථය පෙන්වා දෙන ඒ දේවල්වල වටිනාකම පෙන්වාදෙන , ඒ දේවල් තුලින් අපගේ ජීවිතය සාර්ථකව ගතකරන ආකාරය පෙන්වා දෙන මහත් වූ සත්පුරුෂ වූ කල්‍යාණ වූ මිතුරන් පමණක් කියා දෙන්න වූ දෙයකි, සමහරුන් පවසන විදියට "සුළු මුදලකට මලක් මිලදීගෙන බිරිඳට හෝ පෙම්වතියට තිළිණ කරන , තමන් වෙහෙස වී කාඩ්පතක් සකසා සැමියාට හෝ පෙම්වතාට තිළිණ කරන, හාද්දක් තිළිණ කරන" ආදරයට වඩා වචනයකින් හෝ බිරිඳට හෝ පෙම්වතිය සුමගට නිවැරදි මගට යොමුකරන, තම ජීවිතය බිරිඳට හෝ පෙම්වතියට , ස්වාමියට, පෙම්වතාට යහපත පිණිසම යොමුකරන ආකාරය කියා දීම අගනේ නේද? ඇත්තටම මටනම් හරිම පුදුමයි මේ මිනිස්සුන් හිතන ආකාරය ? කවද නම් ගොඩ එන්නද? (බ)
ලන්කාවෙ ඉන්න සමහර මිනිස්සු කිසිම දේක හොදක් දකින්නෙ නෑ.. (ම)
ගිනිගත් සිත් සතන් නිවා සනසා පින් සිතින් බවුන් වඩනට තාරුණ්‍යයට තහනම්ද?.... සුන්දර දිවියක් ධර්මානුකූලව ගොඩ නැගුමට තාරුණ්‍යයට තහනම්ද?.... හද රැඳුන ස්නේහයට මිතුරනේ මම නුඹට කියන්නෙම් දහම් පද දරාගත යුතු බවට කළණ මිතුරන් ඇසුර නිරතුරුව ලබාගෙන ඇල්ම දුරු කළ යුතුයි සසර දුක සදාලන... (නි)
නිල්මිණි, වෙසක් දවසටත් පින් අතේ වැඩ නොකොට ජෝඩු දාලා තෝරන් බලන්න යන යුගයක් උදාවුණේ, ඒ වගේම ඔයා වගේ හිතන පරම්පරාවක් බිහිවුණේ ඔය වගේ පිටරටින් ආ මනස්ගාත විකාර අපේ සමාජයට බෝකරගත් හින්දා. (නි)
සාදු සාදු සාදු!!! අපේ පින්වත් ලොකුසුවමින්වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා (ම)
රජිත, ලෝකයට දහම අත්‍යවශ්‍ය නම්, දහම නිසාවෙන්ම ලෝසත සුඛිත මුදිත වන්නේ නම්, වසරේ එකම එක දිනයක් පමණක් සිල් ගැනීම ප්‍රමාණවත් ද? (ර)
සෑම්, පෙම් කිරීමෙන් කවුරුවත් පාරට වැටෙන්නේ නැහැ. ප්‍රේමය කුමක්දැයි නොදැනීම නිසයි ඔවුන් පාරට වැටෙන්නේ. (ර)
බුදුරජානන් වහන්සේගේ දේශනාවල මම අහලා තියනවා මනුශ්ය ජීවිතයක් ලබලා උපදින අපි මිය ගියාම නිය පිටට ගත් පස් ප්‍රමනයක පිරිසක් සුගති ගාමී වන බවයි. ඉතිරි පස ලෝකයේ කෙතරම් වේද ඒ සා ප්‍රමානයක් දුගති ගාමී වේ. (ර)
සියළු දෙනාටම බුදු සරණයි. (නි)
දුර්ලභ මිනිස් ජීවිතය වෙත සදාකාලික ආලෝකයක් උදාකර දිය හැක්කේ පරම දුර්ලභ වූ බුදුසසුනට පමණි. (නි)
කාලය ගැලපෙන හොද දෙයක්. (ර)
මෙම ක්‍රියාවට මගේ අකමැත්තක් නැති උනත් මෙහි අදහස ආදරය වැනි දේවල් නොහොබිනා දේවල් ලෙස දැකීමද කියා පැනයක් නැගී. පුවත් පත් වල ඇති මංගල යෝජනා තීරය සහ ගෙදරට නාකි වෙන තරුණ කන්න්තාවන් දෙස බලූ විට කොහේ හෝ ලොකු ප්‍රශ්නයක් ඇති බව හැඟේ. (ර)
සමහර අදහස් දැක්කහම සමහරු හිතන්නේ කොහෙන්ද කියලා හිතෙනවා. එදාටවත් අයාලේ යන්න තිබුන ජීවිත ටිකක්හරි බේරාගත්තට සංවිධානය කළ හැමෝටම ගොඩාක් පිං.. (නි)
මිසදිටු බවින් පිරි.... කම් සැපයටම ලොල්.... පුහුදුන් ලෝකයේ.... පහළවිය ඔබ අපේ පිනටම.... දහම නොව අදහමත්... විනය නොව අවිනයත්... පවතින මෙලොව තුල....... පහළ විය ඔබ අපේ පිනටම... (නි)
සාදු සාදු සතුටි සිතින් අනුෙමා්දන් වෙමි. (ර)
අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ මේ පිංකම මම මහා ඉහළින් අගය කරමි. මේ පින් අනුමෝදන් වෙමි. මේ පිංකම ගැන සමහර අය හුඟක් වැරදි විදියට හිතන්නේ. මම ජීවත් වෙන්නේ ජපානයේ. මෙහෙත් දැනට අවුරුදු පහළොවක විතර ඉඳලා මේ දිනය සමරනවා. සම්පුර්ණයෙන්ම වෙළෙන්ඳන්ගේ ආදායම් මාර්ගයක් කරගෙන. ඒ මදිවට තවත් දිනයක් හදාගෙන තිබෙනවා වයිට් දිනය කියලා. මුලින් දවසේ කාන්තාව පිරිමියාට චොකලට් දෙනවා. දෙවන දවසේ පිරිමියා කාන්තාවට තෑගි දෙනවා. අනික තමයි මෙහෙ සම්ප්‍රදාය සියලුම ජෝඩු ලව් හොටෙල් බුක් කරලා එහෙ ටික වෙලාවක් ගතකරන එක. ඉතින් මේවා සම්පුර්ණයෙන්ම බිස්නස්. අන්න ඒ වගේ වෙනවා ලංකාවත් ළඟදීම. ඒ වගේ පුහු වැඩ නැතුව මෙවන් අර්ථවත් කටයුත්තක යෙදීම මොනතරම් වටිනවද? (නි)