IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පෙබරවාරියේ සිට සිරකරු වැටුප් ඉහළට

ලබන පෙබරවාරියේ සිට සිරකරුවන්ගේ වැටුප් වැඩි කිරීමට බන්ධනාගාරය සැරැසෙයි.

දිනකට රුපියලක් ලැබු සිරකරුවනට රුපියල් 60 ක් ද රුපියල් 1.50 ලැබු සිරකරුවන්ට රුපියල් 75 ක් ද රුපියල් 2.50 ගෙවු සිරකරුවනට රුපියල් සීයය බැගින් ද වැඩි වන බව බන්ධනාගාර  කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා කියයි.

මේසන් ,වඩු ,බේකරි ,මුද්‍රණ හා සබන්  නිපද වීම ඇතුළු  වෘත්තීන්හි කටයුතුවල නියැලෙන සිරකරුවනට වැටුප් ගෙවනුයේ  සිව් වැදෑරුම් වර්ගීකරණයක් යටතේය.

 

 



අදහස් (0)

පෙබරවාරියේ සිට සිරකරු වැටුප් ඉහළට

නලීන් Sunday, 05 January 2014 07:53 PM

මේකෙන් තේරෙන්නේ අපේ නීති රීති, අණපනත් කොච්චර පරණද කියල. දවසේ පඩිය රුපියලයි. (ත)

:       0       0

නාලක Monday, 06 January 2014 10:37 AM

සීයක් ගන්න මොනවද සුදුසුකන් තියෙන්න ඕනා.(නදී)

:       0       0

නාමල් Sunday, 05 January 2014 08:58 PM

කෑම බීම ඉඳුම් හිටුම් සමග පඩිත් දෙනවා. (ත)

:       0       0

සත්‍යයා Monday, 06 January 2014 11:06 AM

මේ පඩි විෂමතාවයෙන් හොඳටම පැහැදිලිවෙනවා මේ වෙනකම්ම පවත්වාගෙන ගිහිල්ල තියෙන්නේ සුද්දගේ කාලේ සිරකරුවන්ට ගෙවපු වැටුපයි කියලා. හිරගෙවල් පුරවන්න මෙතෙක් පැවති ආණ්ඩු සියල්ලම දක්ෂ උනාට මේ විෂමතාවය දකින්න මිනිහෙක් මොනම ආණ්ඩුවේ වත් ඉඳලා නැහැ.(නදී)

:       0       0

ඉන්දික Sunday, 05 January 2014 12:14 PM

වැඩක් අරගෙන නම් කීයක් හරි දුන්නට කමක් නැහැ. හැබැයි නිකං ඉන්න අයට දෙන්න ඕනේ නැහැ.(නදී)

:       0       0

සෙනරත් Sunday, 05 January 2014 12:49 PM

කාගේ හෝ කමක් නැහැ පදි වැඩි වෙනවානම් (දී)

:       0       0

සරණ Sunday, 05 January 2014 12:52 PM

ආණ්ඩුව සිරකරුවෙක් වෙනුවන් දිනකට කරන වියදම කීයක් විතර වෙනවද? කොහොම උනත් ඔවුන්ට යම් කර්මාන්තයක් පුහුණු කිරීම ඉතාමත් හොඳයි. අනිත් අතට, ඔවුන් ගෙන් රටේ ආර්ථිකයට යම් දායකත්වයක් ලැබෙනවා. වැටුපක් දීම පිළිබඳව විවිධ මත තියෙන්න පුලුවන්. දැහැමි විදියට ඉපැයීම පිළිබඳව ඉගෙන ගන්නත් පුලුවන්, එහෙම දෙයක් ගැන නොදන්න අයට. සිර කරුවෝ කියන්නේ අපේ සමාජයේම කොටසක්, ඒත් හිර කිරීම කියන සංකල්පය කොතරම් නිවැරදි ද, එයින් සමාජයට අපේක්ෂාකරන ප්‍රතිඵල ලැබෙනවද කියලා හිතන්න ඕන. (දී)

:       0       0

ජසන් Sunday, 05 January 2014 01:08 PM

ජොබ් එකක් නැත්නම් ඔන්න නියම තැන යන්ද. (දී)

:       0       0

මාර්ක් කුරේ Sunday, 05 January 2014 01:24 PM

හිරේ ඉන්නෙත් මිනිස්සු. අපි ඔවුන් ගැනත් සිතිය යුතුයි. (ත)

:       0       0

සම්පත් Sunday, 05 January 2014 01:32 PM

දැන්නම් හිරේට යන කට්ටිය වැඩි වෙයි. (ත)

:       0       0

නිමේෂ් Sunday, 05 January 2014 02:51 PM

එය ඉතා හොද වැටුප් වැඩි කිරීමකි (ත)

:       0       0

සමන් Sunday, 05 January 2014 03:53 PM

හැබැයි මේක නම් ගිනස් පොතට යන වැඩක් වගේ. සියයට හයදාහකින් (6000%) පඩි වැඩි වීමක් කියන්නේ සුළුපටු වැඩිවීමක්යැ. මිනිස්සු හිරේට යන්න පෝලිම් ගැහුනොත් ඒක ගැනත් පුදුම වෙන්න දෙයක් නෑ (ත)

:       0       0

අස්මිත් Sunday, 05 January 2014 03:54 PM

බොහොම ස්තුතියි (ත)

:       0       0

ශාන් Sunday, 05 January 2014 04:14 PM

කෑම බිම ඉඳුම් හිටුම් සියල්ලම නොමිලේ ලැබෙන නිසා මෙය හොඳ රැකියාවක්. ජීවිතාන්තය දක්වා හිරේ ගියත් වරදක් නැහැ. හිරේ මේ වගේ රැකියාවක් කරන්න තියනවා නම් (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 690 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site